ගෝඨාගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නෙ SOFA සහ ACSA ගිවිසුමට එකඟ නම් පමණයි. Featured

Published in පුවත්
Tuesday, 20 August 2019 11:53

ගෝඨාභය රාජපක්ෂගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට මෙතෙක් අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමත කර නොමැති අතර සඳහා ගෝඨාභය  සොෆා ගිවිසුම සහ ඇක්සා ගිවිසුම සඳහා සිය එකඟතාවය පල කිරීම සමඟ සිදුවෙනු ඇති බවත් තතු දත් ආරංචි මාර්ග පවසයි.

පසුගියදා අමරිකානු තානාපතිනිය මෙරට මාධයවේදින් කිහිප දෙනෙකු සමඟ අමරිකානු තානපති කාර්යාලයේදී පැවැති හමුවකදී ගොඨාභයගේ පුරවැසිභාවය් ඉවත් කිරීම සඳහා පවතින ක්‍රමවේදය පැහැදිලි කර තිබිණි. ඒ අනුව ඉදිරි ලැයිස්තුවට ඔහුගේ නම ඇතුලත් විය හැකි බව පවසා තිබිණි.

මේ අතර තානපති කාර්යල ජේෂ්ටයකු රජයේ ප්‍රබලයකු හා පසුගියදා පවසා තිබෙන්නේ ගොඨාගේ පුරවසිභාවය ඉවත් කිරීම සඳහා බාධාවක් නොමැති බවය. මේවන විට අමරිකාව සමඟ වන සොෆා සහ ඇක්සා ගිවිසුම් අත්සන් කිරීමට වත්මන් ආණ්ඩුව විසින් අදිමදි කරමින් සිටීන අතර ඊට හේතුව ලෙස විපක්ෂයෙන් එල්ල වන විරෝධතා බව පෙන්වා දී තිබේ.
කෙසේ නමුත් ගිවිසුම් වල මුල් අදියරෙහි ගිවිසුමට එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාව සිටි ගොඨාභය රජපක්ෂ අත්සන් කර තිබීම ගැනද මෙම නිලධාරියා සිහිපත් කර තිබේ. ආණ්ඩුව විසින් කල් මැරීම නිසා අමරිකාව මෙම ගිවිසුම් අත්සන් කිරීම ජනාධිපතිවරණයෙන් පසුවට කල් තැබූ අතර අනාගත ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව මෙම ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.
ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් මෙම ගිවිසුම බලාත්මක කර ගැනීමෙහි උත්සාහය තුල ඔහු සමඟ එකඟතාවයකට පැමිණීම සඳහා මේ වන විට යම් උත්සහයක් ගනිමින්ද තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව කල්පනා කළ හැක්කේ ගිවිසුමට ගොඨාභය දක්වන එකඟතාවය අනුව ඔහුගෙ පුරවැසිභාවය අහොසි කිරීමේ කටයුතු ඉක්මන් වනු ඇති බවය.

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය හා ඇමරිකානු අවශ්‍යතා සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා වෙබ් අඩවියකට මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ

''මේ ආණ්ඩුවෙන් දැන් ඇමෙරිකාවට SOFA අත්සන් කරගත නොහැක. එය කළ හැක්කේ අලුතින් පත්වන හමුදා සහායද ලබාගත හැකි ජනප්‍රිය සිංහල බෞද්ධ නායකයෙකුට පමණි. 2007 මාර්තු වේදී ගෝඨා ACSA අත්සන් කෙරුවේ Fifth Columnist කෙනෙකු ලෙසිනි. එනිසා එවැන්නෙකු රාජ්‍ය නායකයාවීම හා ඇමෙරිකානු අවශ්‍යතාව අතර ප්‍රතිවිරෝධයක් තිබිය නොහැක.''යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us