රනිල්ගේ දේශපාලන මරණය 23 වන දා Featured

Thursday, 22 August 2019 22:05

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොකඩවා වසර 25ක් තිස්සෙ හොබවමින් සිටින රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ගමනෙහි අවසන් පරිච්ඡේදය දැන් ලියවෙමින් පවතී. එදා මෙදා තුර රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට කළ අභියෝග සියල්ල ඔහු ජයගත්තේය. එහෙත් අළු යට තිබූ ගිණි පුපුරු නිවීමට ඔහු සමත් නොවීය. ඒ විටෙන් විට ගිණි පුපුරු විසි කරමින් යළි යළිත් මතුව ආවේය. මේ ගෙවෙන්නේ ඒ ගිණි පුපුරු විසින් යළිත් ඇතිකළ මහ ගින්නක් පැතිර යමින් තිබෙන මොහොතකි.

මේ 25 වසරක ඉතිහාසය පුරා රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට අභියෝග කළ පිරිස් කොතෙකුත් සිටියද ඒ අතරින් තවමත් එම අභියෝගය සමඟින් එජාපය තුල කැරළි ගසමින් සිටින්නේ සජිත් ප්‍රේමදාසය. අද සජිත් ප්‍රේමදාසගේ කැ‍රැල්ල එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය වෙනුවෙන් පමණක් සීමා වුවක් නොවී පක්ෂ නායකත්වය වෙනුවෙන්ද සිදු කෙරෙන්නක බව පැහැදිලිය. මෙය ඔහුගෙ හුදකලා කැරල්ලක් ද නොවේ. ඔහු පි‍ටුපස විශාල බලවේගයක්ද සිටී. මෙවර ඒ වඩාත් ශක්තිමත්ය. මෙහිදී රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය වඩාත් දුර්වල බවද පෙනෙන්ට තිබේ. පක්ෂයේ ප්‍රබලයන් ගනනාවක්ම සජිත් පාර්ශ්වය නියෝජනය කරමින් පෙනී සිටීම නිසා නිසා මෙවර තත්වය බරපතලය. එමෙන්ම පාක්ෂිකයන් අති විශාල ප්‍රමාණක් මේවන විටත් සජිත් ප්‍රේමදාස එජාපයේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට දැනටම තීරණය කර තිබෙන තත්වයන් හමුවේ ඒ කටු වැට පැන යාමට රනිල් පාර්ශ්වයට පහසුවෙන් කළ නොහැකිය. ප්‍රතිවාදී අපේක්ෂකයකු පැමිණ එජාපයට අභියෝග කරමින් සිටින අවස්ථාවක එජාපය දෙකඩ නොවී රැක ගැනීමේ අභියෝගයද මෙම දෙපාර්ශ්වයම හමුවේ තිබෙන නිසා ප්‍රශ්නය තවත් සංකීර්ණය. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කවර පාර්ශ්වයක් හෝ ලබා ගැනීමට අපේක්ෂා කරනවා නම් එජාපය එක මිටකට බැඳ තබා ගත යුතුය. එසේම සෙසු පක්ෂ හා කණ්ඩායම් සමඟ සන්ධාන ගත විය යුතුය. එසේම අපේක්ෂකයා පාක්ෂික හිතවතුනගේ සහ පොදු මහජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට හැකි විය යුතුය.

එහෙත් මේ වන විට එජාපයේ ගැටළුව පවතින්නේ මේ කිසිවක් සාර්ථක කර ගැනීමට හැකි තැනක නොවේ. කවර පාර්ශ්වයක් එජාප නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගත්තත් එය ජනාධිපති සටනට මුහුණ දීමට තරම් ශක්තිමත් නොවනු ඇත. රනිල් පාර්ශ්වය එජාප ගැටළුව ජය ගෙන ඊට සජිත් පාර්ශ්වය එකඟ වූවද එජාපයේ සජිත්වාදී පාක්ෂිකයා ඊට එකඟ නොවනු ඇත. එකඟවිය හැකි මොහොත දැන් කල් පැන තිබේ. සජිත් පාශ්වය ජය ගත්තද රනිල්ගේ නායකත්වය පිළිගන්නා පාර්ශ්වයේ වැඩි ප්‍රමාණයක සහය සජිත්ට ලබා ගත හැකි වූවත් රනිල් විසින් නියෝජනය කරන දේශපාලන ප්‍රභූ පැලැන්තියේ සහය සජිත්ට කිසිසේත්ම ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී එම ඡන්ද ගොඩ සජිත්ට නොලැබීමෙන් පරාජය මිසක් වෙන දෙයක් අත්පත් කර ගත නොහැකිය.
එජාපයට යම් කිසි ලෙසකින් හෝ ශක්තිමත් මතවාදයක් නිර්මාණය කරළීමෙහිදී රනිල් විසින් දැක්වූ දායකත්වය දෙවැනි වන්නේ ජේ. ආර්ටය. සජිත් ජනප්‍රිය නායකයකු වූවද ඔහුට දියුණු දැක්මක් නැත. ඔහු කරන්නෙ ගැලරිය පිනවීමේ දේශපාලනයයි.

මේ යථාර්ථය හමුවේ රනිල්ට හෝ සජිත්ට හෝ වෙනයම් නායකයකුට හෝ දැන් එජාපයේ බර කරට අරගෙන ජයග්‍රහණයයේ සීමාව අසලටවත් පැමිණීමේ හැකියාවක් නැත. එජාප තුවාලය ඔඩු දුවා සැරව ගලමින් තිබේ.. ලෙඩා වේදනාවෙන් කෙඳිරි ගාමින් සිටී. කොටින්ම ලෙඩා දැන් මරණාසන්නය. වෙදකම හදිස්සි කර්ත්‍යවයයකි. ඊට නියම වෙදා සොයා ගත යුතුය. එහෙත් එතකම් ලෙඩා ජීවත් කරගත යුතුව තිබේ. අඩුම තරමින් වේදනා නාශකයක් හෝ දිය යුතුව තිබේ.

එහෙත් හෙට එනම් 23 වන දින ද මේ තුවාලය තවත් පෑරෙනු ඇත. සජිත් ප්‍රේමදාස පාර්ශ්වය හෙට මංගල සමරවීරගේ මෙහෙයුමෙන් මාතර දැවැන්ත රැළියක් සංවිධානය කර තිබේ. එය නිකම්ම නිකම් රැළියක් නොව සජිත් ප්‍රේමදාස එජාප නායකත්වයට නිල නොවන ලෙස ආභිෂේක කරන මහ ‍රැළියකි. ඊට එරෙහිව රනිල් පාර්ශ්වයට අවි මුගුරු ‍රැගෙන දැන් සටනට පිවිස තිබේ. රනිල් ගෙ පාර්ශ්වය සජිත් ගේ කණ්ඩායමට එරෙහිව දැන් වියරුවෙන් මෙන් ක්‍රියාත්මකව සිටී. රනිල්ගෙ සොහොයුරාගේ TNL රූපවාහිනිය දැන් වෙන් කර ඇත්තේ සජිත් මංගල දෙදෙනාට මඩ ගැසීම වෙනුවෙනි. මාතර රැළිය කඩාකප්පල් කිරීම වෙනුවෙන් එජාප මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වය වැලැක්වීමට උපක්‍රම යොදමින් තිබේ. මේ අනුව 23 වන දා කියන්නේ එජාපයට වඩාත් වේදනාකාරී ප්‍රතිපළ ගෙනෙන දිනයක් වනු ඇත.

නමුත් එජාප ලෙඩා බේරාගැනීමට ගොඩ වේදකමක් සොයා ගැනීමේ හැකියාවක් ඉතිරිව තිබේ. ඒ දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් එජාපයේ සියලු වගකීම සහගත තීන්දු තීරණ ගත හැකි නායකත්ව මණ්ඩලයක් පත් කර සජිත් ප්‍රේමදාස එජාපයේ අනාගත නායකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමයි. ඔහුව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමයි. රනිල් වික්‍රමසිංහ එජාපයේ සභාපතිධුරයට පත් කර ගොඩ නැඟීමට නියමිත සන්ධානයේ ද සභාපතිධුරයට පත්කොට එම තනතුරෙහි වගකීම් සහගත බාවය වැඩි කිරීම සිදු කළ යුතුය. දෙපාර්ශ්වයට එකතු කළ හැකි වෙනත් ගොඩ වෙදකමක් මේ හදිසි මොහොතේ සොයා ගැනීමට හැකියාවක් ඇතැයි සිතිය නොහැකිය.

එසේ නොවුණ හොත් පළමු කොටම රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන ජීවිතය හෙටින් පසුව අවසන් කර ගනු ඇත. සජිත් ප්‍රේමදාස ද බරපතල තුවාල ලබා දැඩි සත්කර ඒකකයේ ප්‍රතිකාර ගත යුතු තත්වයට පත් වනු ඇත.

- වෙද පප්පා

Last modified on Thursday, 22 August 2019 22:25

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us