මහින්ද, රනිල්ට බයේ කොළඹින් බෑ කියයි. ලැයිස්තුවෙන් එන්න තීරණය කරයි Featured

Published in පුවත්
Sunday, 11 November 2018 12:36

පොදුජන පෙරමුනේ අගමැති අපේක්ෂකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව ඊයේ දිනය වන විට තීන්දු කර සිටි මහින්ද රාජපක්ෂ මේ වන විට එම අදහස අත් හැර තිබේ. රනිල් වික්‍රමසිංහ සමඟ තරගයක් දි ඔහුට වඩා වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගැනිමට හැකි බව එම පෙරමුණේ නායකයන් විශ්වාස කළේය.

එහෙත් බුද්ධි අංශ හරහා ලැබි තිබෙන වාර්ථා අනුව කිසිසේත්ම කොළඹින් රනිල් අභිබවා වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගත නොහැකි බව පෙන්වා දී ඇත.

එසේම පසුගිය මහ මැතිවරණයේදී කුරුනෑගල දිස්ත්‍රිකයෙන් මැතිවරණයට ඉදිරිපත්ව වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගත්තද මෙවර එම තත්වයද නොලැබෙනු ඇති බව බුද්ධි අංශ විසින් පෙන්වා දි තිබේ. මේ අනුව මහ මැතිවරණයට ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමට ඔහු තීරණය කර තිබේ.

මේ වන විට ශ්‍රිලනිපයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන තිබෙන මහින්ද රාජපක්ෂ අලුත් මුහුණුවරකින් මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමටද නියමිතය. සිරිසේන ජනාධිපතිවරය සමඟ සිදු කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය අසාර්ථක වීමත් ඊට රට තුළිනුත් ජාත්‍යන්තරයෙනු එල්ල වූ දැඩි චෝදනා හේතුවෙන් ඔහුගේ පනස් වසරකට අසන්න දේශපාලන ජීවිතයට විශාල කළු පැල්ලමක් එක් කරගැනීම සිදු වීම නිසා වෙනස් ආකරයකින් මෙවර ප්‍රචාරක කටයුතු මෙහෙයවීම සිදු කෙරෙනු ඇත.

කෙසේ නමුත් පසුගිය වසර 3 තුලදි ජනතාව හමුවේ ජෝකර්වරයකුගේ තත්වයට ඇද වැටීමත් දේශපාලනික නොවන කුමන්ත්‍රණකාරී තක්කඩිකම් වලට වැඩි අවස්ථාවන් දෙමින් කටයුතු කිරීමත් නිසා මහින්ද රාජපක්ෂ දේශපාලනිකවද මේ වන විට පිරිහෙමින් පවතී.

එසේම රාජපක්ෂ පිළෙහි අලුත් බලාපොරොත්තුව ලෙස කරලියට පැමිණි ගෝඨාභය රාජපක්ෂට එම අවස්ථාව නොදි ඔහුව යටපත් කිරීම ගැනද එම කණ්ඩායම තුල බරපතල කනස්සල්ලට හෙතු වී ඇත. මේ වන විට කලකිරීමට පත් ගොඨාභය නැවත් තමන්ගේ දේශය වන අමරිකාව බලා පිටත්ව ගොස් ඇත. ඔහු නැවත ශ්‍රිලංකාවට එන්නෙ මහ මැතිවරණයෙන් පසුව බව හිතවතුන් සමග පවසා ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us