විශේෂයෙන්ම උතුරු පළාතේ ක්‍රියාත්මක වෙනවාය කියන සංවිධාන දෙකක් ඔහුව ඝාතනය කිරීම සඳහා සැලසුම් කරන බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසේ. ඔවුන් ස්නයිපර් වර්ගයේ තුවක්කු දෙකක්ද රහසිගතව මෙරටට ගෙන්වා ඇතැයි ද පැවැසේ.
මෙම ආරක්ෂක ගැටලුව මුල් කරගෙන ඔහු සහභාගී වන මහජන හමු අඩු කිරීමටද පියවර ගෙන ඇති බව ද පැවසේන නමුත් ඔහුගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න නිසා මහජන හමු ප්‍රමාණය අඩු කිරීමට මීට පෙර තීරණය කෙරුනු බවත් වාර්තා විය. ඔහු පසුගියදා මෙරටට පැමිණියේ සිංගප්පුරුවේ රෝහලක බයිපාස් සැත්කමකට භාජනය වීමෙන් අනතුරුවය.