එජාපයෙන් පොදු පෙරමුණක් ලකුණ හංසයා.. සජිත් වෙනුවෙන් මංගල සටනට

Published in පුවත්
Saturday, 10 November 2018 14:03

මහ මැතිවරණයට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය පුළුල් පොදු පෙරමුණකින් තරග කළ යුතු බවට අද උදෑසන පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රබල යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව රවී කරුණානායක මහතාගේ මෙහෙයවීම යටතේ පවතින හංසයා ලකුණ දරන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යටතේ මෙම පුළුල් පෙරමුණ ගොඩ නැගීම ගැනද සාච්ඡාවට ගෙන තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදි මෛත්‍රීපාල සිරිසේන පොදු අපෙක්ෂකයා ලෙස තරග කළේද මෙම පක්ෂයෙනි.

මෙම මන්ත්‍රී හමුවේදී මංගල සමරවීර මහතා, සජිත් ප්‍රෙමදාස හෝ කරූ ජයසූරිය අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන අතරම ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ නම් කර ඉදිරි ප්‍රචාරක කටයුතු සිදු කළයුතු බවත් එමඟින් ලොකු පිම්මකින් එජාපයට ජයග්‍රහණය කිරීමේ වාසිදායක තත්වයක් ඇති බවත් පෙන්වා දී ඇත. එම මතය වැඩි දෙනාගේ පිළිගැනිමට ලක්ව තිබේ.සජිත් ප්‍රේමදාස මහතාද ඒ මතය පිළිගෙන තිබේ.  එජාපය සමඟ ප්‍රජාතන්ත්‍රවාදී වුවමනාව වෙනුවෙන් පෙනි සිටින ශ්‍රිලනිප සහ අනෙකුත් පක්ෂ හා සංවිධානවල කොටස් එක පෙරමුණකට ගෙන තරග කිරීමෙන් සිරිසේන මහින්ද ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීම පහසු වනු බව මංගල සමරවීර මහතා පෙන්වා දී තිබේ

එමෙන්ම සිරිසේන ජනාධිපතිවරයා ගත් ව්‍යවස්ථාකූල නොවන ක්‍රියාමාර්ගයට එරෙහිව නීතිමය පැත්තෙන් ගත හැකි ඉහළම පියවර ගත යුතු බවත් සමරවීර මහතා අවධාරණය කර තිබේ. එසේ නොමැති වුවහොත් යළි පාර්ලිමේන්තුව රැස් කළද සිරිසේනට අවශ්‍ය කරන කෙනා අගමැතිවරයා ලෙස පත් නොකෙරුවොත් යළි පාර්ලිමේන්තුව විසුරුවා හැර විගඩමක් නැටිය හැකි බව පෙන්වා දී තිබේ.

Last modified on Saturday, 10 November 2018 14:11

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us