සිරිසේනගේ ගොංකම් නිසා GSP+ බදු සහනය අහිමි වන ලකුණු. Featured

Published in පුවත්
Tuesday, 30 October 2018 18:53

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඊයේ යුරෝපා සංගමයේ තානාපති ටුන්ග් - ලායි - මාග්‍යු සිරිසේන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා.

එහිදි තානාපතිවරයා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව යමින් ඇති වී තිබෙන දේශපාලන අර්බුදයට පිළියම් යොදන ලෙසයි. යම් විදියකින් මේ සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වුණොත් යුරෝපා සංගමය යළිත් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන බව ටුන්ග් ලායි මාග්‍යු මහතා කියා සිටිනවා.

මානව හිමිකම් උල්ලංඝනය වීම් හා නීතියේ ආධිපත්‍යයට හානි සිදුවීම නිසා 2010 වසරේදී ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය අහිමි වුණා.

නමුත් යහපාලන රජය පත් වූ පසු අගමැති වික්‍රමසිංහ මහතා යුරෝපා සංගමය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට යළිත් GSP+ බදු සහනය ලබා ගැනීමට හැකි වුණා.

GSP+ බදු සහනය යළිත් ශ්‍රී ලංකාවට අහිමි වුවහොත් මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන ගණනින් අඩුවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ වන විටත් රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ මෙවැන්නක් සිදු වීම රටේ අනාගතයට ඵලදායී නොවන බවයි ආර්ථික විශේෂඥයන් පවසන්නේ.

මේ හේතුවෙන් සිරිසේන ජනාධිපතිවරයා හිතුවක්කාරී සහ අත්තනෝමතික ලෙස සිය බලය අවභාවිත කිරිම හමුවේ යුරෝපා හවුලේ දෙවැනි නිවේදනය අද (30 ) පෙරවරුවේ සිදු කර තිබුණා.

https://newsin.asia/defiant-sirisena-claims-75-popular-support-as-eu-threatens-trade-sanctions

Last modified on Tuesday, 30 October 2018 18:54

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us