මේ, ගෝඨාව බිත්තියට හේත්තු කරන්න පුලුවන් අවස්ථාවක් - ගජේන්ද්‍රන් Featured

Published in පුවත්
Sunday, 18 August 2019 17:48

රාජපක්ෂ කඳවුරේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබෙන ගෝඨාබය රාජපක්ෂව බිත්තියට හේත්තු කර දෙමල ජනතවගේ නිදහස සහ අයිතීන් සම්බන්ධයෙන් ඔහු සමඟ කේවල් කිරීමකට යෑමේ ස්වර්ණමය අවස්ථාවක් එළඹ ඇතැයි දෙමළ ජාතික ප්‍රගතිශීලී පෙරමුණේ නායක සෙල්වරාජා ගජෙන්ද්‍රන් පවසා සිටියි.

ගොඨාභය අතිශය භයානක පුද්ගලයකු බවත් දෙමළ ජනතා සංහාරයට ඔහු වගකිව යුතෙකු බවත් අවධාරණය කරන ගදේන්ද්‍රන් මෙවර කවුරු ජනාධිපතිවරණ්යට ඉදිරිපත් වූවද දෙමළ ජනතවගේ ඡන්ද්ය නොමැතිව ඒ කිසිවකුට ජයග්‍රහණය කිරීමට නොහැකි බව පෙන්වා දෙයි. ඔහු මේ බව පවසා සිටියේ අද වව්නියාවේ පැවැති මාධය හමුවකදිය.

ඔහු දෙමළ බෞද්ධයන් පවා පීඩවට පත් කළ අයෙකු වන අතර පුද්ගලිකව පවා පීඩාවන් ගෙන දුන් අයකු බව සඳහන් කළේය. කෙසේ නමුත් ඔහු ඒ කිසිම අවස්ථාවක සාර්ථක නොවුවෙක් බවද ඔහු පැවැසීය එහෙත් ඔහුගේ ජයග්‍රහණයට දෙමළ ජනතාවගේ ඡන්දය අත්‍යවශ්‍ය වන නිසා මේ මොහොතේදී දෙමළ පක්ෂ වලට දෙමළ ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් ඔහු සමඟ බරපතල කෙවල් කීරීමකට යෑමේ හැකියාව අති බව ඔහු පෙන්වා දෙයි. ඒ සඳහා දෙමළ පක්ෂ නිවට නියාලු නොවී ශක්තිමත් විය යුතු බවත් පවසයි.

ගෝඨාභයට ඉන්දියාවේ සහ බටහිර රටවල සහයක් නැති බවත් ඉන්දියාවෙන් එන පීඩනය හමුවේ ඔහු චීනය සරණ යන්නකු බවත් පවසන ගජෙන්ද්‍රන් ඔහුට ජය ගැනීමට නම් දෙමළ ජාතිකයන්ගේ පමණක් නොව ඉන්දියාවේද සහය අවශ්‍ය බව පෙන්වා දෙයි. මෙම තත්වය දෙමළ ජනතාවට වාසිදායක බවද පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us