ශ්‍රී ලංකාව යළිත් ණය ගෙවීම් අවදානම් රටක් ලෙස පහළට ඇද දැමෙයි. Featured

Published in පුවත්
Tuesday, 04 December 2018 13:35

ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස්, ශ්‍රී ලංකාවේ දිගු කාලින විදෙස් මුදල් ඒකක නිකුත් කිරීමේ ‍(IDR)ශ්‍රේණිය පහළ දමා තිබේ. ඒ අනුව මින් පෙර පැවති 'B+'ශ්‍රේණියේ සිට 'B' දක්වා ශ්‍රේණියෙන් පහළට දමා ඇති බව වාර්තා වේ.

පසුගිය ඔක්තෝබර් 26 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසියේම ගත් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේ තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන තිබෙන බව ෆිච් රේටිංග්ස් ආයනය පවසනවා. මේ වන විටත් මතු ‍වී ඇති බාහිර ප්‍රතිමූල්‍යයන අවදානම් තත්වයන් සහ අවිනිශ්චිත ප්‍රතිපත්තීන් මෙම ණය ශ්‍රේණිය පහත දැමීමෙන් නිරූපණය වනු ඇති බව ද ඔවුන් පවසනවා.

මීට පෙර 2016 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය BB- සිට B+ දක්වා පහළ දමන්නට ෆිච් රේටිංග්ස් ක්‍රියා කළ අතර අද (04) දිනයේ දී එය 'B+' සිට 'B' දක්වා තවදුරටත් පහළ ශ්‍රේණියකට දමා තිබෙනවා. මේ අනුව වසර 3 ක් ඇතුළත ශ්‍රේණිගත කිරීමේ ස්ථාන දෙකකින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළට ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම සහ දේශිය බැඳුම්කර වෙළෙඳපොළ තුළ විදේශ විනිමය පිටතට ගලා යාම යන කාරණා හමුවේ ආයෝජක විශ්වාසය බිඳවැටීමේ තත්ත්වයක් උදාවී ඇති බව ෆිච් රේටිංග්ස් ආයතනය සඳහන් කරනවා.

කෙසේ වෙතත් 2019-2022 කාලපරිච්ඡේදය තුළ දී ඩොලර් බිලියන 20.9 ක සුවිශාල දේශීය ණය ප්‍රමාණයක් ගෙවීමට ශ්‍රී ලංකාව බැඳී සිටින නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.5 ක් පමණ වන බව ද ෆිච් රේටිංග්ස් ආයතනය අවධාරණය කරනවා.

ෆිච් රේටිංග්ස් ආයතනය සඳහන් කරන්නේ ඉදිරියේදි ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය තවදුරටත් අර්බුදයට ලක් වුවහොත් බාහිර ප්‍රතිමූල්‍යයන තත්වය තව තවත් ව්‍යාකූල වනු ඇති බවයි.

 එමෙන්ම ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම හා ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම් B a(ඍණ) සිට B2 (ස්ථාවර ) දක්ව පහත හෙළීමට මූඩීස් ආයෝජන සේවා ආයතනය නොවැම්බර් (20) පියවර ගත්තේය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය ඊට හේතු වී ඇතැයි ද මූඩීස් ආයෝජන සේවා ආයතනය පෙන්වා දී තිබිණි. වත්මන් දේශපාලන අර්බුදය දැනටමත් අර්බුදයක පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් අවදානමේ හෙළන්නේ යැයි ද මූඩීස් ආයතනය සඳහන් කර තිබිණි.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ත්‍රිත්වයෙන් දෙකම මේ වන විට ශ්‍රි ලංකාව අවධානම් රටක් ලෙස නම් කර තිබේ. අනෙක් ආයතනය වන්නේ ස්ටැන්ඩඩ් අන්ඩ් පුවර්ස් ආයතනයයි. ආර්ථික විශලේෂකයන් පවසන්නෙ එම ආයතනයද නුදුරේම ශ්‍රී ලංකාව අවධානම් රටක් ලෙස නම් කළ හැකි බවයි. මේ අනුව ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ණය ලබා ගැනීම හා ආයෝජකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බරපතල අර්බුධයකට ලක් වනු ඇත. ඒ අනුව දැනට පවතින ණය අර්බුධයෙන් ගොඩ ඒමේ හැකියාවද බරපතල ලෙස සීමා වෙනු ඇති අතර සමස්ත රටම මේ හේතුව නිසා අර්බුධයකට නතුවීම වැලැක්විය හැකි නොවේ.

රාජ්‍යයකට ණය ශ්‍රේණිගත කිරීම වැදගත් වන්නේ ආයෝජකයන් ගෙන්වා ගැනීමට එය වැදගත් වන බැවිනි. ආයෝජනය යනු අනාගතයේදී යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වර්තමානයේදී කරනු සම්පත් කැපකිරීමකි. එහිදී ආයෝජකයෙකුගේ බලාපොරොත්තුව තමා යෙදවූ මුදලද ආරක්ෂා කරගනිමින් ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමයි. එම අවදානම දැරීමට නම් රටකට ණය ගෙවීමේ හැකියාව ඉහළින් තිබිය යුතුයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us