සජිත්ට අවස්ථාව දෙන්න. කිරිඇල්ලත් රනිල්ට කියයි. රවී යන්නම යන්න සූදානම් වෙයි

Published in පුවත්
Wednesday, 14 August 2019 22:28

එළඹෙන ජනාධිපතිවරණයේ එජාප ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස පත් කිරීම වියයුතු බව ඇමැති ලක්ෂමන් කිරිඇල්ල ද එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත පවසා ඇති බව ‍TV 1 රූපවාහිනී සේවය වාර්තා කරයි.

මේ වන විට ග්‍රාමීය එජාප සාමාජිකත්වය උද්යෝගයකින් යුතුව සජිත් ප්‍රේමදාස වටා එක්රැස්වෙමින් පවතින බවත් පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයද කෘත්‍යාධිකාරි මණ්ඩලයේද වැඩි වාසිය සජිත් ප්‍රේමදාසට හිමිව පවතින බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ.

ලක්ෂ්මන් කිරිඇල්ල රනිල් වික්‍රමසිංහට ඉතා සමීප පුද්ගලයකු වන අතර එජාපය අර්බුධයට යන සැම විටකම පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සක්‍රීය මැදිහත් වීමක් කළ පුද්ගලයකු ලෙසද ප්‍රකටය. මෙහිදීද ඔහු අවධාරණය කර ඇත්තේ පක්ෂය කැඩී බිඳීයාම වැලැක්වීමට නම් පාක්ෂිකයාගේ ඉල්ලීම මත සජිත් ප්‍රේමදාස ට අවස්ථාව දිය යුතු බවය.

ලක්ෂ්මන් කිරිඇල්ලද මීට මාසයකට පමණ ප්‍රථම තමාද ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සුදුස්සකු බව මාධ්‍ය හමුවකදී පවසා තිබිණි.

මේ අතර සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ නම් තමා ඇතුලුව මන්ත්‍රීවරු 8 දෙනෙකු පක්ෂයෙන් ඉවත්වන බව රවී කරුණානායක එජාප නායකත්වයට දැනුම් දී ඇතැයි පැවැසේ..මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පසුගියදා එම පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා කර ඇති අතර .රවී ඇතුලු කණ්ඩායම තමන් වෙත පැමිණෙන්නේ නම් ඔවුන් සාදරයෙන් බාර ගත යුතු බව පවසා තිබේ.

Last modified on Wednesday, 14 August 2019 22:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us