විශේෂයෙන්ම පසුගිය යුධ සමයේදී සිදුවූ යුධමය අපරාධ සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාට එල්ල වී ඇති චෝදනා නිසා ඔහුව හමුදාපතිවරයා ලෙස පත් කිරීමට ගන්න තීරණය ජාත්‍යන්තර වශයෙන් යළි ශ්‍රීලංකාවට අර්බුධයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බව ජ්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් විසින් ද පසුගිය දින කිහිපයේදී පෙන්වා දී තිබිණි.
එසෙම ශ්වේන්ද්‍ර සිල්වාට මේ වන විටත් අමරිකාව ඇතුලු බටහිර රටවල සංචාරය කිරීමේ ගැටලුවක්ද පැන් නැගී තිබේ. ඒ ඔහුට එරෙහිව ජාතයන්තරව එල්ල වී ඇති චෝද්නා හමුවේ අත් අඩංගුවට ගැනීමට ඇති අවදානමනිසාය.