අපේ පිරිසක් එජාපයට යන්න ඉන්නවා.. ජනාධිපති ආසන සංවිධායක ‍රැස්වීමේදී තහවුරුකරයි ! Featured

Published in පුවත්
Wednesday, 31 October 2018 19:17

ජනාධිපතිවරයා අද දින කැඳවා තිබු ශ්‍රිලනීප ආසන සංවිධායක රැස්වීමෙදී ශ්‍රීලනිපයෙ මන්ත්‍රී කණ්ඩායමක් එජාපය සමග එක්වීමට නියමිතව සිටින බව ප්‍රකාශ කර තිබේ. මෙම රැස්වීම සඳහා සියලුම ආසන සංවිධායකයන් කැදවා තිබූ නමුත් සංවිධායක ධුර හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් පැමිණ සිටියේ නැත. ඒ අතර දුමින්ද දිසානායක ද සිටි බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මෙම හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ යම් ලෙසකින් හෝ මහින්ද රාජපක්ෂට අගමැතිධුරය තහවුරු කිරීමට නොහැකිව යළි රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස බහුතරය පෙන්වා ජයගත හොත් පැය භාගයක් ඇතුලත තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවය. මෙහිදී මහින්ද රාජපක්ෂ 2015 දී පරාජය වූවානම් තමන්ව මරන්නට සිටි බව ජනාධිපත්වරයාගේ මුවෙන් පිට වී තිබේ.

එම අවස්ථාවේදී නැගී සිටි දැඩිගම ආසන සංවිධායක බණ්ඩාර අතුකෝරල ' තමන්ව මරන්න සිටි එකාව අගමැති කිරීමේ දේශපාලනය කුමක්ද ? යන විමසා ඇත. එමෙන්ම ඒ දේශපාලනය සමඟ තමන් එකග නැති බව අවධාරණය කර තිබේ. ඉන් අනතුරුව නාවලපිටිය, මීගමුව, මීරිගම සංවිධායක වරුද එම කතාව අනුමත කරමින් මේ විසිලු කාරි කුමන්ත්‍රණය නැවැත්විය යුතු බව පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් මෙම අවස්තාවේදි ජනාධිපතිවරයා දැඩි කනස්සල්ලෙන් පසුවී ඇති අතර
එහිදී දයාසිරි ජයසේකර පවසා ඇත්තේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් තමන්ද දේශපාලනිකව අනාත වන බවය, ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පෙන්වා දෙන්නෙ ජනාධිපතිවරය මේ වන විට පරාජිත මනසිකත්වයෙන් පසුවන බවය. ජනාධිපතිවරයා මහින්දව අගමැති කිරීමේ තීන්දුව ඔහුගේ උපදේශකයන් කිහිප දෙනෙකු සමඟ රහසිගතව ගත් එකක් බවත් මේ නිසා ජනාධිපතිවරයට සමීපව කටයුතු කළ බොහො දෙනෙකු මේ වන විට ජනාධිපතිවරයාගෙන් ඈත්ව සිටින බවත් පවසයි. විශේෂයෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය අකර්මන්‍ය වන තරමට එහි නිලධාරීන් රැසක් කලකිරීමෙන් යුතුව සිටින බවත් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us