තාජුදීන් ඝාතනය ගැන සාක්ෂි NASA ආයතනයෙනුත් Featured

Published in පුවත්
Thursday, 29 November 2018 15:06

වසීම් තාජුදීන් ඝාතනය සිදු වූ අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් ගත් පුද්ගලයින් සහ වාහන පිළිබඳව චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ තොරතුරු ලබාගැනීම සඳහා  අමරිකාවේ අභ්‍යවකාශ පර් යේෂණ ආයතනය වන නාසා (NASA) ආයතනයේන් කරුණු විමසීමක් සිදු කර ඇති බව පොලීසිය අද(29) අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදි පරීක්ෂණවල වත්මන් තත්ත්වය පිළිබඳව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රහස් පොලිසියෙන් විමසීම් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම මිනීමැරුම් සිද්ධියට අදාළව පුද්ගලයින් 1200 ක ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

දුරකථන ඇමතුම් ලක්ෂ විසි දෙකක් පමණ විමර්ශනයට භාජනය කර ඇතැයි සඳහන් කළ රහස් පොලිසිය මෙය ඉතා සංකීර්ණ පරීක්ෂණයක් බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

වසීම් තාජුදීන් ඝාතනය වූ අවස්ථාවේ ඔහු පසුපස හඹාගිය වාහනයක් සහ පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් කළ රහස් පොලීසිය ඒ පිළිබඳව සී.සී.ටී.වී දර්ශන ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් ප්‍රකාශ කළේය. මෙම ඝාතනය සම්බන්ධයෙන් මහින්ද රජපක්ෂගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ වෙත බරපතල සැකයක් යොමුව තිබේ. එමෙන්ම මෙම සිදුවීමට අනියමින් සහය දැක්වීම ගැන ශිරන්ති රාජපක්ෂ වෙතද චෝදනාවක් එල්ල වී තිබේ.

මෙහිදී වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ මිනීමැරුම් චෝදනා එල්ල කළ හැකි සැකකරුවන් සිටීනම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රහස් පොලීසියට නියම කළේය.

එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙහි සැකකරුවන් ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා, බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර යන අයට එරෙහිව මෙම මිනී මැරුම් සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සහ ව්‍යාජ ලේඛන සැකසීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියෙන් විමසා සිටියේ එම සැකකරුවන් තුන් දෙනාට එරෙහිව මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව එල්ල කිරීමට තිබෙන සාක්ෂි මොනවාද යන්නයි.

දැනට ඉදිරිපත් වී ඇති සාක්ෂි අනුව මෙම සැකකරුවන් තුන් දෙනාට එරෙහිව මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා එල්ල කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ රහස් පොලීසියට පෙන්වා දුන්නේය.

ඊට පිළිතුරු දෙමින් රහස් පොලිසිය සඳහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව පැමිණිල්ල නැවත පෙබරවාරි මස 28 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම සැකකරුවන් තුන් දෙනාට එරෙහිව මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි සාක්ෂි මොනවාද යන්න පිළිබඳව අධිකරණය දැනුවත් කරන්නැයි රහස් පොලීසියට නියෝග කළේය.

මෙහිදී වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම නඩුව මිනීමැරුම් සිද්ධියක් බවයි.

මෙම මිනීමැරුමට සම්බන්ධය නියම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි රහස් පොලිසිය වෙත දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කළ නොහැකි නම් ඔවුන්ට වෙනම නඩුවක් පැවරීමට පියවර ගන්නා මෙන්ද රහස් පොලිසිය වෙත දන්වා සිටියේය.

ඒ අනුව පරීක්ෂණ නොපමාව සිදුකරන ලෙසත් එහි ප්‍රගතිය පෙබරවාරි මස 28 වනදා අධිකරණය හමුවේ වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් රහස් පොලීසියට නියම කළේය.

Last modified on Thursday, 29 November 2018 15:10

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us