එජාප සන්ධාන ගැටළුව අවසන්..ව්‍යවස්ථාව සංශෝධනය කෙරේ. Featured

Published in පුවත්
Saturday, 17 August 2019 14:58

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා වන ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එය ඉතා සාර්ථක ව අවසන් වූ බව වාර්තා වේ. අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව සිදුවිය.

මෙම සාකච්ඡාවේදී සන්ධාන ව්‍යවස්ථාවේහි තිබූ අඩුපාඩු සම්බන්ධයෙන් පසුගියදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදි නැගුණු විරෝධතා සහ නව යෝජනා සැලකිල්ලටගෙන ඒ අනුව යෝජිත සන්ධාන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙය එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයේදී අනුමත කිරීමෙන් පසුව එජාප සන්ධානය නිලවශයෙන් පිහි‍ටු වීම සිදුවෙනු ඇත.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථානුකූලව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ එකඟතාවයෙන් වහාම නම්කරන ලෙසත්, අපේක්ෂකයා නම් කිරීමෙන් අනතුරුව සන්ධාන ගිවිසුම් අත්සන් කිරීම කළයුතු බවත් තිරණය කර ඇත.

තවද සන්ධානයේ ලේකම් ධූරය බහුතරය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට මෙහිදී එකඟවී ඇත.

එසේම සන්ධානයේ ඉදිරි කටයුතුවලදී ප්‍රතිපත්තිමය තීන්දු තීරණ සඳහා 70% ක කැමැත්ත අවශ්‍ය නොවන බවත් එය 51%ක බහුතරයකින් සිදුකළ යුතු බවත්, කිසියම් හෝ කරුණක් මත සන්ධානයේ එක් පාර්ශවයක් සම්බන්ධ විනය ක්‍රියාමාර්ග හෝ සන්ධානයෙන් ඉවත් කිරීමක් සිදුකිරීමට අවශ්‍ය වුව හොත් ඒ සඳහා 70%ක බහුතර කැමැත්ත ලැබිය යුතු යැයි ද මෙහිදී තීරණය කර ඇත.

අද මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරු වන රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ද මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරමින් රවුෆ් හකීම් අමත්‍යවරයා ද, ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ද, එසේම රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග ඇතුළු නියෝජිත පිරිසක් සහභාගි වී ඇත.

අද මෙම සාකච්ඡාව සඳහා සිය පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද, අත්‍යවශ්‍ය රාජකාරීමය කටයුත්තක් හේතුවෙන් දිගම්බරම් අමාත්‍ය ද සහභාගි වී නොමැති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

the leader ඇසුරෙණි

සැබැඳි පුවත් - 

චම්පික, රාජිත.. සජිත් සමඟ පෙරට..

 සජිත්ට අවස්ථාව දෙන්න. කිරිඇල්ලත් රනිල්ට කියයි. රවී යන්නම යන්න සූදානම් වෙයි 

එජාපයට සජිත් හැර වෙන විකල්පයක් නෑ. යහපාලන න්‍යාය පත්‍රය දැන් තියෙන්නෙ ගෝඨා අතේ

 රනිල් සජිත් අතර එකඟතා ගිවිසුමක් 

 තනි පක්ෂයක් ලෙස අපිට දිනන්න බෑ. සන්ධානයක් අවශ්‍යයි - රනිල්

එජාප සන්ධානය සජිත් වෙනුවෙන් පමණයි. සුළුපක්ෂ තීන්දු කරයි. 05 වනදා සම්මේලනය අහෝසියි;... 

 සජිත්ගේ මල්ටි බැරල් ප්‍රහාරයෙන් රනිල්ගේ සිහිනය බිඳ වැටෙයි

රනිල් සදාකාලික නායකයා කරන අලුත් පෙරමුණ ගැන තව දුරටත්.. 

 රනිල් එජාපයට ද්‍රෝහී වෙයි.. පක්ෂයේ තීන්දු ගැනීමේ බලය පිටස්තරයන්ට..හෙට ගිවිසුම අනුමතයි ! 

 එජාප ජනපති අපේක්ෂකයා සජිත් ! මන්ත්‍රී කණ්ඩායම තීරණයක් ගනී !! කූජිත කල්ලිය පරාජය බාරගනී. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us