ඉන්දීය ගොවියන්ගේ ණය ගෙවිමට අමිතාබ්ගෙන් මුදල් ..

Thursday, 22 November 2018 21:53

ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන් සිදුකළ සුවිශේෂී වැඩක් ගැන ලොව පුරා මාධ්‍ය වාර්තා කරනවා.

ඇත්තටම අමිතාබ් ගැන මේ තරමට කතා වෙන්න ඔහු කළේ මොකක්ද? 

ඉන්දියාවේ 1398ක් වූ  ගොවීන් පිරිසකගේ සියලුම ණය මුදල් ගෙවීමේ වගකීම අමිතාබ් භච්චන් විසින් භාරගෙන තිබෙනවා.  ඔහු මේ වෙනුවෙන් වැය කර ඇති මුළු මුදල ඉන්දීය රුපියල් මිලියන 40ක්.  

අමිතාබ් ඔහුගේ බ්ලොග් අඩවියට සටහනක් තබමින් මෙය තමාගෙන් ඉටුවිය යුතු කාර්යයක් ලෙස සලකා ගොවීන්ගේ ණය මුදල් ගෙවාදැමීමට ක්‍රියාකළ බව පවසා තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ  ඔහු ණය ගෙවීම සිදුකර තිබෙන්නේ සිය උපන් ප්‍රදේශය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගොවීන්ගේ වීමයි. 

ඉන්දියාව තුළ දස දහස් ගණනක් වූ ගොවීන් බොහෝවිට අධික ණය බර නිසා පීඩාවට පත්ව සිටින අතර, පවතින දැඩි නියං තත්ත්වය මෙන්ම, වර්ෂාපතනයේ වෙනස්වීම්, ඵලදායීතාව අඩුවීම මෙන්ම, ඔවුන්ට නවීන වගා ක්‍රම වෙත යොමුවීමට නොහැකිවීම යන කාරණා නිසා කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

මෙම තත්ත්වය නිසා 1995 වසරේ සිට මේ දක්වා ඉන්දීය ගොවීන් ලක්ෂ තුනකට අධික පිරිසක් සියදිවි හානිකර ගෙන තිබෙනවා. 

Last modified on Thursday, 22 November 2018 21:55

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us