සිරා + මරා, මාධ්‍ය නිදහසට හා ජනමාධ්‍යවේදින්ගේ ආරක්ෂාවට තර්ජනයක් - IFJ

Published in පුවත්
Wednesday, 21 November 2018 15:26

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලයේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදින්ට සිදු වූ අකටයුතුකම් සම්බන්ධයෙන් ප්‍රධාන විමර්ශන රැසක් සිදු කළ පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

එම තීරණයත් සමඟ ඔහුගේ පරික්ෂණවල අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත බවක් මතු වී ඇත. ජනමාධ්‍යවේදින්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) එයට අනුබද්ධිත ශ්‍රී ලංකා වාත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංවිධානය සමඟ එක්ව මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් වූ පසු ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලන අර්බුදය හමුවේ මාධ්‍ය නිදහස හා කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු වීම කෙරෙහි බරපතල තර්ජනයක් මතු වී ඇති අතර එම සිදුවීම් සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරනු ලබයි.

රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් ,නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි නාමල් පෙරේරා යන මාධ්‍යවේදින් පැහැරගෙන ගොස් පහර දීම, සහ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු මාධ්‍යවේදින්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධ සිදුවීම් රාශියක් වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවල ප්‍රධාන විමර්ශන නිළධාරියා වූයේ පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වාය.

නිශාන්ත සිල්වා මහතා මාරු කර යැවීම නීතිය හා සාමය පිළිබඳඅමාත්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන් ගේ උපදෙස් මත සිදු වී තිබේ.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංවිධානයේ සභාපති දුමින්ද සම්පත්  මෙසේ අදහස් දැක්වීය.

“ මේ හදිසි ස්ථාන මාරුව සිදු කර තිබෙන්නේ නිශාන්ත සිල්වාගේ විමර්ශනවලට සම්බන්ධ නඩු කටයුතුවලට බාධා කිරීම සඳහා කියලා අපි විශ්වාස කරනවා. මේ වගේ තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ ජනමාධ්‍යවේදින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා. “

මේ අතර එම සංවිධානයේ විධායක සභිකයන්ට මාධ්‍යවේදීන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් කතා කිරීම වළක්වමින් විවිධ තර්ජන හා බාධා එල්ල වෙමින් පවතියි. විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදින්ට මෙම තර්ජන එල්ල වී ඇත. පසුලිය ඔක්තෝබර් මස අවසානයේ සිට ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංවිධානයේ සභාපති දුමින්ද සම්පත්, හිටපු සභාපති ලසන්ත රුහුණගේ, උප සභාපතිවරුන් වන කාංචන මාරසිංහ, සහ ශාන්ත ප්‍රියදර්ශන, ලේකම් ‍ෆ්‍රෑන්ක් ද සොයිසා , ජාතික සංවිධායක නිමල් අබේසිංහ, භෘණ්ඩාගාරික ටී. නඩරාසා, සහ අනෙකුත් කමිටු සාමාජිකයන් මෙම සංවිධානයේ කටයුතු කිරීම නිසා තර්ජනයටත් හිරිහැරයටත් ලක් වී තිබේ.

අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ රුහුණගේ, කේ. සංජීව, සහ තරිඳු උඩුවරගෙදර යන මාධ්‍යවේදින් විසින් රාජපක්ෂ සහ සාමාජිකයන් පත් කිරීමට විරුද්ධව කළ ප්‍රකාශයක වීඩියෝ පටයක් පිළිබඳව රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉතාම අවිධිමත් ලෙස අදහස් දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔවුන්ව රාජ්‍ය ද්‍රෝහින් ලෙස හඳුන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදින්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) මෙසේ අදහස් පළ කරයි.

“ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අප සම්මේලනය විශාල අවධානයක් යොමු කර තිබෙනවා. ඒ වගේම ජනමාධ්‍යවේදින් සතු අදහස් ප්‍රකාශනයේ නිදහස හා ප්‍රකාශනයේදී ජනමාධ්‍යවේදින්ගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන්ට සිදු වන තර්ජන හා හිරිහැර සම්බන්ධයෙන් ද ජනමාධ්‍යවේදින්ගේ ජාත්‍යන්තර සම්මේලනය සැළකිල්ලෙන් පසුවෙනවා. “

එසේම ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදින්ගේ සංගමය සමඟ ඒකාබද්ධව මාධ්‍ය නිදහස, කර්තෘ මණ්ඩල නිදහස සහ ජනමාධ්‍යවේදින්ගේ අයිතීන් මෙන්ම වෘත්තිය සමිති නායකයන් හා ජනමාධ්‍යවේදින් ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔවුන්ට හිරිහැර සහ තර්ජන සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. Capture 2

මේ නි‍‍වේදනය ලෝකයේ පුළුල්ම ජනමාධ්‍ය සංවිධානයක් වන ජාත්‍යන්තර ජනමාධ්‍යවේදින්ගේ සම්මේලනය ( IFJ - International Federation of Journalists ) විසිනි. ලෝකයෙ රටවල් 140ක් පුරා පැතිරී ඇති සාමාජිකයන් ලක්ෂ හයකට වඩා සිටින ලෝකයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිතිවල ජාත්‍යන්තර සන්ධානය මෙයයි.

මෙවැනි සංවිධානවල බලපෑම් හමුවේ සිරිසේන ජනාධිපතිවරයාට පොලිස් පරික්ෂකවරයාගේ මාරු කිරීම ආපසු හකුළා ගැනීමට සිදු විය. සිරිසේන අමතක කළ දෙයක් වන්නේ ස්වාධීන කොමිෂන් සභා නොතකා තනි මතයට තීන්දු දීමට ඔහුට නොහැකිය යන කාරණයයි. ව්‍යවස්ථාවට පයින් ගැසූ සිරිසේන ජනපති 19 වන සංශෝධනයෙන් ගෙන ආ ස්වාධීන කොමිසම් සභා හමුවේ අසරණ වූයේ ද මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින මෙවැනි ජාත්‍යන්තර සංවිධානවල බලපෑම හමුවේ බව කිව යුතුමය. ඒ අනුව ව්‍යවස්ථාවේ උත්තරීතර බව හමුවේ ජනාධිපතිවරයා නැවත වරක් අසාර්ථක වූ බව නම් සක්සුදක් සේ පැහැදිළිය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us