විදේශ බලපෑමට සිරිසේන බය වෙයි. පාර්ලිමේන්තුව කැඳවයි, කුමන්ත්‍රණය අකුලයි. Featured

Published in පුවත්
Thursday, 01 November 2018 13:36

සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණයට එරෙහිව මේ වන විට එල්ල වී ඇති විදේශීය බලපෑම හමුවේ සිරිසේන ජනාධිපතිවරයාට තමන්ගේ කුමන්ත්‍රණකාරී මෙහෙයුම අකුලා ගැනිමට සිදුව තිබේ. ලබන 05 වනදා පාර්ලිමේන්තුව ‍රැස් කිරීම සඳහා කතානායකවරයාට ඉඩ දිමට සිදුව තිබෙන්නේද ඒ අනුවය.

මහින්ද රාජපක්ෂව අගමැතිවරයා ලෙස පත්කිරීමට ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම නිසා ලෝකයේ කිසිදු රටක් ඒ පිළිගැනීමට ලක් කළේ නැත. මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින චීනය පවා නිල රාජ්‍ය මැදිහත් වීමක් සහිත සුබ පැතීම සිදු කළෙ නැත. මේ තත්වය සිරිසේනගේ ක්‍රියාමාර්ගයට එරෙහිව යෑමක් බව පැහැදිලි කරුණකි. 

එමෙන්ම බොහෝ රාජ්‍යයන් සිරිසේනගේ ක්‍රියාමාර්ගයට එරෙහිව ආර්ථික හා සංචාරක සම්බාධක පැනවීම සිදු කෙරෙනු ඇති බවටත් GSP+ සහනය අහෝසි විය හැකි බවටත් අනතුරු හැඟවිණි.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා හා හොර අගමැති ප්‍රමුඛ හොර ඇමැති මණ්ඩලයට එරෙහිව විදේශ සංචාර තහංචි පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි සේ බියවී සිටි බව සමීප ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් තමන්ගේ ශ්‍රිලනිපයේ සියලු දෙනාගේම සහයොගය ලබා ගැනිමටද නොහැකිව දැඩි කළ කිරීමෙන් පසුවන ජනාධිපතිවරයා. මේවන විට කුමන්ත්‍රණය දියත් කිරීම අත් හැර දමා ඇති බව තහවුරුව තිබේ. මේ වන විට ගෝඨාද පසු බැස සිටින අතර බැසිල් පමණක් මහින්දව අගමැති කිරීමේ උත්සාහය අත් හැර නැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us