දයාබර කරු ජයසූරිය වෙත ලියමි.. Featured

Monday, 19 November 2018 11:57

දයාබර කරු ජයසූරිය වෙත ලියමි..

තවත් අවුරුදු 5 ක් බලයේ රැඳී සිටීමේ පරමාර්ථයෙන් සිදු කරන අනුවණ හා පිළිකුල් සහගත ක්‍රියාවන් නිසා “අයියෝ සිරිසේනට“ පින් සිදුවෙන්න මේ පාරාදීසය එක අර්බුදයකින් තවත් අර්බුදයකට යන අතරතුරේදී ඔබ ද ලිපි හා ප්‍රකාශ නිකුත් කරමින් කාර්ය බහුල වන මොහොතක මම ඔබට ලියන්න සිතුවෙමි.

මම දන්නවා ඔබ ඉන්නේ ඉතාම අසීරු අඩියකයි. හැම ‍කෙනෙක්ගේ ම අවධානය යොමු වෙලා තිබෙන්නේ ඔබ දෙසටයි. මොකද “අයියෝ සිරිසේන“ මුලින්ම තෝරා ගත්තේ පාර්ලිමේන්තුව. ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී පාර්ලිමේන්තුව යළි කැඳවන නියෝගය දෙනතුරු පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය හිමි “හරිත මිනිසා“ වළක්වමින් ඔහු එය විසුරුවා හැරීමට තීරණය කළා.


කරු....

අපි දන්නවා ඔබ උපතින්ම දේශපාලන සත්වයෙක් නොවෙයි. ඔබ දේශපාලනයට පිවිසෙන්නේ බොහෝ පසුවයි. ඊට පෙර ඔබ ව්‍යාපාරිකයෙක් සහ හිටපු තානාපතිවරයෙක් ලෙස සාර්ථක ජීවිතයක් ගත කළ පුද්ගලයෙක්. අද පාර්ලිමේන්තුවේ බහුතරයක් පුද්ගලයින් වගේ ඔබ දේශපාලනයෙන් හම්බ කළ පුද්ගලයෙක් හෝ මුදල් හම්බ කිරීමට දේශපාලනයට පැමිණි අයෙක් නොවෙයි.

ඒ වගේම ඔබ ඔබේ ජීවිතයේ ගත් සෑම තීරණයක් ම විනිවිදභාවයෙන් යුක්ත බොහොම වැදගත් තීරණ බව මම කියන්න කැමතියි. හැබැයි ඔබ ගත් තීන්දු තීරණවලින් මම එකම එක තීරණයකට ඔබට ඇඟිල්ල දිගු කරන්න කැමතියි. ඒ තමයි “හරිතයන්“ සහ “හරිත මිනිසා“ අතහැර මීට ටික කළකට පෙර යුද සමයේදී ඔබ “මහින්ද මාමිගේ“ බලඇණියට එක් වීම. ඔබ එය කරන්නට ඇත්තේ යුද සමයේදී ඔහුට ශක්තියක් වීමේ අරමුණින් බව මම සිතනවා. ඒ අත්හදා බැලීමේ පරික්ෂණයෙන් වසරක් ඉක්ම ගිය පසු ඔබ නැවතත් හරිතයන් සමඟ එක් වෙනවා. මම දන්නේ නැහැ “මහින්ද මාමා“ ඔබට දුන් පොරොන්දු මොනවාද කියලා. නමුත් ඒ පොරොන්දුව මොකක් වුණත් ඔහුගේ පරික්ෂණයට ඔබ කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැති බව නම් මම හොඳින්ම දන්නවා. එතැන් සිට ඔබ ඉතාම මහන්සියෙන් වැඩ කළා වගේම රටේ සියලුම හරිතයන්ගේ විශ්වාසය හා ගෞරවය දිනා ගැනීමට ඔබ සමත් වෙනවා.

මීට අවුරුදු හතකට කළින් ඔබ “හරිත මිනිසාට “ නායකත්වය සම්බන්ධයෙන් අභියෝග කළා. ඒ සටනින් ඔබ පරාජය වුණා. නමුත් එකදු “හරිතයෙක්“ හෝ ඔබට බැණ වැදුණේ නැහැ. දෝෂාරෝපණය කළේද නැහැ. යුද ජයග්‍රහණයත් සමඟ “හරිත මිනිසාගේ “ජනප්‍රියත්වය පසු බැස්සා වගේම “මහින්ද මාමා“සිය අණසක හරිතයන් වටා ද පතුරන්නට පටන් ගත්තා. භාගවෙලාවට එය හරිතයන් විසින් ගත් වැරදි තීන්දුවක් වෙන්න ඇති.

දැන් ඔබ යළිත් නිවැරදි මාවතට පැමිණ තිබෙනවා. කරූ.. ඒ ඔබ හරිතයන් සමඟ සිටීම නිසා නොවෙයි. “අයියෝ සිරිසේනගේ“ තර්ජන ගර්ජන හමුවේ වල පල්ලට යන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන භාරකරුවා විදියට මිනිසුන් ඔබව දකින නිසා. ඉතින් මිනිසුන් ඔබ එකී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තු වුණා. ඒ වගේම ඉදිරි දිනවලදීත් එය එසේම වේවි යැයි සියල්ලෝම අපේක්ෂා කරනවා.

මේ වනතුරුත් ‘‘මහින්ද මාමා“ සිය බහුතරය පාර්ලිමේන්තුව තුළ පෙන්වනතුරු තවදුරටත් මේ රටේ අගමැතිවරයා වන්නේ හරිත මිනිසා බව ඔබ ප්‍රකාශ කර තිබෙනවා. ඒ ප්‍රකාශය මත පිහිටමින් මේ සිදුවන්නේ තුවක්කු නැති කුමන්ත්‍රණයක් බව ඔබ පවසා තිබෙනවා. ඔබ මේ පවසන දෙය සමඟ මම එකඟ වන අතරතුරේදී අප බලාපොරොත්තු වන එකම එක දෙයක් තිබෙනවා. එළඹෙන සතිවලදී ඔබ පැවසූ දේවල් අනුවම ක්‍රියා කිරීමට ඔබට ධෛර්යයක් පවතිනු ඇතැයි අපට විශ්වාසයක් තිබෙනවා.


ගිය සතියේදී පාර්ලිමේන්තුවේ සිදු වුණේ මොකක්ද කියා අපි හොඳින්ම දුටුවා. බදාදා දිනයේ පාර්ලිමේන්තුව රැස් වූ පසු “අයියෝ සිරිසේන“ පැමිණිය යුතු වුණත් ඔහු එයට එක් වුණේ නැහැ. ඔබට මතකද ජනපති ප්‍රේමදාසව?


ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් වුණ වෙලාවේ ඔහු කැළඹිලිසහගත කතාවක් සිදු කළා. නමුත් “අයියෝ සිරිසේන???“ ඔහුට පාර්ලිමේන්තුවට පැමිණ එසේ කිරීමටවත් හයියක් නැහැ. පසුගියදා විරුද්ධ පක්ෂය විසින් “මහින්ද මාමි“ හා ඔහුගේ නව රජය කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති බවට සම්මත කළ අවස්ථාව ඔබට මතක ඇති. එය ඔබට අතිදුෂ්කර සිදුවීමක්. මොකද එදා හැම කෙනෙක්ම හැසිරුණේ හරියට දඩයක්කාරයෝ වගේ. ඒ වගේම “නිල් මිනිසුන්“ නමෙන් ඡන්ද විමසීම වළක්වනු ලැබුවේ එසේ කළහොත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි වන බව ඔවුන් හොඳින්ම අවබෝධ කරගෙන තිබූ නිසයි.

නමුත් පහුගිය බ්‍රහස්පතින්දා ඒ සියල්ල අපට අහිමි වුණා. අපේ අපේ අති ගෞරවනීය සාමාජිකයන් සියලු දෙනා එකිනෙකාට අපහාස කරමින්, බටර් පිහි හෝ ලිපි විවෘතකරණයන් වලින් රණ්ඩු කර ගත්තා. ඒ වගේම කසළ බඳුන්වලින් ඔබට දමා ගැසුවා. මේ සිදු වූ සිදුවීම්වලට හරිතයන් සහ නිල් මිනිසුන් යන දෙපිරිසම වැරදිකරුවන් බව කිව යුතුයි. ඒ වගේම ඒ දිනය ප්‍රජාතන්ත්‍රවාදය කුණු කූඩයට දැමූ දිනය බවද කිව යුතුයි..


ඒ සිකුරාදා දිනය යහපත් දිනයක් වේවි යැයි විශ්වාසයක් තිබණා. මන්ද හරිතයන් ‘‘අයියෝ සිරිසේනව‘‘ මුණ ගැසුණ අතර ඔහු යම් වෙනස්කම් සහිව නැවත බහුතරය සහතික කරන ලෙස පැවසූ නිසායි. දැන් ‘‘අයියෝ සිරිසේනගේ‘‘ වචන කිසිවෙක් විශ්වාස නොකරන බව හරිතයන් හොඳින්ම දැන සිටිය යුතු කාරණය විය. ඔබේ අසුනවත් ලබා ගැනීමට නොහැකි වූ සිකුරාදාවට සාපේක්ෂව බ්‍රහස්පතින්දාව හරියට උද්‍යානයක ඇවිද යාමක් වගේ වුණා.

අපේ පාර්ලිමේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය නීතියක් නැති වල් වැදුණු කැළෑ නීතියක් බවට පත් වුණා.මේ ඊනියා රජයට අවශ්‍යය වුණේ පාර්ලිමේන්තුව තුළ බහුතර ඡන්ද විමසීම නැවැත්වීමට වූ අතර ඔවුන් එය හරිම ලස්සනට නවතා දැමුවා. එතන හරියට හිරෙන් පැනපු අපරාධකාරයෝ ටිකක් වගේ බොරැල්ලේ පාල (සුමතිපාල), කැළණියේ ප්‍රසන්න, කුරුණෑගල ජොනි සහ උඩතලවින්නේ ලොහාන් මේ සටනේ මූලිකත්වය අරන් තිබුණා.

ඔවුන් මිරිස් වතුර දමා ගසන්නට තරම් පහත් තත්වයට ඇද වැටුණා. ඒ වගේම මේ ප්‍රහාරයට පොලිස් නිළධාරීන්ට ගොදුරු වෙන්නට සිද්ධ වුණා.

මේ හැමදෙයක්ම සිද්ධ වෙද්දි “ මහින්ද මාමා“ එයාගේ නාමල් බේබි එක්ක හැම දෙයක්ම බලාගෙන හිටියා. ඔහුට අවශ්‍ය වුණේ නෑ ඔහුගේ මේ උඩුබුරන සුනඛයන්ව බැදලා තබා ගන්න. ඇයි ඒ? මේ හැම දෙයකටම පස්සේ ඔවුන්ට අවශ්‍ය වුණේ “අයියෝ සිරිසේන“ විසින් සියලු ව්‍යවස්ථාපිත වටිනාකම් බැහැර කරමින් දායාද කළ නායකත්වය ආරක්ෂා කර ගැනීම පමණයි.

එය අගෝස්තු රැස්වීම යනුවෙන් හඳුන්වන අතිශය දරුණු සහ නරකම පාලනයක් විය. මෙය නැරඹීමෙන් අපිට මතක් වුණා “මහින්ද මාමා‘‘ රජ වුණාම සහ ඔහුට යම් කෙනෙක් විරුද්ධ වුණාම සිදු වන දෙය මොකක්ද කියන කාරණය. ඔහු සහ ඔහුගේ මිනිස්සු අවුරුදු කිහිපයක් තිස්සේ විරුද්ධ පක්ෂයේ සිටියත් බලය දුන් පසුවත් ඔවුන්ගේ හැසිරීමේ කිසිදු වෙනසක් පෙන්නුම් කළේ නැහැ.


කරු...


මේ හැමදෙයකටම ඔවුන් චෝදනා කරන්නේ ඔබටයි. ඔබ නිසි ක්‍රියාපාටිපාටිය අනුගමනය නොකළ බව ඔවුන් කියා සිටිනවා. අනිවාර්යයෙන්ම, ඔබ නිසි ක්‍රියාපටිපාටිය නම් අනුගමනය කළේ නැහැ තමයි. මොකද ඔවුන් ඔබට නමින් ඡන්දය ලබා ගැනීමේ අවස්ථාව ලබා දුන්නේ නැහැ. යම් හෙයකින් ඔවුන් එයට ඉඩ දුන්නා නම් ඔවුන්ගේ රජය අනිවාර්යයෙන්ම බිඳ වැටෙන්න තිබුණා. ඉතින් තවත් සති කිහිපයක් අපිට මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා.

ඔබේ මේ වයසෙදි උත්සාහය අත නොහැර සහ කිසිවක් අපේක්ෂා නොකර ඔබ සිදු කළ දේ සහ ඔබේ ධෛර්යය සම්බන්ධයෙන් අපි ඔබට ප්‍රශංසා කරනවා. කරු... ඔබ පැවසූ පරිදිම ඔබ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිවි හිමියෙන් ආරක්ෂා කළා. අපි අපේක්ෂා කරනවා නැවත කිසිදු දිනෙක එවැනි දෙයක් සිදු නොවේවි කියා. නමුත් සිකුරාදා සිදු වූ දෙයත් සමඟ එය නැවතත් සිදු නොවේවි යැයි අපට සහතික කළ නොහැකියි.

මීට,

ඔබගේ පුංචි පුතා.


පසුව ලියමි : පහුගිය සතියේ ඔබේ ක්‍රියාවන් දුටුවම මට එක්තරා කියමනක් මතක් වෙනවා. “ සියල්ලෝම ඔවුන්ට අහිමි වූ දෑ සම්බන්ධයෙන් ඔබට බැන වදින විටත් ඔබට ඔබේ හිස කෙළින් තබා ගත හැකි විය යුතුයි.“ මාම

අපි බලාපොරොත්තු වෙනවා ඔබට ඉදිරි සති කිහිපය තුළත් ඒ අයුරින්ම සිටිය හැකි වේවි කියලා. මොකද මේ හැම දෙයක්ම පටන් ගත්තේ ඔලුවක් නැති මිනිහෙක් නිසා. ඒ කවුද කියලා අපි හැමෝම දන්නවා... එහෙම නේද??



ඉහත ලියමන සන්ඩේ ටයිම්ස් හි තීරු ලිපියකි. එහි සැබැඳිය පහත දැක්වේ. ලියන්නාගේ ලියමනට හානි නොවන ලෙස පරිවර්තනය කළෙමි.

http://www.sundaytimes.lk/181118/columns/karus-courage-one-mans-battle-to-save-democracy-320849.html

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us