හැකියාව විශ්වාසකරන තරුණ පරපුරේ සිහිනයන් සැබෑ කරන VTA TEC Featured

Published in පුවත්
Thursday, 22 August 2019 16:25

රුපියල් මිලියන 29,000 ක දැවැන්ත ආයෝජනකින් ඉදිවුණු ශ්‍රිලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු ආයතනය පසුගිදා අගමැති රනිල් වික්‍රම්සිංහ අතින් විවෘත කෙරිණි.

ඔරුගොඩවත්ත, වැල්ලම්පිටියේ ඉදිකෙරුණු මෙම ' ශ්‍රීලංකා- කොරියා ජතික වෘත්තීය පුහුණු ආයතනය (VTA TEC)මඟින් නුදුරේම නවීන තාක්ෂණය පදනම් කළ නව දැනුම ශ්‍රී ලාංකික දු පුතුන් වෙත ලබා දෙනු ඇත. 

මෙම ආයතන විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදී අගමැතිවරයා, ශ්‍රීලංකාවේ ඉදිරි දශකය තුල අත්පත් කර ගන්නා දියුණුව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පහත දැක්වේ.

වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, බේස්ලයින් පාර ශ්‍රී ලංකා - කොරියා
ජාතික වෘත්තීය පුහුණු ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි
වෙමින් 2019.08.20 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව පහත දැක්වේ

අද 20 දින ශ්‍රී ලංකාවේ නවීනතම හා විශාලතම වෘත්තිය පුහුණු
ආයතනය විවෘත කිරීමට අවස්ථාව ලැබුණා. මෙම අවස්ථාවට මට
ආරාධනා කිරීම පිළිබඳව මගේ ස්තුතිය ඔබ සියලූ දෙනාටම පිරිනමනවා.
මෙම ආයතනය නව තාක්ෂණය සමගින් නවීන පුහුණුවක් ලබාදෙන
ආයතනයක් බව සඳහන් කළ යුතුයි. මෙම ආයතනයේ වෘත්තීය පුහුණුව
ලබාගන්නා ඇතැම් සිසුන් පුහුණුව අවසන් වීමෙන් පසු විදේශයන්හි
සේවය කිරීමට අවධානය යොමුකරනවා. මිට පෙර විදේශයන්හි සේවය
කිරීමට අවශ්‍ය දැනුම ලැබේවි යැයි ඔවුන්ට බලාපොරොත්තුවක් තිබුනේ
නැහැ. විෂයන් හා ව්‍යාපාර ගණනාවක් භාරගෙන මෙවැනි ආයතන
බිහිකිරීමට නායකත්වය ලබාදෙන රිෂාඩ් බදියුදීන් අමාත්‍යතුමාට මම
ප්‍රශංසා කරනවා.

අපි බලයට පත්වීමෙන් පසු මෙම ආයතනය ආරම්භ කිරීමට පියවර
ගත්තා. එහිදී මහින්ද සමරසිංහ මැතිතුමා පුරෝගාමීව කටයුතු කළ බව
සඳහන් කළ යුතුයි. වෘත්තීය පුහුණු පිළිබඳව උනන්දුව දක්වන දක්ෂ
රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මෙම කටයුතු වලට
සහය ලබාදෙනවා. වෘත්තීය පුහුණු නවීකරණය කිරීමේ වගකීමත්
වෙළඳ හා කාර්මාන්ත අංශයේ වගකීමත් මේ අමාත්‍යවරු තිදෙනාට
පැවරී තිබෙනවා.

අප වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් කොරියානු ජනරජයේ
ආණ්ඩුවටත්, එක්සිම් බැංකුව සහ කොයිකා වැනි කොරියානු නියෝජිත
ආයතන වෙතත් මාගේ ප්‍රනාමය පුද කළ යුතු වෙනවා. මුදල් වලින්
පමණක් මෙම කාර්යය කිරීමට අපහසුයි. ඔබ අප වෙත ලබාදුන්
තාක්ෂණික ඥානය සහ සහයෝගය පිළිබඳවත් මම මාගේ ස්තුතිය පුද
කරනවා. මෙවැනි ආයතනයක් තුලින් රටේ දහස් ගණන් සිසුන්ට සිය
ශිල්ප ඥානය දියුණු කර ගැනීම සඳහා සෙත සැලසෙනවා. එමගින්
මෙම ආයතනයේ ඉල්ලූම ඉදිරියේදී තවත් වැඩිවෙනවා. ඒ අනුව
මෙමගින් දෙරට අතර පවත්නා මිතුදම තවත් ශක්තිමත් වන බව
ප්‍රකාශ කිරීමට කැමතියි. මෙම අවස්ථාවට සහභාගි වී සිටින ඉන්දියානු
නියෝජිත පිරිස වෙතත් ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර
ගන්නවා.

මෙම ආයතනය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නෙව ලොවට
දාරගුළු විවර කරන ලෙස” ආරාධනා කළා. ඒ නිසා නව ලොව දැනුම
ලබාගනිමින් ශ්‍රී ලංකාව ලොව දියුණු රටක් බවට පත්කළ යුතු වනවා.

අද අපි මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් බවට පත්වී තිබෙන බව
බුද්ධික පතිරණ අමාත්‍යතුමා සඳහන් කළා. 2015 වසරේ රට භාරගන්නා
අවස්ථාවේ ගැටළු ගණනාවක් ආර්ථිකයට බලපා තිබුණා. ණය ලබාගත
නොහැකි තත්වයකට රට පත්ව තිබුනත් ආර්ථිකය ස්ථාවර කරමින්
ආර්ථික දියුණුව ආරම්භ කිරීමට අපට හැකිවුණා. ඒ නිසා ඒකපුද්ගල
අදායම ඩොලර් 4000ට ඉක්මවන ඉහල මධ්‍යම අදායම් ලබන රටක් බවට
පත්වි තිබෙනවා.

මෙම තත්වයට පැමිණීම පිළිබඳව සතුටු වෙනවා වගේම අපට
මුහුණුදීමට තිබෙන අභියෝග පිළිබඳවත් දැනුවත්ව සිටිය යුතුයි. එක
තැන හිදින්නේ නැතිව මීළඟ පියවරට ගමන් කළ යුතුයි. එහිදී දැනට
සිටින ඉහල මධ්‍යම අදායම් තත්වයේ සිට ඉහල අදායම් ලබන
ආර්ථිකයක් දක්වා යා යුතුයි. ඉහල අදායම් ලබන ආර්ථිකයක් බවට
පත්වීමෙන් පසු කොරියාවට ජපානයට හා ඉතාලියට රැකියා සඳහා
පිටත් වු පිරිස් නැවත මෙරට රැකියා සඳහා පැමිණෙනවා. එම රටවල්
දියුණු වූ ආකාරයට අපිත් දියුණුවක් ලබාගත යුතුයි. එසේ නැතහොත්
එකතැන පල්වෙන බව සඳහන් කළ යුතුයි.

ලබන වසර දහය තුල කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සිතා
බැලිමට කාලය පැමිණ තිබෙනවා. මගේ කුඩා කාලයේ මැලේසියාව,
ජපානය, සිංප්පූරුව, කොරියාව සමග සමාන තත්වයක ශ්‍රී ලංකාව
පැවති බව මට මතකයි. අද එම රටවල් දියුණු තත්වයට පත්ව තිබුනත්
අපි තවම එම දියුණු මට්ටමට පත්වී නැහැ. අපට වඩා හොඳ
අනාගතයක් ඔබට හිමිකර දීමට අපි ඉදිරියට ගමන් කළ යුතුයි.
ඒ වෙනුවෙන් අලූතින් සිතමින් අලූත් ආකල්ප ඇතිකළ යුතුයි. අලූතින්
නොසිතුවොත් අපට හොද අනාගතයක් අහිමි වෙනවා. ඉහල මධ්‍යම
අදායම් ලබන රටක් බවට පත්වීමට අප කළ යුත්තේ කුමක්ද? ඒ
වෙනුවෙන් විශාල පිම්මක් ඉදිරියට තැබිය යුතුව තිබෙනවා. විදේශ
විනිමය ඉපයීම, ණය ගෙවීමට මුදල් සොයාගෙන ණය ගෙවා දැමීම,
අදායම් වැඩිකරගැනීම වැනි ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවෙනවා.
රටක් වශයෙන් ලබාගෙන තිබෙන ණය ගෙවීමට නැවත ණය ගැනීම
කළ යුතු අතර පසුවට එම ණයත් ගෙවීමට සිදුවනවා. ලබාගෙන
තිබෙන ණය සියල්ල ගෙවා දමමින් රට ණය උගුලෙන් බේරාගත යුතුයි.
මෙලෙස ණය උගුලෙන් බේරීමට අප සතු විදේශ විනිමය දෙගුණයක්
බවට පත්කළ යුතුය. රටේ ආනයන ප්‍රමාණය අපනයන ප්‍රමාණය
ඉක්මවීම නිසා අපට ණය ගැනීමට සිදුවනවා. අපනයනය ආනයනය
ඉක්මවූ දවසක ණය උගුලෙන් බේරීමට අපට හැකිවෙනවා.
ඒ වෙනුවෙන් ජාපනය, කොරියාව, මැලේසියාව, සිංප්පුරුව වැනි විශාල
අපනයන ආර්ථිකයක් කරා ගමන් කළ යුතු වෙනවා. සිංගප්පූරුවේ.

මනුෂ්‍ය සම්පත හැර වෙන කිසිම සම්පතක් නැහැ. ඔවුන්ට ජලය
නොමැති නිසා ජලය මැලේසියාවෙන් ලබාගැනීම සිදුකරනවා. නමුත් අද
දියුණු රටක් බවට පත්වී තිබෙනවා. සිංප්පූරුවට වඩා සම්පත් මෙරට
තිබෙන නිසා දියුණුවීමට හැකියාව තිබෙනවා. එම දියුණුව අත්කර
ගැනීමට නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුයි. ඇගලූම්
කර්මාන්තයට පමණක් සීමා වෙන්න සේවා ආර්ථිකයක් හා වෙළඳ
රටාවක් ඇති කළ යුතුයි.

ජංගම දුරකථන හරහා ලොව සියලූ තොරතුරු ලබාගැනීමට හැකිව
තිබෙනවා. අනාගතයේදී ජංගම දුරකථනය මගින් පාලනය කළ නොහැකි
දෙයක් නැති තත්වයට පත්වෙනවා. අපි කුඩා කාලේ ලොව විශාලම
හෝටල් සමාගම බවට හැම රටකම හෝටල් කාමර තිබුණු හීල්ටන්
සමාගම පත්ව තිබුණා. අද විශාලම හෝටල් සමාගම වන ''එයාර් බී
ඇන්ඩ් බී'' සමාගමට එක හෝටල් කාමරයක්වත් නැහැ. එදා ශ්‍රී ලංකාව
ඇතුළු ලොව පුරා විශාල කුලී රථ සමාගම් තිබුණා. නමුත් අද ලොව
විශාලම කුලී රථ සමාගම වන ''උබර්'' සමාගමට එක් කුලී රථයක්වත්
අයිති නැහැ. ඒවගේ ආහාර ගෙන්වා ගැනීමට ''උබර් ඊට්ස්'' තිබෙනවා.
ඒ නිසා අනාගතයේ ආහාර වෙළදාමට ආපනශාලා අවශ්‍ය වන්නේ නැහැ.
එවැනි නවීන ලෝකයක අප ජිවත් වෙන්නේ. එවැනි ලෝකයක අප
තරඟ කළයුතුව තිබෙන්නේ.

අප වටා තරග කිරීමට ඉන්දියාව, බංගාලාදේශය, පකිස්ථානය,
ඉන්දුනීසියාව, තායිලන්තය හා මැලේසියාව වැනි මිලියන දෙදහසකට
වැඩි විශාල වෙළඳපොළක් තිබෙනවා. මෙම වෙළඳපොළට අනෙක්
පැත්තට වෙන්න චීනය, ජපානය හා කොරියාව තිබෙනවා. GSP ලැබී
තිබෙන නිසා එහි දියුණුවක් තිබෙනවා.

නවීන දැනුම යොදාගනිමින් නව ව්‍යාපාර ඇතිකර භාණ්ඩ හා සේවා
අලෙවිය තුලින් ලෝක වෙළඳපොළ අත්පත් කරගත හැකියි. ඒ වගේම
කෘෂි කර්මාන්තය නවීකරණයට ලක් කළ යුතුයි. අලූතින් හිතමින්
ඉදිරියට නොගියහොත් අපිට පැවැත්මක් නැහැ. ලබන වසර 10 තුල
ඔබේ හිතේ තියන ලෝකයට අපි යා යුතුයි. ඒ අභියෝගය අපි භාරගෙන
තිබෙනවා.

මැතිවරණ පැමිණ තිබෙනවා. රට ජාතිය බේරාගන්න කියා ඇතැමුන්
කෑගහනවා. අද ත්‍රස්තවාදය ආගම ජාතිය පිළිබඳව ගැටවක් නැහැ.
ඊටත් වඩා රටේ ණය බරින් නිදහස් වී ජාතික අභිමානයක් ඇති
කරගන්නවද නැද්ද යන ගැටලූව ඇතිවී තිබෙනවා. හැමදාම ණය
ලබාගැනීමෙන් ජාතික අභිමානයක් අප තුල ඇතිවන්නේ නැහැ. ලබන
දශකය තුල ණය සියල්ල ගෙවා දමන බවට තීරණය කල යුතුයි.
ජාත්‍යන්තරයෙන් හිගා නොකන බවට තීරණය කළ යුතුයි.

එය අපේ විශාලම අභියෝගය වි තිබෙනවා. ආගම ජාතිය ත්‍රස්තවාදය
ඇතුළු අනෙක් සියල්ලටම අපට පිළිතුරු ලබාදීමට හැකි ප්‍රශ්න බව
සඳහන් කළ යුතුයි. නමුත් ණය හිගමනේ නොයා ණය සියල්ල ගෙවා
දමා ශක්තිමත් ආර්ථිකයක් ඇතිකිරීමෙන් අපේ රට දියුණු රටක් බවට
පත්කළ හැකියි. එසේ ඉදිරියට යෑම මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය බව
සඳහන් කළ යුතුයි. බොහෝ දෙනා මේ පිළිබඳව කතා කරන්නේ නෑ.
ඔවුන්ට මේ පිළිබඳව විසදුම් ඇත්තේද නැහැ.

ඔබේ අනාගතය දෙස
බලමින් රට ඉදිරියට ගෙන නොගිය හොත් මෙරට දියුනුවට පත් නොවන
බව සඳහන් කළ යුතුයි. එසේ වුවහොත් කොරියාවේ, ජපානයේ හා
ඉතාලියේ ගිය පිරිස් නැවත මෙරටට පැමිණෙන එකක් නැහැ
ඔබට හොඳ අනාගතයක් ගෙන ඒමට නිර්භීතව අපේ උත්සාහයෙන් රට
ඉදිරියට ගෙන යෑමට අප සියලූදෙනා එක්ව කටයුතු කරමු.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන්වූ
පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය
පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා
වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම
සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය
අමාත්‍ය බුද්ධික පතිරණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු
නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකාවේ කොරියානු
තානාපති යෙං ලී, වෘත්තීය පුහුණු අධිකාරියෝ සභාපති රවී ජයවර්ධන
යන මහත්වරු කොරියානු රජයේ EXIM බැංකු නියෝජිතයන් සහ රාජ්‍ය
නිලධාරීන් පිරිසක් ද සහභාගි වී සිටියහ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us