හොඳ කවුද? හොරා කවුද? කියලා මන් අත්දැකීමෙන් දන්නවා - ජනපති සජිත් ගැන වහෙන්ඔරෝ කියයි

Published in පුවත්
Sunday, 18 August 2019 16:45

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පොලොන්නරුවේ පැවැති උත්සව අවස්ථාවක දී ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ගේ පාර්ශ්වයේ සහය ලැබෙන්නෙ කාටද යන්න ගැන ඉඟියක් පළ කළේය. එහිදී පසුගිය 25 වසර තුළ තමා ලත් අත්දැකීම්වලින් හොඳ කෙනා කවුද , හොරා කවුද යන්න ගැන තමා දන්නා බව කීවේය. තමා එම කාලය තුලදී මැති ඇමැතිවරු ගනනාවක් ඇසුරු කළ බවත් ජනතාවට සේවයක් කළේ කවුද යන්න ගැනත් හොඳ අවබෝධයක් තිබෙන බවද අවධාරණය කළේය.

එහිදී නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස ගැනද සඳහන් කරමින් ඔහු පවසා සිටියේ ඔහු අනෙක් අයගෙන් වෙනස් කෙනෙකු බවත් ඔහු ජනතාවගේ සුබ සිද්ධිය තකා විශාල මෙහෙවරක් කළ බවත්ය. වත්මන් ආණ්ඩුව තුල ඔහු කළ කීදෑද ජනාධිපතිවරයා විසින් අගය කළේය.

එසේම ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙකු ඉදිරිපත් වුව ද තමාගේ අභිප්‍රාය වූ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැපවන බවට ඔහු ජනතාවට ප්‍රතිඥා දිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රැකිය යුතු බවත් එම ජනාධිපති අපේක්ෂකයාට තම පාර්ශ්වයේ සහය ලැබෙනු ඇති බවද පවසා සිටියෙය.

2015 ජනවාරි 08 වනදා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් පැවති පාලනයට එරෙහිව ඡන්දය භාවිතා කළේ එම නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙහිදී ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය තම පාලන කාලය බව ජනාධිපතිවරයා පැවැසීය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු බවත් පැවසූ ඔහු කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු දේශපාලන අනුග්‍රහයක් හිමි නොවිය යුතු බවය.

ඉදිරියේ දී කුමන ආණ්ඩුවක් බලයට පත්වුව ද ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය යුත්තේ ජනතාව පීඩාවට පත්වන සියලු කරුණු වෙනස් කිරීමට කැපවීම බවයි.
අද නිදහසේ කතා කිරීමට පමණක් නොව ව්වේචන, චෝදනා පමණක් නොව අපහාස කිරීමට ද අවස්ථාව හිමිව ඇති අතර මීට පෙර සිටි නායකයන්ට එවන් අපහාස සිදුකළා නම් එම පිරිසට අත්වන ඉරණම ඉතා ඛේදජනක වනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කවුරුන් කුමන චෝදනා කළ ද ඉකුත් පස් වසර තුළ රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුර කළා පමණක් නොව රට ගොඩනැගීමට බාධාවක්ව පැවති වංචාව, දූෂණය සහ අක්‍රමිකතාවයට එරෙහිව ද දැඩි වැඩපිළිවළෙක් ක්‍රියාත්මක කළ බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය. ජාත්‍යන්තර බලවේග හේතුවෙන් පිඩාවට පත්ව අන්තර්ජාතික වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද පැවති භීෂණය ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ද ඔහු පෙන්වා දුන්නේය. 

සැමට සෙවණ, ජාතික නිවාස වැඩසටහන යටතේ දිඹුලාගල, සොරිවිල, කොටාරගල ප්‍රදේශයේ සහ දිසාලාගම සහ දිඹුලාගල දළුකාන ප්‍රදේශයේ ඉදිරකන ලද නව ගම්මාන 03ක් අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

ආදිවාසි දිනයට සමගාමිව ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් මෙම ආදිවාසින්ගෙන් පැවත එන නව පරපුරේ නිවාසලාභීන්ගේ අපේක්ෂාවන් ඉටුකරමින් ඉදිකරන ලද සොරිවිල කොටරාගලගම ආදර්ශ ගම්මානය නව නිවාස 16කින් සමන්විත වේ.

මූලික පහසුකම්වත් නොමැතිව සිය ජිවිත ගෙනගිය කොටරාගල ගම්වැසියන්ට, ,සැමට සෙවණ, ජාතික නිවාස වැඩසටහනේ දායකත්වයෙන් දෙවසරක් වැනි කෙටි කාලයකදී නව නිවාස පහසුකම්වලින් සමන්විත ආදර්ශ ගම්මානයකට හිමිකම ලැබිණි.

දළුකාන ජීවහත්තගම නව ගම්මානය නිවාස 27 කින් සමන්විතය. ඒ ඇසුරෙහි ඉදි වී ඇති දිසාලාගම නව නිවාස 23 කින් සමන්විතය.
නිවාස ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා අනතුරුව පැවති උත්සව සභාවේදී නිවාස ලාභීන් වෙත යතුරු ප්‍රදානය කිරීමට ද එක් විය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක යන මහත්වරුන් ඇතුලු මහජන නියෝජිතයන් රැසක් ද, ප්‍රදේශාවාසී ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Last modified on Sunday, 18 August 2019 16:50

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us