ශ්‍රීලනිප සම්මේලනයේ ප්‍රධාන අමුත්තා ගෝඨා..!

Published in පුවත්
Sunday, 18 August 2019 13:42

ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මෙවර සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද ගෝඨාභය රාජපක්ෂට ආරාධනා කිරීමට ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් යෝජනා කර තිබේ. එළඹෙන සැප්තැම්බර් 03 වනදින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම සම්මේලනය පැවැත්වීමට නියමිතය.

ෙපොදු ජන පෙරමුණ සහ ශ්‍රීලනීපය අතර සන්ධානයක් ගොඩනැඟීම සඳහා වන සාකච්ඡා තව දුරටත් පැවැත්වෙමින් තිබෙන නමුත් මේ දක්වා වූ සාකච්ඡා සියල්ල අසාර්ථක විය.

කෙසේ නමුත් මෙම සම්මෙලනය සඳහා ගොඨාභයට ආරාධනා කිරීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ එකඟත්වය තවමත් ලැබී නැති බවත් වාර්තා වේ.

මේ අතර මීට දින කිහිපයකට පෙර පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එජාප ඇමැතිවරයකු ජනාධිපතිවරයාගෙන් 'මෙවර ගොඨාභයට සහය දක්වනවාද ? ' යනුවෙන් කළ විමසීමේදී ජනාධිපතිවරයා පෙරලා ප්‍රශ්න කර ඇත්තේ' තමන්ට පිස්සුවක් තියේ යැයි සිතනවාද ? ' යනුවෙනි. තමන් කිසිවෙටෙකත් එය නොකරන බවත් පවසා තිබේ. එහෙත් පසු දිනක පැවැති ශ්‍රීලනීප ජේෂ්ටයන්ගේ රැස්වීමකදී ' ගෝඨාභයට සහය පළ නොකර සිටිනවාද?' යැයි ශ්‍රීලනීප ජේෂ්ටයකු විමසීමෙදී පවසා ඇත්තේ ' ඇයි දැන් මට කියන්නෙ එජාපයට සහය දක්වන්නදැයි ඔහු පෙරළා ප්‍රශ්න කර තිබේ.

කෙසේ නමුත් ශ්‍රීලනීප සම්මෙලනය සාර්ථක කර ගැනීමෙහි බරපතල ගැටලුවකට එම පක්ෂය මුහුණ දී ඇතැයි ද වාර්තා වේ. ඒ සුගත්දාස ගෘහස්ථ ක්‍රීඩාංගණය යේ ආසන පන්දහස පිරවීමටවත් සෙනග එකතු කර ගැනීමේ ගැටලුවය. ශ්‍රීලනීපය ,පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට සිදු කෙරෙන සාකච්ඡා නිසා ඉතිරිව සිටින ශ්‍රීලනිප සාමාජිකයන්ද දැඩි කලකිරීමට පත්ව සිටීම එයට හේතුවයි. ශ්‍රීලනිපයේ සිය පක්ෂ සම්මෙලනය අඩුම තරමින් පනස්දහසක්වත් පාක්ෂිකයන් කැඳවා උත්සශ්‍රීයෙන් කළ යුතු කරුණක් වූවද මෙවර තෝරාගත් පාක්ෂිකයන් කිහිපදෙනෙකුගෙන් සැහීමකට පත් වීමට සිදුව තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us