පැත්ත මාරු කළේ සල්ලි වලට පමණයි..! ඒ සියළු දෙනා දේශපාලනයෙන් විශ්‍රාම ගනී

Published in පුවත්
Wednesday, 31 October 2018 17:00

මහින්ද රාජපක්ෂ සමඟ ආණ්ඩුවක් පිහි‍ටුවීමට සහය පළ කළේ ප්‍රතිපත්තිමය කාරනා නිසා බවට පැත්ත මාරු කළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අදහස් පළ කළද පැහැදිලිම කරණාව වන්නේ තමන්ට ලැබුණු සල්ලි මල්ලේ ප්‍රමාණය අනුව මෙය සිදු කළ බවය.

මන්ද මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායමේ ප්‍රබලයන් ඒකමතිකව කියා සිටින්නේ තමන්ගේ අවශ්‍යතාවය ඉතා ඉක්මනින්ම මහ මැතිවරණයක් කැඳවීම බවය. කොහොමත් ව්‍යවස්ථාව අනුවත් තව වැඩි කාලයක් මේ පාර්ලිමේන්තුව නොපවතින්නේය.ඒ අනුව දේශපාලන පක්ෂයකින් ඡන්දය ඉල්ලා එම ජනතාව පාවාදී පැත්ත මරු කළ වුන්ට මේ කෙටි කාලයක් තුලදි අලුත් පැත්තෙන් ඡන්දයක් ඉල්ලා ජනතාව හමුවට යා නොහැක. ජනතාවගේ පිලිකුලට පත් වූවන්ට රෙද්දක් ඇඳගෙන තමන්ට ඡන්දය දුන් පාක්ෂිකයන් හමුවට යා නොහැක. ඒවාගෙම අලුත් පැත්තේ ඡන්දදායකයා වෙතද යා නොහැක. මන්ද මුන් පැත්ත මාරු කලේ සල්ලි වලට ඇමැතිකම් වලට මිසක් වෙන කෙන් ගෙඩියකට නොවන බව ඔවුන් දන්නා නිසාය. 

මේ බව මේ පැත්ත මාරු කළ මන්ත්‍රීවරු නොදන්නවා නොවේ. කුප්ප වැඩක් සිදු කර යළි දේශපාලනයක් කළ නොහැකි බව මොවුන් දන්නේය. ඩොලර් මිළියන ගනනක සල්ලි මල්ලක් පරම්පරා ගනනකට ඔවුන්ට ඇතිය. ඒ සියළු දෙනා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම අනිවාර්යය.

තවත් කයි කතන්දර වැඩක් නැත. මේ කාලකන්ණි දේශපාලන සූදුව රටේ අනාගතයට නම් වැඩක් වන්නෙ නැත. ජනතාව කැරැළි ගැසිය යුත්තේ මේ තකක්ඩි ක්‍රමයට එරෙහිවය, මැතිවරණ ප්‍රජාතන්ත්වාදය පිලිගන්නා රටක් හැටියට දැන් තත්වය බරපතල අනතුරක් හඟවන්නකි. ජනතා ඡන්දයෙන් ‍තෝරා නොගත් ආණ්ඩුවකට ජනතාවගෙන් වැඩක් නැත. ජනතා ඉල්ලීම් වලින් වැඩක් නැත. ඒකාධිපති මීනීමරු පාලනයක් හැර මේ අලුත් පාලකයන්ට දිය හැකි ලබ්බක් නැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us