“ ශ්‍රී ලංකාවේ වරාය මධ්‍යස්ථානයන් වැඩි දියුණු කිරිම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට චීන ඉදිකිරීම් සමාගම් සඳහා එම රජය විසින් ණය ලබා දීමත් සමඟ චීනයේ මෙම ණය උගුල් ඇටවීම, ආරම්භ විය. මෙහිදි එම ණය පියවීමට නොහැකි වන විට චීනය එම වරාය මධ්‍යස්ථානයන්හි සමාන අයිතිය ඉල්ලනු ලැබීය. එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන් දෙකක අයිතිය සහ පාලනය චීනයට ලැබීමට පිටිවහලක් වී තිබේ.
මීට පෙර පිලිපීනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්න්ධයෙන් මූල්‍ය ණය ආධාර ලබා දිමට චීනය හා පිලිපීනය අතර ව්‍යාපෘති ගිවිසුම් කිහිපයක් සඳහා අත්සන් තැබුණි. නමුත් චීනය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භාවිත කළ ක්‍රමෝපායයන් පිලිපීනය මත ක්‍රියාත්මක කිරීමට අසීරු වන හේතු වන කාරණා දෙකක් තිබේ.
පළමුවැන්න ශ්‍රී ලංකාවට සමඟ බලන විට පිලිපිනයේ විදෙස් ණය කළමනාකරණය ඉතා ඉහළ මට්ටමක පැවතිමයි. පිලිපීනයේ නාවික සබඳතා හා සමුද්‍රීය නීතිය පිළිබඳ අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ජෙයි බටොන්ග්බාකල් පවසන්නේ “පිලිපීනය ණය කළමනාකරණය සම්බන්ධයෙන් ඉතා ඉහළ හා අත්දැකීම් බහුල රටක්“ වන බවයි. ඉන් අදහස් වන්නේ වෙළෙඳපොල ආර්ථිකයන්හි දක්නට ලැබෙන ක්ෂණික ණය අර්බුදයන් වැළැක්වීමට පිලිපීනයට ඇති හැකියාවයි.
දෙවැනි කරුණ වන්නේ පිලීපීනය සතු විශාල ආර්ථික පසුබිමයි. පිලිපීනයේ දළ දේශීය නිෂ්පාදිතය ශ්‍රී ලංකාවේ මෙන් සිව් ගුණයකි. පිලිපීනයේ දළ දේශිය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 314 ක් වන අතර ශ්‍රී ලංකාවේ එම අගය අමෙරිකානු ඩොලර් බිලියන 87ක්. එහි වාර්ෂික වර්ධනය පිලිපීනයේ 6.1%ක් වන අතර ශ්‍රී ලංකාවේ එම අගය 3.70%ක් වේ.
පිලිපීන ආර්ථිකය ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තරමේ අර්බුදයකට ලක් නොවන්නේ එහි ශක්තිමත් ස්වභාවය හේතුවෙනි. ආරම්භයේ සිටම පිලිපීනයේ ආර්ථිකය සීඝ්‍රයන් වර්ධනය වෙමින් ඇත. 2018 සැප්තැම්බර් කාර්තුවේ එහි වාර්ෂික වර්ධන වේගය 6.1%ක් වාර්තා කර තිබුණි. එම අගය 1982 -2018 කාලය තුළ 3.79%ක අගයට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගෙන තිබේ. එමෙන්ම රටේ ජංගම ගිණුමේ හිඟය පාලනය කර තිබීම ද සුවිශේෂී ලක්ෂණයකි. 1980 සිට 2017 දක්වා කාලය තුළ එරට ජංගම ගිණුමේ සාමාන්‍ය අගය -0.45%කි.
වඩාත් කැපී පෙනෙන කාරණය වන්නේ ඕනෑම රටක් ක්ෂණයකින් අර්බුදයකට මුහුණ දීමට සිදු වන රාජ්‍ය ණය, එරට දළ දේශිය නිෂ්පාදිතයෙන් 42.10%ක් වීමයි. එය 1990 - 2017 කාලපරිච්ඡේදය තුළ 56.25% අගයටත් වඩා පහළ සාමාන්‍යයක් දක්වයි. යම් විදියකින් එවැනි අර්බුදයකට පිලිපීනය ලක් වුවහොත් එයට පිළියම් යෙදීම සඳහා විශාල විදෙස් සංචිත ප්‍රමාණයක් පිලිපීනය සතුව තිබේ. පිලිපීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 74,722කි. එය 1960 -2018 කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 16,341.45ක සාමාන්‍ය අගයක් දක්වයි.
ශ්‍රී ලංකාවේ මෙම සංඛ්‍යා ලේඛන වෙනස්ය. 2018දී ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ දේශිය නිෂ්පාදිතය 3.70%කි. එය 2003 - 2017 කාලය තුළ වාර්තා කළ 5.88%ට වඩා පහළ අගයක් ගෙන තිබේ. එසේම ශ්‍රී ලංකාවේ වත්මන් ජංගම ගිණුමේ හිඟය දළ දේශිය නිෂ්පාදිතයෙන් 2.60%කි. එය 1980 - 2017 වර්ෂවල -5.47%ක් වන සාමාන්‍යයට භාගයකටත් වඩා අඩුය. එනම් රටේ ජිවන රටාව පවත්වාගෙන යාම සඳහා විදෙස් මුදල් මතම යැපීමට සිදුව තිබීමයි. එය රටේ දළ දේශිය නිෂ්පාදිතයෙන් 77.60%ක් වන රාජ්‍ය ණය 1950 -2017 කාලය සඳහා වූ 69.69% ක සාමාන්‍යය අගය අභිබවා ගොස් තිබීමෙන් පෙන්වා දිය හැකිය.
මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය 1975 - 2018 කාල පරිච්ඡේදය තුළ රුපියල් මිලියන 250901.90ක් වූ සාමාන්‍යය අගය, 2018 ජූලි මාසයේදී ශ්‍රී ලංකා රුපියල් 1,386,166.90ක සාමාන්‍යය අගක් දක්වා පහත වැටී තිබේ.
මූලිකම කාරණය ලෙස චීනයට පිලිපීනය තවත් ශ්‍රී ලංකාවක් කිරීමට නොහැකි බව මේ අනුව පෙන්වා දිය හැකිය. මන්දයත් පිලිපීන ආර්ථිකය ඉතා සුවිශාල මෙන්ම එය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බැවිනි. එසේම පිලිපීන මහබැංකුවට ණය අර්බුදයකදී වුවද ගනුදෙනු කිරීමට තරම් ප්‍රමාණවත් විදෙස් සංචිත පැවතීම ද චීන ණය උගුලෙන් බේරීමේ තවත් හේතවක් බව කිව යුතුය.
මහාචාර්ය Panos Mourdoukoutas
LIU හි ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි