රටේ ආර්ථිකයට වන හානිය ගැන ජනාධිපති සිරිසේන ඇතුළු නායකයන් කල්පනාකාරි විය යුතුයි - ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති

Published in පුවත්
Monday, 10 December 2018 13:54

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලේනා බී ටෙප්ලිට්ස් මේ වන විට රටේ ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා. ඒ මහනුවර අමෙරිකානු කේන්ද්‍රයේ පැවති වැඩසටහනකට සහභාගී වූ අතරතුරේදීයි.

එහිදි තානාපතිවරිය කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගත හැකි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග මගින් බවයි. අමෙරිකානු රජය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවද ඇය පැවසුවා. මෙහිදි ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායන්ට ලරු කරමින් නීත්‍යානුකූල රජයක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කරතැයි තමන් විශ්වාස කරන අතර මේ වන විටත් මෙම අර්බුදය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ද සඳහන් කළා.

විශේෂයෙන්ම රුපියල අවප්‍රමාණය වීම හා සංචාරකයන් පැමිණෙන සමය වන දෙසැම්බර් මාසයේදී සංචාරක කර්මාන්තය ද අර්බුදයට ලක් වීම ශ්‍රී ලංකා ආර්ථිකයට එතරම් යහපත් නොවන බවත්, ඇතැම් ආයෝජකයන් හා වානිජ මණ්ඩල සාමාජිකයන් ද ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවේ ආයෝජනය කිරීමට අදිමදි කරන බවත් ඇය පැවසුවා.

ඒ හේතුවෙන් ජනාධිපති සිරිසේන ඇතුළු දේශපාලන නායකයන් මෙම කරුණු සම්බන්ධයෙන් කල්පනාකාරී වනු අතැයි අපේක්ෂා කරන බව ද ඇය කියා සිටියා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us