ගෝඨාභයගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නේ යෝජිත SOFA සහ ACSA ගිවිසුම් දෙක අත්සන් කිරීම සඳහා හා ඔහු එකඟවන්නේ නම් පමණක් බවට අප විසින් හෙළිදරව් කරන ලද පුවත සනාත වන තොරතුරු ගනනාවක් අප වෙත ලැබී තිබේ,

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොකඩවා වසර 25ක් තිස්සෙ හොබවමින් සිටින රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ගමනෙහි අවසන් පරිච්ඡේදය දැන් ලියවෙමින් පවතී. එදා මෙදා තුර රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට කළ අභියෝග සියල්ල ඔහු ජයගත්තේය. එහෙත් අළු යට තිබූ ගිණි පුපුරු නිවීමට ඔහු සමත් නොවීය. ඒ විටෙන් විට ගිණි පුපුරු විසි කරමින් යළි යළිත් මතුව ආවේය. මේ ගෙවෙන්නේ ඒ ගිණි පුපුරු විසින් යළිත් ඇතිකළ මහ ගින්නක් පැතිර යමින් තිබෙන මොහොතකි.

නිකම්ම නිකං හුදු සන්ධානයක්,අපේක්‍ෂකයෙක් නෙමෙයි අප බලාපොරොත්තු වෙන්නේ අලූත් සන්ධානයක්, අලූත් වැඩපිළිවෙලක්, අලූත් නායකත්වය කණ්ඩායමක් සමග රටට අලූත් බලාපොරොත්තුවක් තමයි අපගේ ඉල්ලීම. යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

රුපියල් මිලියන 29,000 ක දැවැන්ත ආයෝජනකින් ඉදිවුණු ශ්‍රිලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු ආයතනය පසුගිදා අගමැති රනිල් වික්‍රම්සිංහ අතින් විවෘත කෙරිණි.

මෙවර ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපවන බව කියන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු තමා ජනාධිපතිවීමත් සමඟ සම්මත වන බව කියන ස්වයංජාත ව්‍යස්ථාව සම්බන්ධයෙන් මේ වන විට යම් කතා බහක් ඇතිව තිබේ. මෙරට අදට බලපැවැත්වෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සම්බන්ධයෙන් එය පැනවීමටත් පෙර සිට විවේචන එල්ල වූ අතර මේ වන විට 19 වතාවක් සංශෝධනයටද ලක්ව තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට මෙතෙක් අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමත කර නොමැති අතර සඳහා ගෝඨාභය  සොෆා ගිවිසුම සහ ඇක්සා ගිවිසුම සඳහා සිය එකඟතාවය පල කිරීම සමඟ සිදුවෙනු ඇති බවත් තතු දත් ආරංචි මාර්ග පවසයි.

මෙරට නව යුධ හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්ව පත් කිරීම සමබන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර වශයෙන් බරපතල විරෝධයක් මතුවෙමින් තිබේ. යුධ අපරාධ චෝදනා ගනනාවක් එල්ල වී ඇති චූදිතයකු යුධ හමුදාපතිවරයා ලෙස පත් කිරීම පදනම් කරගෙන මෙම විරෝධය මතුව තිබේ.

නව යුධ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට ජනාධිපතිවරය තීන්දු කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලංකාවේ අමරිකානු තානාපති කාර්යාලය සිය අකමැත්ත පළ කර නිවේදනයක් නිකුත් කර තිබේ.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති නිසා ඔහුගේ ආරක්ෂාව තර කරන්නයි ඔහු විසින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ගොඩ නැගුනු ජාතික ජන බලවේගය (NNP) නම් සන්ධානයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අද දින නම් කිරීම අත්පත් කර ගත හැකිව තිබූ ජයග්‍රාහී ඉම අත් හැර දැමීමක් බවට වාමංශික පදනමක් සහිත ප්‍රාමාණික විද්වතුන්ගේ හැඟීම වී තිබේ.

Connet With Us