මහින්දට තවමත් බහුතරය නෑ. ! දුමින්ද සමඟ සාකච්ඡාත් අසාර්ථකයි !! Featured

Published in පුවත්
Wednesday, 31 October 2018 17:27

සිරා මරා බලු පූ‍ට්ටුවේ පාලනය ගෙන යාම සඳහා අවශ්‍ය කරන බහුතර මන්ත්‍රී සංඛ්‍යාව මිලදි ගැනිමට නොහැකි වීමේ බරපතල ගැටලුවකට ඔවුන් මුහුණ පා සිටී. අද සවස ශ්‍රීලනීපයේ දුමින්ද දිසානායක සමඟ බැසිල් රාජපක්ෂ පැය 3 කට ආසන්න කාලයක් සාකච්ඡා කළද දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම දිනා ගත නොහැකිව තිබේ.

මෙහිදි දිසානායක මහතා දේශපාලනික ගැටලු ගනනාවක් සම්බන්ධයෙන් බැසිල් ගෙන් පිළිතුරු අපේක්ෂා කළත් ඒ කිසිවකුට පිලිතුරු ලැබි නැත. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන්නේ නම් තරග කරන්නේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධනෙයෙන් ද පොහොට්‍ටුවෙන්ද යන කරුණ විමසා ඇත. එසෙම සංවිධායකයන් පත් කිරීමේ ගැටලුව, පළාත් සභා මැතිවරණයේදි දෙපාර්ශ්වයට ලැබෙන නාම යෝජනා ගනන් ආදී ගැටලු වලට බැසිල් පිලිතුරු දි නැති අතර ඔහු අවධාරණය කර ඇත්තේ පැත්ත මාරු කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ හැකි බවය, එහෙත් ඊට දුමින්ද ඇතුලු කණ්ඩායම එකඟ වී නැත,

මේ අතර සිරා මරා බලු පූට්‍ටුව ට එකඟ නොවන ශ්‍රීලනිප මන්ත්‍රීවරු කිහිප දෙනෙකු බියට පත් කර කැමැත්ත ලබා ගැනීමේ මෙහෙයුමක්ද මේ වන විට ක්‍රියාත්මකව පවති. ඇතැම් මන්ත්‍රීවරයකුගේ පවුලේ සාමාජිකයන් බියට පත් කිරීම ද සිදුව තිබේ.

කෙසේ නමුත් මේ වන විට රාජපක්ෂ කල්ලිය මරල හෝ බලය ලබා ගන්න තැනට පත්ව තිබේ. මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සෙ රාජපක්ෂ කල්ලිය බොරු පතුරුවමින් විවිධ පුද්ගලයන්ගේ සහය තමන්ට ලැබි තිබෙන බවත් විවිධ පුද්ගලයන්ගේ ආශිර්වාදය ලැබි තිබෙන බවටත් බොරු ප්‍රචාරයන් ගෙන යමින් තිබේ.

Last modified on Wednesday, 31 October 2018 17:29

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us