සිරිසේනගේ පිස්සුව පරික්ෂා කිරීමට ඉල්ලා අධිකරණයට පෙත්සමක් බාර දෙයි Featured

Published in පුවත්
Monday, 10 December 2018 14:30

පුරවැසියන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් යුතුව මානසික රෝගී ආඥාපනත හරහා ජනාධිපති සිරිසේනගේ මානසික සෞඛ්‍ය මට්ටම යහපත්ද යන්න විමසා බැලීමට අවශ්‍ය කටයුතු සකස්කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

අද (10) අධිකරණය වෙත මෙම පැමිණිල්ල ගොනුකර සිටියේ සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් වන තක්ෂිලා ජයවර්ධනගේ දැනුම්දීම මත සිසිර කුමාර සිරිවර්ධන නීතිඥයා විසින් මෙම පෙත්සම ගොනුකර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තිය ප්‍රකාරව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත


අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරන ලෙස කිසියම් අයෙකුගේ සිහි බුද්ධිය අවුල්වීම මත සිවිල් පුරවැසියන්ට කරදරයක්වීමට හෝ ගෞරවයට හානියක් වීමට අවදානමක් ඇත්නම් ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමට අවස්ථාව ඇත. ඒ අනුව සැකකාර පුද්ගලයා ගැන විමර්ශනයක් කිරීම සඳහා ඒ සම්බන්ධව අධිකරණ බල ප්‍රදේශයේ දිසා විනිසුරුවරයා වෙත දන්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව තිබේ. එහිදී පොලිස් වාර්තාව සැළකිල්ලට ගෙන අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රතිකාර, පුනරුත්ථාපනයට යොමුකිරීමට අවශ්‍ය නියෝග නිකුත් කිරීමට විනිසුරුවරයාට හැකියාව ඇත. ඊට අදාළ ප්‍රතිපාදන යොදාගෙන මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එසේම වැඩිදුරටත් වාර්තා වන ආකාරයට සිරිසේන ජනාධිපතිගේ ලේ ඥාතියකු උමතු රෝගයකට ප්‍රතිකාර ගෙන තිබීම සහ ජනාධිපති සිරිසේනට ද ඒ අනුව නිධන්ගත උමතු රෝගයක් තිබීමේ හැකියාව, ඥාතියාගේ උමතු රෝගය පිළිබඳ ඒ බව චතුරිකා සිරිසේන ලියු බව කියන "ජනාධිපති තාත්තා" කෘතියේ ඇතුළත්ව තිබීම, ග්‍රාමීය සමාජ පසුබිමක් ඇති සිරිසේන ජනාධිපතිට පවතින දේශපාලන අර්බුදය හමුවේ ඊට මුහුණදීමට තරම් මානසික සුවතාවක් ඇතිද යන්න පිළිබඳ සැකය සහ ජනාධිපති සිරිසේනට මානසික රෝගයක් ඇති බවට ජනතාව අතර මතයක් පැවතීම, සිය ළඟම සහ බලපෑම් සහගත තනතුරක් වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් ගනුදෙනුවකදී අත්අඩංගුවට පත්වීම සහ ඒ සඳහා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මැදිහත්වූ බවට සැක කරමින් ඔහු සම්බන්ධව ඇතිව තිබෙන මානසික අසමතුලිතතාව රටේ දේශපාලන අස්ථාවරත්වයට මුලිකවී ඇති බවත් මෙම පෙත්සමේ අන්තර්ගතයට ඇතුළත්ව ඇත.

සැබැඳි පුවත්

https://www.lankadaily.com/latestnews/item/9978-2018-12-04-08-38-41

Last modified on Monday, 10 December 2018 14:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us