ගේම් එපා ! ප්‍රජාතන්ත්‍රවාදී භාරකාර ආණ්ඩුවකට යනු !!

Published in පුවත්
Monday, 19 November 2018 09:26

ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ සියලු පක්ෂ හා කණ්ඩායම්වලට `එක අරමුණක් වෙනුවෙන් එක පෙරමුණක්` නිර්මාණය කරන ලෙස තමන් බලකරන බවත්, එම ඉල්ලීම මුල් කොටගෙන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව`දිදුලන හදවත` සංවිධානය ප්‍රකාශ කරයි.

වත්මන් දේශපාලන අර්බුදය ජනතාවාදී ලෙස ජයගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන බව `දිදුලන හදවත` ප්‍රකාශකයෙක් අප සමග පැවසීය.

`දිදුලන හදවත` සංවිධානය, වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගොඩ නැගෙමින් පවතින අනතුර හමුවේ කලාකරුවන් ජනමාධ්‍යවේදීන් සමාජ ක්‍රියාකාරිකයන් එක්ව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නිර්මාණය කරන ලද සංවිධානයකි.

ඔවුන්ගේ ඉල්ලීම මතු දැක්වේ.

ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල නායක නායිකාවනි, සාමාජික සාමාජිකාවනි,

දිදුලන හදවත යනු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙන - පෙනී සිටින - සටන් කරන මිනිස් කුලකයකි. ශ්‍රී ලංකා දේශපාලනයෙහි වත්මන් අර්බුදය ජනතාවාදී ලෙස ජයගනු පිණිස, දිදුලන හදවත ඔබ සියලු දෙනාගෙන් නිශ්චිත ඉල්ලීමක් කරයි.

වසරක කාල රාමුවකට යටත්ව, `ප්‍රජාතන්ත්‍රවාදී භාරකාර ආණ්ඩුවක`ට ගොස්, මූලික ප්‍රජාතන්ත්‍රීය පදනම වහා ම ස්ථාපිත කරන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.

එසේ නොවුණහොත්, කුමන්ත්‍රණයක් කුමන හෝ අන්දමකින් සාධාරණීකරණය කිරීමේ සහ එම අර්බුදයේ මූලයන් මගහැරයාමේ දේශපාලන පාපයට හිමි වන්දිය, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු ජනතාවට ගෙවන්නට සිදුවනු නිසැකය.

ඒ ඒ දේශපාලන අනන්‍යතාවය පවත්වාගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ එක අරමුණක් වෙනුවෙන් එක පෙරමුණක් වෙත ඒකරාශී වී පොදු එකඟතාවයකට පැමිණෙන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.

එම පොදු එකඟතාව මත ප්‍රජාතන්ත්‍රවාදී භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කළ යුත්තේ මතු සඳහන් අරමුණු සාක්ෂාත් කිරීම උදෙසාය.

01. එම භාරකාර ආණ්ඩුව, ශිෂ්ඨසම්පන්න දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරන්නක් විය යුතුය.

02. එම භාරකාර ආණ්ඩුව, වසරක් තුළ පැලැස්තර විසඳුම්වලට නොයා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් සම්මත කරන්නක් විය යුතුය.

03. එම භාරකාර ආණ්ඩුව, මැතිවරණ - පොලිස් - අධිකරණ ආදී කොමිෂන් සභාවන් සැබෑ ස්වාධීන හා ශක්තිමත් තත්ත්වයක් කරා බලාත්මක කරන්නක් විය යුතුය.

04. එම භාරකාර ආණ්ඩුව, ජාතිය සහ ආගම පළිහක් කරගනිමින් ක්‍රියාත්මක වන අන්තවාදී ප්‍රවාහයන්ට සහමුළින් එරෙහි වන්නක් විය යුතුය.

05. එම භාරකාර ආණ්ඩුව, උතුර දකුණ වතුකරය ආදී ප්‍රාදේශීය භේදයන්ගෙන් මෙන් ම ජාති ආගම් ලිංගිකත්වය ආදී භේදයන්ගෙන් තොරව පුරවැසි අයිතිවාසිකම් මෙන් ම ස්වභාවික හා සංස්කෘතික පරිසරය ආරක්ෂා කරන්නක් විය යුතුය.

06. එම භාරකාර ආණ්ඩුව, ගජමිතුරු සංග්‍රහය පිටුදකින - ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීකරණය කරන්නක් විය යුතුය.

07. එම භාරකාර ආණ්ඩුව, මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේදී පක්ෂ මාරු කිරීම නීත්‍යානුකූලව නිශ්චිතව අවසන් කරන්නක් විය යුතුය.

කවර දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්නට වුව, මූලික ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය නිර්මාණය කළ යුතුය යන ස්ථාවරයෙහි පිහිටා මෙම යෝජනාව ඉදිරිපත් කරන අතර, මෙම තත්ත්වය නිසි බරින් තේරුම් ගෙන, මේ පිළිබඳව බැරෑරුම් ලෙස සිතා බලා ක්‍රියාත්මක වෙන ලෙස අපි ඔබෙන් දැඩිව ඉල්ලා සිටින්නෙමු.

දිදුලන හදවත
2018 නොවැම්බර් 17

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us