ටීඑන්ඒ + යූඑන්පී, ආණ්ඩුවක්. ඉතිහාසයේ ස්වර්ණමය මොහොතයි..! Featured

Saturday, 24 November 2018 18:52

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ දෙමළ ජාතික සංධානය සමඟ සංධානගතව ආණ්ඩුවක් පිහි‍ටු වීමට යන බව සිරිසේන මහින්ද පාර්ශ්ව විසින් මේ දිනවල පෙන්වා දෙමින් තිබේ. මේ සංධානය, එජාපය දෙමළ ජාතිවාදයට යට වී හෝ , කොටියට රට පාවා දීමක් ලෙස හෝ විග්‍රහ කරමින්ද තිබේ.

ඒ විග්‍රහයන් ගැන කතා කළ යුතු නැත. ඒවා මෝඩ තකතීරු පොල්ලෙලි ඡන්ද දායකයාට උගන්වා තියෙන විදිහට උන්ගේ දැනුම් තේරුම්කම අනුව කියන අලුගුත්තේරු කතන්දරය. සිංහල බෞද්ධ ජාතිවාදය කරපින්නාගෙන මේ රට දියුණු කළ හැකියැයි සිතා සිටින මේ තකතීරු වාහෙලා රාජපක්ෂලාගේ දැනුමේ තරමට හැදිච්ච වුන් මිසක් තමන්ට කල්පනා කරන්න ඔලුවක් හෝ තිබෙන බව නිකමටවත් අත ගාලාවත් බලා නැති පිරිසකි.

මේ රාජපක්ෂ වහලුන් රටට කරන විනාශය වෙනම බේරාගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ගහල පැන්නුවාට වරදක් නැත. මේ තකතීරුවන් සමඟ කතා බහ කර ප්‍රශ්න විසැඳීමට යන එක අප කරන තවත් තකතීරු කමකි.

උතුරේ ජනතාව හා දකුණේ ජනතාව එක්ව ආණ්ඩුකරණයට සම්බන්ධ වීම වසර සිය දහස් ගන්නක් තිස්සේ පැවැති සිංහල දෙමළ මුස්ලිම් විරසකයන් මුලිනුපුටා දැමිය හැකි ස්වර්ණමය අවස්ථාවකි. මේතාක් ඉතිහාසය තුල කිසිදු දේශපාලන නායකත්වයකට කළ නොහැකි වූ වික්‍රමයක් ලෙසද මෙය හැඳින් විය හැකිය.

සිංහල දෙමළ මුස්ලිම් විරසකය පවත්වාගෙන යෑම වෙනුවෙන් කටයුතු කළ කාලකන්නි දේශපාලකයන් හැමදාමත් සිටියහ. ඒ වෙනුවෙන් පෙනී සිටින උන්ගේ අතවැසියන්ද ලක්ෂ ගනනක් සිටියහ. මේ ග‍ැටුම් නිසා අහිංසකයන් ලක්ෂ ගනනක් ද ජීවිත බිලි දුන්නෙය. දෙපැත්තක නිශ්චිතව බෙදි වෙන්වී ගහ මරා ගන්නා විට කුමන හෝ කාරණාවක් මත ඒ ඒ පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටීමට මරා ගැනිමට ද පිරිස් ඉදිරිපත් වේ. ඒ අනුව නිකරුණේ ජීවිත නැති කරගත් පිරිස ද දහස් ගනකි. බල ලෝබී අවස්ථාවාදී දේශපාලකයන් මේ පිරිස් රණ විරුවන් ලෙස, මහ විරුවන් ලෙස ලේබල් ගසා ඒවා රට ජාතිය ආගම වෙනුවෙන් කළ ජීවිත පූජාවන් ලෙස ලේබල් කෙරිණි. ඒත් මේ අමු මොඩයන්ය. තේරුමක් නැතිව දේශපාලන උගුල් වල වැටී ජීවිතය ගොදුරු වෙන්න ඉඩ හැරිය මොඩයන්ය.

ඒ වාගේම සිංහල දෙමළ මුස්ලිම් සමගිය වෙනුවෙන් ජාති ආගමික වර්ගවාදයට එරෙහිව මේ රටේ විශාල පුරවැසියන් ප්‍රමාණයක් ජීවිත පූජාවෙන් අරගල කර තිබේ. මේ වෙලාවේ වැදගත් වන්නේ අන්න ඒ මිනිසුන්ගේ අරගලයට වටිනාකමක් ලබා දීමයි.

දෙමළ ජාතික සන්ධානයට උතුරේ බහුතර ජනතාවක් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේගයයි. එම කණ්ඩායම එජාපය හෝ වේවා ශ්‍රී ලනීපය හෝ වේවා දකුණේ දේශපාල කණ්ඩායම් හා සන්ධාන ගතව ආණ්ඩු කරණයට සම්බන්ධ විය හැකි නම්. තව දුරටත් ප්‍රාදේශීය හෝ ජාති ආගමික හෝ ආදි වශයෙන් මරා ගැනීමට තිබෙන ඉඩ කඩ ඇහිරේ.

ඊටත් වඩා රටේ සංවර්ධනය සමානව සාධාරණව සමාන්තරව සිදු වීමේ හැකියාව පවතී. සෑම පුරවැසියෙකුටම මෙරට සමාන අයිතිවාසිකමක් නිදහසක් සහතික වීම සිදු වෙයි. ආගමකට ජාතියකට ප්‍රමුඛතාවය දීමේ ජාතිවාදි ප්‍රවේශය වෙනුවට සෑම ජාති ආගමික අනන්‍යතාවයකටම සමාන ඉඩක් ලැබීමත් එය අනෙකා විසින් ඉවසීමත් සිදුවෙයි. සමස්ත රට වැසියාගේම ශක්‍යතාවයන් පොදුවේ රට වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව පහසු වෙයි. උතුරු දකුණු සන්ධානය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති අනුව කටයුතු කෙරෙනවා නම් මේ තත්වයන් ජය ගැනීම අසීරු නැත.

වත්මන් දේශපලන අර්බුධය හමුවේ එය විසඳා ගැනීම වෙනුවෙන් සිදු වියයුතු හොඳම උත්තරය මේ උතුරු දකුණු සන්ධානයයි. එය මේ රටේ ඉතිහසයේ ස්වර්ණමය සංවර්ධන යුගය බවට විචිකිච්චාවක් තියා ගත යුතු නැත.

රට අවශ්‍ය වන්නේ ඒ සුවිශේෂි මොහොතයි.

 

- සුජය

Last modified on Saturday, 24 November 2018 19:04

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us