දේශපාලන පක්ෂ විකිණීමට හෝ කුළියට දීමට තිබේ.! ලන්සුව මිලියන 5 සිට

Published in පුවත්
Sunday, 18 August 2019 02:12

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාකරන ස්වාධීන අපේක්ෂකයන් සඳහා සිය දේශපාලන පක්ෂය විකුණා දැමීමට හෝ කුළියට දීමට මේ වන විට දේශපාලන පක්ෂ 'අයිතිකරුවන්' කිහිප දෙනෙනෙකු සූදනමින් පසුවන බව දැනගැනීමට තිබේ.

එම තොරතුරු අනුව රුපියල් මිලියන 5 සහ 6 ට මේ වන විටත් දේශපාලන පක්ෂ වෙළදාමට විකල්ප අපේක්ෂකයන් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත පුද්ගලයන් සමඟ එම පක්ෂ අයිතිකරුවන් සාකච්ඡා කර තිබේ.

මෙම දේශපාලන පක්ෂවල නායකයන් හෝ බලයලත් තනතුරුධාරීන් ලෙස සිටින්නේ පුද්ගලයන් කිහිප දෙනෙකු පමණක් වන අතර එ්වා ඇතැමෙකුගේ පෞද්ගලික බූදල ලෙස පවත්වාගෙන යති. මේ නිසා මෙවායේ සිටින්නේ සාමාජිකයන් නොව අයිතිකරුවන්ය. මේවන විට ලියා පදිංචි දේශපාලන පක්ෂ 70 කට ආසන්න ප්‍රමාණක් තිබේ.

මෙවර ජනාධිපත්වරණයේදී ඊට නාමයෝජනා බාර දිය හැක්කේ දේශපාලන පක්ෂ සාමාජිකයකුට හෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන අයකුට පමණක් බවට නව නීති සම්පාද්නය කර තිබේ. මේ නිසා මින් පරිබාහිරව ස්වාධීනව නාමයෝජනා බාර දිමට අපේක්ෂා කරන අය අනිවාර්යෙනම දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ඉදිරිපත් විය යුතුය.

මේ තත්වය හමුවේ අයිතිකරුවන් පමණක් සිටින දේශපාලන පක්ෂ කිහිපයක්ම මේ වන විට සිය පක්ෂය ස්වාධීන ජනාධිපති අපේක්ෂකයන් වෙත විකුණා දමා හෝ කුලියට දී ආදායමක් උපයා ගැනීමට උත්සහ ගනිමි තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us