මහ මැතිවරණය අත්හි‍ටුවන ලකුණු. යළි පාර්ලිමේන්තුව කැඳවීමට සිදුවෙයි.? Featured

Published in පුවත්
Sunday, 11 November 2018 13:27

සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට එරෙහිව පක්ෂ හා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය. ඒ අනුව හෙට දිනයේදී එජාපය, දෙමළ සංධානය ජවිපෙ සහ සිවිල් සමාජ කණ්ඩායම් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධයෙන් පෙත්සම් ගනනාවක් බාර දිමට නියමිතය.

නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ගනනාවක්ම පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ගත් තීන්දුව අපසු හැරවිය හැකි බවය.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයන් කිහිප දෙනෙකුද ජොධිපතිවරයාගේ තීන්දුව පිළිගත නොහැකි බව පවසා ඇතැයි වාර්ථා වේ. මෙහිදි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයගේ තීන්දුව සම්බන්ධයෙන් නිශ්චිත යමක් ප්‍රකාෂ නොකර ඒ මඟ හැර යෑමට ගන්නා උත්සාහයද මෙම නෛතික අවුල විසඳා ගැනීමට ඔහුද ප්‍රයත්න දරමින් සිටින බවට අනුමාන කළ හැකිව තිබේ.

කෙසේ නමුත් යම් හෙයකින් මෙම පෙත්සම් විභාගයට ගැනිමට ශ්‍රේෂ්ඨාධිකරණ ය තීන්දු කළහොත් මහ මැතිවරණය කැඳවීම තාවකාලිකව අත්හි‍ටුවීම විය හැකි බව නීති ප්‍රවීණයන් පෙන්වා දෙයි. දැන ගැනීමට තිබෙන පරිදි මේ ඇතැම් පෙත්සමකින් ඉල්ල තිබෙන්නේ මෙම නෛතික ගැටළුව විසඳා ගන්න තුරු මහ මැතිවරණය පැවැත්වීම අත් හි‍ටුවිය යුතු බවය.ඒ අනුව මැතිවරණය පැවැත්වීම අත් හි‍ටු වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට තහනම් නියෝගයක් නිකුත් කිරීම සිදු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

එවැනි තත්වයක් ඇති වුවහොත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව 14 වන දින කැඳවීම සඳහා කළින් ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවත් පැවසේ.

මේ වන විට 2019 වසර සඳහා අයවැය යෝජනාවලිය පර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන අතර රාජ්‍ය යාන්ත්‍රණයද අකර්මන්‍යව පවතී. ආර්ථික අර්බුධය එන්න එන්නම දරුණු වෙමින් තිබේ. මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පසුගිය දින කිහිපයේදි ගත් අමනෝඥ තීන්දු තීරණ නිසා මාස කිහිපයක් තුල දැවැන්ත ආර්ථික අර්බුධයකට රටම මුහුණ දෙනු ඇති බව ආර්ථික විශේෂඥයෝ අනතුරු හඟවා තිබේ.

කොළඹ කොටස් වෙළඳ පොළෙන් හා බැඳුම්කර වෙළඳ පොළෙන් පසුගිය සති 2 තුලදි රුපියල් බිලියන 30 කට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ඇදී ගිය අතර ඩොලරයේ අගය ඉහළ යෑමේ අර්බුධයද තවත් වටයකින් දරුණු වී ඇත. විදේශ සංචිත වලින් විශාල ප්‍රමාණයක් ඩොලරය පාලනය කිරීම වෙනුවෙන් මුදා හැර ඇති තත්වය තුල විදේශ ණය ගෙවීමේ ගැටළුවකටද රට මුහුණ දි තිබේ. මුදල් මුද්‍රණය අසාමාන්‍ය ලෙස සිදු කිරීමට ගෙන තිබෙන තීන්දුව නිසා උද්ධමනය වැඩි වීමට හේතුවී ඇති අතර ලබන වසරේ අවුරුදු උත්සව සමය වන විට භාණ්ඩ මිළ සීග්‍රයෙන් වැඩි වීම සිදුවනු ඇති බවත් පැවසේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us