වන්දනා ගමන අවසන් කර ගෝඨා යළි සියරටට යන ලකුණු Featured

Published in පුවත්
Thursday, 15 August 2019 14:51

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහත් උත්සවශ්‍රීයෙන් වඩම්මවන ලද ගෝඨාබය රාජපක්ෂ සිය වන්දනා ගමන අවසන් කර යළි සියරට වන අමරිකාවට යෑමට සූදානම් වෙතැයි එම පක්ෂයේම තොරතුරු මාර්ග පවසයි.

ගොඨාබයගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධ ගැටලුව පසුගිය කාලයේ විසඳා ගත් බව කීවද එය මෙතෙක් අමරිකාව සිදු කර නැති බව දැන් සහතිකය. අද නිකුත් කරනු ලැබු අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් අයගේ ලැයිස්තුවේ ද  ගෝඨාභයගේ නම ඇතුලත්ව නැත. මීළඟ ලැයිස්තුව තවත් මාස කිහිපයකින් නිකුත් කෙරෙන අතර එම කාලය තුලදී ජනාධිපතිවරණ නාම යෝජනා කැඳවා අවසන්වීමේ හැකියාවක්ද පවතී.

කෙසේ නමුත් තමන් විසින් අමරිකානු පුරවැසිභවය ඉවත් කර ගත් කියමින් ගොඨාභය විසින් මුලින්ම ඉදිරිපත් කරන ලද ලියවිල්ල ව්‍යාජ සහතිකයක් බව .හඳුනා ගැනීමට හැකි වූ අතර තවත් ලියවිල්ලක් සැබෑ ලියවිල ලෙස ප්‍රසිද්ධ කළේය. එහෙත් එයද ව්‍යාජ ලියවිල්ලක් බවට දැන් හෙළිවෙමින් පවතී. එමෙන්ම එම ලියවිල්ල ද පුරවැසිකම ඉවත් කර ගැනීමෙ ලියවිල්ලකුදු නොවන අතර එය පුරවසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම් කළ ලියවිල්ලකි.

මේ අතර ශ්‍රීලංකාවේ පුරවැසියකු ලෙස ජාතික හැඳුම් පතක්ද .මෙරට විදේශීය ගමන් බලපත්‍රයක්ද ගොඨාභය විසින් වත්මන් අගමැතිවරයාගේ මැදිහත් වීමෙන් සකසා ගෙන ඇති බවත් හෙළි විය. ඒවා නීති විරෝධී අයුරින් සිදු කර ගෙන තිබෙන බවද හෙළි විය. මේ නීති විරෝධී හා ව්‍යාජ ලියවිලි පෙන්වා ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමයෝජනා බාර දීමට ගොඨාභය සැලසුම් කරගෙන තිබෙන බවත් දැන් පැහැදිලි කාරණාවකි.

ගෝඨාභයගේ දේශපාලන ආගමනය බොරුවෙන්ම පටන් ගත් අතර එය බොරුවෙන්ම අවසන් වෙනු ඇත. පොදුජන පෙරමුණේම තොරතුරු මාර්ග පවසන්නේ ගොඨාබයගේ අපේක්ෂකත්වය. නාමයොජනා බාර දෙන දිනය දක්වා වන ප්‍රචාරක ව්‍යාපාරයක් පමණක් බවය. ඔහුගේ අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂගේ හෝ බැසිල් රාජපක්ෂගේ හෝ අපේක්ෂාව නොවන බව පැහැදිලි කරණයකි. ගෝඨ මතු වීම වැලැක්වීම සඳහා ඔවුන් දෙපළ කළ කී දැ රටට රහසක් නොවේ. එහි ආදීනව ඔවුහු කලින්ම දැන සිටියෝය.. කොටින්ම ගෝඨා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමඟ ගොඨාභයගේ මිලිටරි ජුන්ටාව හැසිරුණේ රාජ්‍ය බලය තමන් අත්පත් කර ගත් ලෙසය. පොදු ජන පෙරමුණේ සංවිධායකයන් බල්ලට දමා ඔවුන් ගොඨාභයගේ ප්‍රචාරක කටයුතු වල නියැලිනි. ඒ ගැන මහින්ද රාජපක්ෂට පැමිණිලි පිට පැමිණිලි ගලාගෙන ආවේය. එම නිසා ගෝඨාභයගේ වන්දනා ගමනට අදාල දේ හැර අන් සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීමට මහින්දට සිදු විය. ඒ අනුව බැසිල් රාජපක්ෂ ගොඨාභයට නියෝග කර සිටියේ සියලු දේශපාලන පිළිගැනීම රැස්වීම් , රිය පෙරහැරවල් ආදිය නැවැත්විය යුතු බවය.

ගොඨාභයව නිවාස අඩස්සියේ තියාගත්තාක් ලෙස බැසිල් මහින්ද කටයුතු කරමින් සිටිමට හේතුව කුමක්ද ? පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජනතාව අතරට යෑම වැලැක්වීමට හේතුව කුමක්ද? එක්ක‍ො ගෝඨාභයව පරාජය කිරීමේ වුවමනාවය..නැතිනම් ඔහුට නාමයෝජනා ලබා නොදීමට ගෙන තිබෙන පූර්ව නිගමනයයි.

මේ අනුව ඉදිරියේදී විය හැක්කේ තම වන්දනා ගමන අහවර කර ගෝඨාභය සිය රට වන අමරිකාව බලා පිටත්ව යෑම මිසක් වෙනකක් නොවේ.

 https://s3.amazonaws.com/public-inspection.federalregister.gov/2019-17498.pdf

 

සැබැඳි පුවත් 

ගෝඨා එක්ක බෑ . පොහොට්‍ටු ප්‍රාදේශීය නායකයන් මහින්දට පැමිණිලි කරයි.

ගෝඨා සුළඟ ඊයේ රෑම අවසන්.. ඉල්ලපු හින්දා දුන්නා, මහින්දත් අතපිහ ගනී.

මහින්දත්, දෙමළ ජාතික සන්ධානයේ උදව් ඉල්ලයි (ඡායාරූප සහිතයි)

ගෝඨා, දෙමළ ජාතික සන්ධානයේ සහය ඉල්ලයි. උතුරට පොලිස් බලතල දෙන්නත් එකඟයි.

තමන්ගේ අපේක්ෂකයා ලෙස ගෝඨාභයව, ශ්‍රීලනීපය බාරගනී ! දැනටමත් දිනුම්. 60% ක ප්‍රතිශතයක්

එජාපයට සජිත් හැර වෙන විකල්පයක් නෑ. යහපාලන න්‍යාය පත්‍රය දැන් තියෙන්නෙ ගෝඨා අතේ.

ගෝඨා, මෙරට පාස්පෝර්ට් එක, හොරට හදපු හැටි

ගෝඨාගේ අමරිකානු පුරවැසිභාවය අහෝසි කර නැත. ඉල්ලීමක් පමණක් කර තිබේ. එයත් බොරුවක් ?

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

ගෝඨා, අමරිකානු පුරවැසිකම ඉවත්කර ගත්තලු.. රට අන්දවන හොර ලියවිල්ල මෙන්න !

ගෝඨා නිවාස අඩස්සියේ.. පවුලගේ අවසර නැතුව දොට්ට බැසීමත් තහනම්.

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us