සිරිසේනට පිස්සු. ඔළුව පරික්ෂා කරන්න මනෝ වෛද්‍යවරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලයි Featured

Published in පුවත්
Tuesday, 04 December 2018 14:08

ජනාධිපති සිරිසේන පසුගිය මාස කිහිපය ඇතුලත කටයුතු කළ ආකාරය අනුව බැලු බැල්මටම යම් මානසික ව්‍යාධියකින් පෙලෙන බව මනෝ වෛද්‍යවරු ලෙස තමන්ට හැඟී යන බවත් ඔහු දරණ තනතුර අනුව එලෙස රෝගී තත්වයකින් පෙලෙන්නෙ නම් මහා විනාශයකට ඒ හේතු විය හැකි බැවිනුත් ඔහුගේ මානසිකත්වය පරික්ෂා කිරීම සඳහා අවසරයක ලබා දෙන ලෙස ඉල්ලමින් මනෝ වෛද්‍යවරු කණ්ඩායමක් එළඹෙන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.

මනෝ වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට මහාචාර්යවරයකුගේ මූලිකත්වයෙන් මේ වන විට මීට මෙම කටයුත්ත සැලසුම් කරමින් තිබේ. සිරිසේන කරන ප්‍රකාශයන් හා ඔහුගේ හැසිරීම අනුව ඔහුට වැලැඳී ඇතැයි සැලකෙන මානසික රෝග තත්වයන් කිහිපයක් මෙම වෛද්‍ය කණ්ඩායම හඳුනාගෙනද තිබේ. මේ සම්බන්ධයෙන්ද අධිකරණයට දැනුම් දිමට ඔවුන් අපේක්ෂා කරයි.

විධාකය ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතල අනුව ඔහු සේනාධිනායකයා මෙන්ම යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමේ හැකියාවක්ද පවතින නිසා ඔහුගේ යම් වැරදි සහගත නියෝගයක් නිසා ජාතික ආරක්ෂාව පවා අනතුරේ හෙලිමක් විය හැකි බව මෙම වෛද්‍ය කණ්ඩායම පෙන්වා දෙයි. මේ වන විට රටේ ආණ්ඩුවක් නොමැති අතර සියලු බලතල ජනාධිපතිවරයාට පැවැරී ඇති වට පිටාවක තත්වය තවත් දරුණු විය හැකි බවත් ඔවුන් පෙනවා දෙයි.

මේ සම්බන්ධයෙන් මෙරට සහ විදේශීය මාධ්‍ය දැනුම්වත් කිරීම සඳා මාධ්‍ය හමුවක්ද ඔවුන් නුදුරේම පැවැත්වීමට සැලසුම් කර තිබේ

පවතින දේශපාලන අර්බුධය සිරිසේන විසින් නිර්මාණය කරමින් එය නීති විරෝධී තත්වයන් සහ සදාචාරත්මක නොවන ලෙස දිගින් දිගටම පවත්වාගෙන යෑම සිදුකරමින් තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us