රාජපක්ෂලාගේ බිලියන 4.4 ක දන්සල් බිල් ගෙවන්න භාණ්ඩාගාරය බැහැයි කියයි Featured

Published in පුවත්
Sunday, 18 August 2019 02:50

මහින්ද රාජපක්ෂ පවුල් ආණ්ඩු සමයේදි අරලිය ගහ මන්දිරයට විවිධ පුද්ගල කණ්ඩයම් කැඳවා ආහාරපාන සහ වෙනත් තැගී භෝගාදිය සංග්‍රහ කිරීම වෙනුවෙන් රජයේ සහ පෞද්ගලික ආයතනය සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 4.4 ක හිඟ බිල්පත් ගෙවීම මහා භාණ්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම හිඟ බිල්පත් ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ල තිබිණි. එය මුදල් අමාත්‍යශයට යොමු කිරීමෙන් පසුව මහ භාණ්ඩාගාරය දන්වා ඇත්තේ එය ගෙවිය නොහැකි බවය.

විශේෂයෙන්ම රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිදු රාජ්‍ය මුල්‍ය රෙගුලසියක් අනුගමනය නොකරමින් මෙසා විශාල පිරිවැයක් දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් යොදා ගැනීම රාජ්‍ය දේපොල අවභාවිතා කිරීමක්ද වේ. ජනාධිපතිවරයාගේ නමින් මෙම වියදමට අනුමැතිය ලබා දී තිබුණේ එවකට ජනාධිපති කාර්යාලය මඟින් වන නිසා වත්මන් ජනාධිපතිවරයා යටතේ වූවද එම මුදල් ගෙවා අවසන් කිරීමට සිදුව තිබේ. එහෙත් එම ක්‍රියාවලිය සිදුව ඇත්තේ නීති විරෝධීවය. හිඟ මුදලේ ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 4.4 ක වන අතර මේ දන්සැල් වල සමස්ත වියදම මීට කිහිප ගුණයකින් වැඩි බව සැකයක් නැත. මේ 2015 වසරේදී ජනාධිපතිවරණය දිනා ගැනීම වෙනුවෙන් රාජපක්ෂලා වැය කර ඇත්තේ ජනතාවගෙන් අය කරගත් බදු මුදල්ය. ඉතිරිය ගෙවන්න වන්නේද ඒ බදු මුදල් වලිනමය.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා වෙනුවට එම හිඟ මුදල් ගෙවා දැමීමට වත්මන් ජනාධිපතිවරයා විසින් කැබිනට් අනුමැතිය ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නෙ ඔහුගේ දූෂණ විරෝධය වචනවලට පමණක් සීමා වී තිබෙන බවය. මේ මුදල් අවභාවිතය ගැන වහා විමර්ශනයක් සිදුකොට මේ මුදල් මහින්ද රාජපක්ෂගෙන්ම අයකර ගැනීමට කටයුතු සිදුවිය යුතුය.

මෙසේ ගෙවිය යුතු බිලියන 4.4 ක මුදලින් බිලියන 2ක් පමණ රේගු අධිකාරියට ගෙවීමට සිදුව ඇත. එවකට රාජපක්ෂලාගේ දේශපාලන වියදම් දරා ඇති ප්‍රධාන ආයතනයකි ශ්‍රීලංකා රේගු අධිකාරිය. එසේම පෞද්ගලික ආයත වලට ගෙවිය යුතු මුදල් ප්‍රමාණයන් මෙසේය.

රු මිලියන 112ක් World Air (Pvt) Ltd.
රු මිලියන 71.9 ක් Woodstock (Pvt) Ltd.
රු මිලියන 70 ක් Maga Engineering (Pvt) Ltd.
රු මිලියන 24.7 ක් Abans (Pvt) Ltd.
රු මිලියන 24.4 ක් Sri Lanka Granite (Pvt) Ltd.
රු මිලියන.12.9 ක් ETA Melco Engineering (Pvt) Ltd.
රු මිලියන 12.2 ක් B.Somasiri
රු මිලියන 10.3 ක් Premasiri Stores.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us