රනිල්ගේ සහයට ශ්‍රිලනිප කණ්ඩායමක්...රනිල් හමුවී සහතික වෙයි ! Featured

Published in පුවත්
Wednesday, 12 December 2018 00:45

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුව අගමැතිධුරය සඳහා නම් කළ යුතු බවට එජාපය අද (12) දින පාර්ලිමේන්තුව හමුවේ සම්මත කිරීමට බලාපොරොත්තුවන යෝජනාවට ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක සහය ලබා දෙන බව ඊයේ රාත්‍රියේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සහතික වී තිබේ.

එම කණ්ඩායම ඊයේ සවස ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ හමුවී ඇති අතර තමන්ගේ තීරණය ඔවුන්ටද දැනුම් දී ඇති බව දැන ගැනීමට තිබේ. එම හමුවෙන් පසුව ඔවුන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ ප්‍රබලයන් කිහිප දෙනකු රාත්‍රියේදී හමුවී ඇත.මෙම එකමුතුව ඉදිරි මැතිවරණ සඳහා වන වන සංධානයක් දක්ව පුලුල් කිරීම්ටද සාකච්ඡා වී තිබේ.

මේ අතර විපක්ෂ නායකයා ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තමන් සූදානම් බව පොහොට්‍ටු පක්ෂයෙ නායකයක් හමුවේ මහින්ද රාජපක්ෂ දැනුම් දී තිබේ. එහෙත් එම තීරණයට විමල් වීරවංශ සහ තිලංග සුමතිපාල දැඩිව විරුද්ධ වී ඇති නමුත් බැසිල් රාජපක්ෂ පෙන්වා දී ඇත්තේ මහින්දගේ තීරණය නිවැරදි බවය. රට මේ වෙන කොට වැටී තිබෙන අර්බුදය හමුවේ තමන්ට එය පවත්වාගෙන යැම අසීරු බවත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට එම තත්වය හේතු විය හැකි බව ඔහු පෙනවා දී තිබේ. ඒ අනුව 2020 මහ මැතිවරණය ජය ගැනීම කෙසේවත් කළ හැකි නොවන බවද ඔහු පෙන්වා දී තිබේ.

Last modified on Wednesday, 12 December 2018 00:46

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us