සිරිසේන - චන්ද්‍රිකා ගැ‍ටුම උත්සන්න වෙයි. පොහොට්ටුව ගැන කතා තහනම් Featured

Published in පුවත්
Saturday, 12 January 2019 16:07

ජනාධිපති සිරිසේන විසින් තමන්ව ජනාධිපති පු‍ටුවේ වාඩි කරවූ ජනතාවගේ අපේක්ෂාවන් පාවා දෙමින් කටයුතු කිරීමට එරෙහිව මේ වන විට ශ්‍රීලනිපයේ කොටසක් විසින් ගෙන යන ව්‍යාපාරය නිසා නුදුරේම ශ්‍රීලනිපය දෙකඩ වීමේ ලකුණු පහළ වී ඇත.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනවාරියේ දී ජනතාවට ලබා දුන් අපේක්ෂාවන් පාවා දෙමින් එය තුට්ට්‍ටුවකට මායිම් නොකර සිරිසේන හිතුවක්කාර ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 15 සහ 03 වන දින දෙකේදී ශ්‍රීලනිප අනුශාෂිකාවක වන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බන්ඩාරනායක විසින් ලිඛිත දැනුම් දීම් 2ක් සිදු කර එම තත්වයන් වෙනස් කරන ලෙස ඉල්ලා සිටියාය. විශේෂයෙන්ම ඇයට ශ්‍රී ලනිපයේ මධ්‍යකාරක සභාව නියෝජනය කිරීමේ අවස්තාව වැලැක්වීම ගැනත් ඇය දොෂාරෝපණය කර තිබිණි. එමෙන්ම පසුගිය ජනවාරි 03 වන දිනද ඒ සම්බන්ධයෙන් ලිපියක් සිරිසේන වෙත යොමු කර පෙර ලිපි සම්බන්ධයෙන් නොසලකා කටයුතු කිරීම ගැනත් පක්ෂය දෙකඩ කර වෙනත් පක්ෂයක් නිර්මාණය කළ රාජපක්ෂ පාර්ශ්වය යළි පක්ෂය වෙත කැඳවාගෙන විත් සිදු කරමින් තිබෙන ද්‍රෝහී ක්‍රියාව ඇය විසින් විවෙච්නය කර තිබේ.

2015 ජනාධිපතිවරණයේ දී විපක්ෂයෙ පොදු් අපෙක්ෂකයා ලෙස සිරිසේනව යෝජනා කර ඒ වෙනුවෙන් අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් වල සහය ලබා ගැනීමට ඇය සිදු කළ මැදිහත් වීම ගැනත් එදා සිරිසේනගේ අවංක භාවය සහ විශ්වාසය ගැන විශ්වාස කරමින් ඇය කටයුතු කළ ආකාරය ගැනත් මෙහිදී සිරිසේනට මතක් කර දී තිබේ.

ඔක්තොබර් 26 වන දිනෙන් පසුව සිරිසේන විසින් කටයුතු කළ හිතුවක්කාර ආකාරය නිසා එදා පොදු අපෙක්ෂකයා ලෙස ඔහුව නම් කිරීම සම්බන්ධයෙන් ඇයටද අද ශ්‍රීලනීප ඇතුලු සිරිසේන වෙනුවෙන් සහය පළ කළ ජනතාවගේ දැඩි දොෂා රෝපණයට ඇයද ලක්ව තිබෙන බවද මෙම ලිපියෙහි සන්දහන් කර ඇත.

මේ අතර සිරිසේන ගේ හිතුවක්කාරකම්වලට එරෙහිව සිටින ශ්‍රීලනිප ප්‍රබලයන් කිහිප දෙනෙකුම රාජපක්ෂවරුගේ ( පොහොට්‍ටුවේ) ක්‍රියා කලාපය විවේචනය කිරීම සිදුව තිබිණි. ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය රැකුනේ ඔවුන් කෙරෙහි අනුකම්පා කිරීම නිසා බවද ඇතැම් මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර තිබිණි.

මෙම ප්‍රතිචාරයන් නිසා උරණව සිටින සිරිසේන පොහොට්‍ටුවට ගිය පිරිස ගැන නැවත කිසිවක් කතා කිරීම ශ්‍රීලනීප මන්ත්‍රීවරුන්ට තහනම් කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ. ශ්‍රීලනිපය සහ පොහොට්‍ටුව අතර නව සන්ධානයක් බිහි කර ගැනීම සිරිසේනගේ අපේක්ෂාව වී ඇති අතර මෙම වසර මධ්‍යයේදී හදිසි කැඳවීමක් ලෙස ජනාධිපතිවරණක් කැඳවා පොහොට්ටුවේ සහය සහිතව පොදු අපේක්ෂකත්වය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිරිසේන කටයුතු කිරීම පොහොට්‍ටු විරෝධී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙ කට වැසීමට හේතුව තිබේ.

කෙසේ නමුත් ශ්‍රීලනිපය තුල ඇතිව තිබෙන සිරිසේන සහ චන්ද්‍රිකා පාර්ශ්ව දෙකෙ ගැ‍ටුම දිනෙන් දින උත්සන්න වෙමින් තිබෙන අතර.. චන්ද්‍රිකාගේ සහයෝගය හිමිව ඇති කණ්ඩායම නුදුරේම සිරිසේනට එරෙහිව දැඩි පියවරක් අනුගමනය කිරීමට ද සූදානමින් සිටින බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us