අර්බුධය හැදුවේ මම නෙවෙයි. ප්‍රධාන පක්ෂ දෙකයි, මාධ්‍යයයි.. සිරිසේන වානිජ්‍ය මණ්ඩල ප්‍රධානින්ට කියයි

Published in පුවත්
Tuesday, 04 December 2018 14:23

මෙරට පුද්ගලික අංශය නියෝජනය කරන වානිජ මණ්ඩල ප්‍රධානින් පිරිසක් ඊයේ (03) ජනාධිපති සිරිසේන හමු වී තිබෙනවා. එහිදි වර්තමාන දේශපාලන අර්බුදය තූළ වැඩෙක බරපතල සමාජ හා ආර්ථික බලපෑම පිළිබඳව ඔවුන් සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කර තිබුණා.

විනාඩි 45ට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවට ලංකා වානිජ මණ්ඩලය (CCC), කර්මාන්ත හා වානිජ මණ්ඩල සම්මේලනය (FCCISL), ජාතික වානිජ මණ්ඩලය (NCC),ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (NCC), හා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය (NCE) සහ කාන්තා වානිජ හා කර්මාන්ත මණ්ඩලය ( WCCI ) යන ආයතනවල ප්‍රධානින් එක්ව සිටියා.

මෙහිදි පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ක්ෂේත්‍රවල ඇති වූ අර්බුද සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරමින් ප්‍රකාශයක් ජනාධිපතිවරයා ඉදිරියේ කියවනු ලැබුවා. එම ප්‍රකාශයට සාවධානව ඇහුම්කන් දුන් සිරිසේන ජනාධිපතිවරයා මෑත කාලීනව ඔහු සිදු කළ සියලු ක්‍රියාවන් සාධාරණීකරණය කරමින් එයට ප්‍රතිචාර දක්වනු ලැබුවා. එහිදි සිරිසේන ජනාධිපතිවරයා කියා සිටියේ තමා සිදු කළ සියලු ක්‍රියාවන් “ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බවයි. නමුත් ප්‍රධාන පක්ෂ දෙක හා ජනමාධ්‍ය විසින් එය අර්බුදයක් කරා ගෙන ගිය බව පවසමින් ඔහු දෝෂාරෝපණය කර තිබුණා.

පෞද්ගලික අංශය නියෝජනය කරන ප්‍රධානින් ජනාධිපතිවරයාට මෙහිදි කියා සිටියේ මෙම දේශපාලන හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අර්බුදය සහ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරුන්ගේ නොමනා හැසිරීම ජාත්‍යන්තර සිදුවීම් සමඟ බලන විට ශ්‍රී ලංකාවට පමණක් අනන්‍ය දෙයක් නොවන බවයි.

දේශපාලන අර්බුදය ඇරඹී දින තුනක් ඉක්මවූ පසු මෙම පුද්ගලික අංශයේ ආයතන ප්‍රධානින් විසින් ඔක්තෝබර් 29 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ වත්මන් දේශපාලන අවිනිශ්චිත තත්වය ශ්‍රී ලංකාවට අහිතකර ප්‍රතිඵල රැසක් උදා කර දී ඇති බවයි. මේ නිසා හැකි ඉක්මනින් ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවා මේ තත්වය සමනය කරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ සඳහන් කර තිබුණා. පුරවැසියාගේ ජිවිත හා දේපළ කෙරෙහි බලපාන අවදානම් සහගත තත්වයන් වළකාලමින් රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට සහාය වන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා. රටේ සියලු පාර්ශ්වයන් ජාතික ආර්ථීකයේ යහපත හා සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ බව එහිදි අවධාරණය කර තිබුණා.


තවදුරටත් උග්‍ර වෙමින් පවතින දේශපාලන අර්බුදය හමුවේ පසුගිය නොවැම්බර් 15 වැනිදා තවත් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කර තිබුණා.

“ විධායකය සහ ජනතා පරමාධිපත්‍ය බලයෙන් පත් වූ නියෝජිතයන්ගේ වගකීම වන්නේ තීන්දු තීරණ ගැනීමේදී නීතියේ ආධිපත්‍යය නිසි පරිදි ක්‍රියාවට නැංවීම බව අපගේ අදහසයි. පසුගිය සති කිහිපයේදී සිදු වූ සිදුවීම් ශ්‍රී ලංකාවේ තත්වය සම්පූර්ණයෙන්ම අස්ථාවර කිරීමට හේතු වූ අතර එය සරලව ගත හැකි කරුණක් නොවන බව කිව යුතුය. මෙය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථීක ගමන්මඟ කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කර ඇති අතර එය රටේ සංවර්ධනය අඩාල කරන බවට සැකයක් නොමැත. මේ වන විට ශ්‍රී ලංකාවේ පරිපාලන කටයුතු සියල්ල අකර්මන්‍ය වී ඇති අතර සියලු රාජ්‍ය කටයුතු ක්‍රියාවට නැංවීමේ අපහසුතාවයක් පැන නැගී තිබේ. එහි අවසන් ගොදුර බවට පත්ව ඇත්තේ මේ රටේ ජනතාවයි.

අප මෑතකදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ කිසිසේත් අනුමත කළ නොහැකි අශිලාචාර හැසිරීමක් දුටුවෙමු. එහිදි ඇතැම් මහජන නියෝජිතයන්ගේ හැසිරීම හේතුවෙන් රටක් ලෙස අප අපකීර්තියට පත් වූයෙමු. අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ජාතික ආර්ථිකයට ඉහළම ප්‍රමුඛත්වයක් ලබා දෙන ලෙස හා රටේ ආර්ථික හා සමාජයීය බිඳ වැටීමකට තුඩු දෙන ආකාරයේ කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන ලෙසයි. එහිදි ඉතා ඉක්මන් හා සංවේදි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අප ඉල්ලා සිටිමු. “

image 1

Last modified on Tuesday, 04 December 2018 14:24

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us