නාගානන්ද එක්කෝ පිස්සෙකි. නැතිනම් තක්කඩියෙකි... ඕෂල හේරත්ගේ හෙළිදරව්ව. Featured

Tuesday, 20 August 2019 15:21

මෙවර ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපවන බව කියන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු තමා ජනාධිපතිවීමත් සමඟ සම්මත වන බව කියන ස්වයංජාත ව්‍යස්ථාව සම්බන්ධයෙන් මේ වන විට යම් කතා බහක් ඇතිව තිබේ. මෙරට අදට බලපැවැත්වෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සම්බන්ධයෙන් එය පැනවීමටත් පෙර සිට විවේචන එල්ල වූ අතර මේ වන විට 19 වතාවක් සංශෝධනයටද ලක්ව තිබේ.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් පැනවිය යුතු බවට ප්‍රබල කතිකාවක් කාලයක් තිස්සෙ පවතින අතර ඒ අනුව නව ව්‍යවස්තාවක් සම්පාදනය කිරීම සඳහා මේ වන විට ශ්‍රිලංකා පාර්ලිමේන්තුව විසින් පිහි‍ටුවනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව හමුවේ ඉදිරිපත් වූ යෝජනා සාකච්ඡාවට ගනිමින් අවසන් අදියරක් සඳහා පැමිණෙමින්ද තිබේ.

මේ සියල්ල සිදුවන අතර තුර නාආනන්ද තමන් විසින්ම නිර්මාණය කර ගත් ආන්ඩුක්‍රම ව්‍යවස්තා කෙ‍ටුම් පතක් ඉදිරිපත් කරමින් සිය ජයග්‍රහණයෙන් පසුව සම්මත වන බවත් ඒ අනුව ඉදිරියට කටයුතු කරන බවත් කියයි. එහෙත් එය සිදු කිරීමේ ක්‍රමවේදයෙහි ඇති නීත්‍යානුකූල නොවන ආකාරයත් විහිළු සහගත බවත් සම්බන්ධයෙන් බරපතල විවේචන ඉදිරිපත් වෙමින් තිබේ. විශේෂම කාරණය නම් මෙම ව්‍යවස්තා කෙ‍ටුම් පත සම්මත වීමේ නීත්‍යනුකූල පරිසර ගැන නිශ්චිත අදසක් නාගනන්ද හෝ එම පාර්ශ්වයෙන් ඉදිරිප්ත් නොවීමය. මෙරට ක්‍රියාත්මක නීති පද්ධතිය අනුව එය සිදුවිය යුතු නමුත් එය නාගනන්ද නොතකා හරියි..මේ සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා දිගින් දිගටම ප්‍රශ්න කරමින් තිබේ. ඔහු මේ සම්බන්ධයෙන් පළ කළ තවත් ෆේස්බුක් සටහනකි පහත දැක්වෙන්නේ..

නාගානන්දගේ ස්වයංජාත ව්‍යවස්ථාවට මම මුලික වශයෙන් විරුද්ධ වන්නේ ඇයි?

නාගානන්ද යෝජනා කරන ව්‍යවස්ථාව බලාත්මක කරන ක්‍රමවේදය නීති විරෝධී වන බැවින්

✔️ අපි කැමති උනත්, අකමැති උනත් පාර්ලිමේතුවේ 225 නියෝජනය කරන්නේ මේ රටේ සමස්ත ජනතාව සිය පරමාධිපත්‍ය බලය භාවිතා කරමින් ඔහුන් නියෝජනය සදහා බලය පවරා ඇති පුද්ගලයන් ය. පවතින ව්‍යවස්ථාව සම්මත කර ඇත්තේද සංශෝධනය කර ඇත්තේ ද ජනතාව විසින් ඔහුන් වෙනුවෙන් බලය පවරන ලද එම නියෝජිතයන් විසින්මය. පවතින ව්‍යවස්ථාවට අනුව නව ව්‍යවස්ථාවක් සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ ජනතාව බලය පවරන ලද නියෝජිතයන් ගේ 2/3 අනුමැතිය සහ ජනමත විචාරණයක් හරහා පමණි. ඒ අනුව ඒ ක්‍රමවේදයට බැහැර බලාත්මක කරන්න යන ව්‍යවස්ථා කෙටුම්පතක් ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී වන්නේ ය.

✔️ ජනාධිපතිවරණ මැතිවරණ නීතිය තුලද එම මැතිවරණය මගින්ම ව්‍යවස්ථාවක් බල ගැන්වීම සඳහා ජනවරමක් ලබා ගැනීමට ප්‍රතිපාදන නොමැත.

නාගානන්දගේ යෝජිත ක්‍රමය ප්‍රයෝගික නොවන්නේ ඇයි..

✔️ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් මැතිවරණ 5ක් ඇත. ජනාධිපතිවරණය , මහා මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය සහ ජනමත විචාරණ ඒවා වේ. එම එක් එක් මැතිවරණයේ අපේක්ෂාවන් සහ ඒම මැතිවරණ පවත්වන ක්‍රමවේදයන් මැතිවරණ පත්‍රිකාවේ සිට ගණනය කිරීම දක්වා එකිනෙකට වෙනස්ය. ජනාධිපතිවරණයකදී ජනතාව කිසිසේත්ම ජනමතවිචාරණයක් අපේක්ෂා කරන්නේ නැත.

එවන් පරිසරයක ඉදීරිපත් වන එක අපේක්ෂයෙකු යෝජනා කරන ව්‍යවස්ථාවට පටහැනි යෝජනාවක් පිළිබදව ජනතාව අවධානය යොමු කරන්නේ නැත. තවද මම පෞද්ගලිකවම එකිනෙකට වෙනස් වූ කාරණා දෙකක් වන ජනාධිපතිවරණයක් හරහා ව්‍යවස්ථාවක් සදහා ජන්දය භාවිතා කිරීමට කිසිම කැමැතක් නැත. සමාජ ජාල වල සිටින මිලියන 5කට අධික ශ්‍රී ලාංකිකයන් ගෙන් අඩුම ගානේ 50,000ක ජනතාවක් වත් නාගනන්දගේ ෆේස්බුක් පිටු එකකවත් අනුගාමිකයන් වී නැත. ඔහු විසින් පවත්වන ලද කිසිම රැස්කවීමකට , ජනතාව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට ඒකරාශී කළ හැකි 5000ක ජනකායක් කෙසේ වෙතත් 1000ක වත් සහභාගිත්වයක් ලැබී නැත. එයින් පෙනී යන්නේ නාගානන්ද ව්‍යවස්ථාව ගැන ජනතාව කිසිම සැලකිය යුතු අවධානයක් ලබා නොදී ඇති බවයි.

✔️ නාගානන්ද අපේක්ෂා කරන විදියට (වෙන්නේ නැති වුණත්) දිනයි කියමුකෝ. පහුවදාට පාර්ලිමේන්තුවේ 225 යි ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු වරුයි සුපුරුදු විදියට රාජකාරියට වාර්තා කළොත් ඔවුන් පාලිමේන්තුව හරහා ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන්නලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එය අනුමත කරලා ක්‍රියාත්මක කළොත් මොකද කරන්නේ? අලුත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාපති වරුන් අහන්නේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය එකට දෙන නියෝගද නැත්නම් නීතිවිරෝධී ව්‍යවස්ථාවක් බලාත්මක කරන්න උත්සහ කරන කෙනෙක් කියන දෙයක් ද?

✔️ පාර්ලිමේතුවේ 225යි, මහින්ද, රනිල්, ජවිපෙ, මෛත්‍රී TNA ඇතුළු සියලු කණ්ඩායම් වල නියෝජිතයන් සහ ඔහුන්ට සහය දක්වන මිනිස්සු කැරලි ගහන්න පටන් ගත්තම ඔබ නාගානන්දගේ අනුගාමිකයන් කීදෙනෙක් ඔවුන්ට විරුද්ධව පාරේ සටනට ලෑස්තිද? ලංකාවේ නොවේ ලෝකේ කිසිම රටක නීතිවිරෝධී ලෙස බල සංක්‍රමණයක් මිනිස් ජිවිත බිලිගෙන රටක් අරාජික නොකර සිදු වුයේ කොහෙද? ලංකාවේ මිනිස්සු ගැන නොදන්නා සේ හිතන්නේ ඇයි.. ටෝයියෝ බයියෝ එකට එකතුවෙලා වීදි බැහැපුවාම කවුද ඔහුන්ට එරෙහි වෙන්නේ?

✔️ හිතමුකො නාගානන්ද වගේම රාජපක්ෂ කදවුරෙන් එන අපේක්ෂයාත් නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කරනවා කියලා ජනාධිපතිවරණයට. එහිදී ඔවුන් යෝජනා කළොත් ඔහුන්ගේ මැතිවරණ ජයග්‍රහණය හරහා බලාත්මක වන එම ව්‍යවස්ථාව හරහා ශ්‍රී ලංකාව රාජාණ්ඩුවක් වන බවත් ඒ මගින් මහින්ද රාජපක්ෂ 21 වන සියවසේ ශ්‍රී ලංකාවේ පළවෙනි රජ ලෙසත්, රාජපක්ෂ පරම්පරාව ශ්‍රී ලංකාවේ රජ පරම්පරාව වන වා කියලා. එය සැබැවින්ම නාගානන්දගේ ව්‍යවස්ථාව ජයග්‍රහණයට වඩා දිනීමේ පැහැදිලි අවස්ථාවක් තියෙනවා. එවිට එයත් ඔබ පිළිගන්නවාද?

✔️ වසර 5කට සැරයක් දැනට රටේ මාරු වෙන්නේ ආණ්ඩුව සහ ප්‍රතිපත්ති පමණි. එමගින් රටට වන හානිය ඉමහත්ය. නාගානන්ද ගේ මේ ක්‍රමවේදය පුර්වාදර්ශයක් ලෙස සලකා ඉදිරියේදී එන මැතිවරණවලදී ඉදිරිපත් වන අපේක්ෂයින් විවිධ ව්‍යවස්ථා ගෙන ඒමට කටයුතු කළහොත් එයින් රටට වන හානිය කෙබදුද.?

✔️ නගානන්ද පවසන පරිදි ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය සමග විධායක ජනාධිපතිවරණය අහෝසි වීමත් සමග ඔහු විධායක අගමැති ලෙස දිවුරුම් දෙනවා. ඔහු පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 60ට අඩුකරනවා. සිමානිර්ණය ගුගල් සිතියමක කොටුගසා හරි කරනවයි අපි සිතමුකෝ. එහෙත් මෙහි අසාර්ථක බව දකින ජනතාව ඉන් පසු පැවැත්වෙන මහා මැතිවරණයේදී බහුතර බලය රාජපක්ෂ කඳවුරට සහ unp ඇතිලු අනික් පක්ෂවලට ලබා දෙන්නේ නම් අගමැති නාගානන්ද පසු දිනම විශ්වාසභංගයක් හරහා බලයෙන් පහකරනු ඇති. එම තත්වයට මුහුණ දෙන්නේ කෙසේද?

✔️ යම් කිසි හේතුවක් නිසා පත්වන, නාගානන්ද හදිසියේම මිය යනවා එතකොට රටට මොකද වෙන්නේ?

✔️ නාගානන්ද යනු වරක් ප්‍රශ්න හමුවේ රටින් පැන ගොස් ආතතිය නිසා මානසික දුබලතාවයට පත්වුවකු ලෙස විදේශ රටක සරණාගතයකු ලෙස වසර ගනනාවක් ජිවත් වී විශ්‍රාම යන වයසේ ලංකාවට පැමිණ අපට විමුක්තිය ලබා දෙන්න උත්සහ කරන විමුක්ති කාමියෙකි. බැලු බැල්මට ගෝඨාබය ගේ කතා වස්තුවේ සහ මොහුගේ කිසිම වෙනසක් නැත. වසර තිහක යුද්ධයක් තිබුණ රටක හමුදා සෙබළු සියලු දෙනාම නිරන්තරයෙන් ජිවිත තර්ජයන්ට ලක්විය. එම කාලය තුල මෙරට අත්නොහැර ජිවත් වූ අපිද නිරන්තරයෙන් ජිවිත අවධානයට ලක්විය. නමුත් අපි කිසිවෙක් රට හැර ගියේ නැත. අපිට පිස්සු හැදුනේද නැත. එවැනි අස්ථාවර පුද්ගලයකු ගෙන එන සෑම අතින්ම රට අස්ථාවර කළහැකි යැයි සිතිය හැකි ප්‍රයෝගික නොවන මෙම ව්‍යවස්ථාව කෙරෙහි ශ්‍රී ලංකාව තුල ජිවත් වන පුරවැසියකු ලෙස කෙසේ එකඟ වන්නේ ද?

අවසාන නමුත් තවත් වැදගත් කාරණයක්..

✔️ නාගානන්ද ලබා ගන්නේ ජන්ද 40% යයි සිතමු. ඒ අනුව ඔහුගේ ව්‍යවස්ථාව ජනමත විචාරණයක් ලෙස සලකන්නේ නම් පරාජය වී ඇත. ඉන්පසුව අනෙක් අපේක්ෂකයා දෙවන හෝ පළවෙනි තැන සිටින කෙනත් 50% ලබා ගැනීමට අපොහොසත් වී ඇත. එවන් අවස්ථාවක කරනුයේ දෙවන මනාපය ගණනය කිරීමයි. ප්‍රකාශිත දෙවන මනාප මගින් නාගානන්ද බහුතරයක් ගෙන ජනාධිපති වන්නේ නම් ඔවුන් ඉන් පසු කුමක් කරන්නේද? ඔහුගේ ව්‍යවස්ථාව ජනතාව විසින් පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කර ඇති පරිසරයක ඔහු පවසන පරදී නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් ලෙස ඔහු කුමක් කරන්නේ ද?

මගේ පෞද්ගලික මතය වන්නේ නාගානන්ද දිනනවා තියා ජන්දයවත් ඉල්ලනේ නැත. නමුත් ඔහුගේ ප්‍රායෝගික නොවන මනස්ගාත ව්‍යවස්ථාව ජනතාව සුළු කොටසක් තුල විජේවීර ජනතා විමුක්ති පෙරමුණ තුල අරගල මානසිකත්වයක් ඇති කළා සේ තත්වයක් උදා කරයි. ඒ දේශපාලනික අන්තවාදීන්ගේ රටට හොඳක් වන්නේ නැත. එය ඉතා සුළු කණ්ඩායමක් වුවත්, සහරාන් ඇතුළු isis සුළු කණ්ඩායමක් මඟින් රටේ කළ විනාසයට නොදෙවෙනි විනාසයක් කරනු ඇත.

නාගානන්දට උදව් කරන බහුතරයක් විදේශගත ශ්‍රී ලාංකිකයින් වේ. ඔවුන් රට අත්හැර දමා විදේශවල ජිවත් වීමට තිරණයක කර ඇත්තවුන්ය. නාගානන්ද මෙන්ම ඔවුන්ද ද්විත්ව පුරවැසියන්ය. ඔවුන් කරන්නේ ශ්‍රී ලංකාව තුල වෙසෙන අපේ ජිවිත වලට ඔට්ටු ඇල්ලීමයි. දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාව තුල තීරණ වලට මැදිහත්වනවාට මම විරුද්ධ සේම ශ්‍රී ලාංකික ඩයස්පෝරාවද මැදිහත් වීමට මම විරුද්ධය. මේ මගේ රට මම ජිවත් වන රට, මම පැන්ෂන් යන්න හෝ නිවාඩුවට එන රට නොවේ. එහි තීරණ ගැනීම මේ රට තුල ජිවත් වන අපේ වගකීමයි.

මෙය ලිවිම නාගානන්ද ජයග්‍රහණය වැලැක්වීමට නොවේ. මොකද මේ රටේ හොද මානසික මට්මකින් සිටින ජනතාවක් ඇති බවට මට විශ්වාසයි. මෙය හුදෙක් isis වැනි දේශපාලනික අන්තවාදී කණ්ඩායමක් බිහිවීම වැලැක්වීම සදහා කෙරෙන කරනු පැහැදිලි කිරීමකි.

- ඕෂල හේරත්

Last modified on Tuesday, 20 August 2019 15:32

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us