රාජපක්ෂලාගේ ඝාතන ගැන පොලිස් විමර්ශන වාර්ථා නීතිපතිවරයා හදිස්සියේ කැඳවයි Featured

Published in පුවත්
Thursday, 15 August 2019 22:01

ලසන්ත, තාජුදීන් ඝාතන ඇතුළු රාජපක්ෂ යුගයේදී සිදුකෙරුණු අපරාධ කිහිපයක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කර ඒ සම්බ්න්ධයෙන් තමාට වාර්ථා කරන ලෙස නීතිපති දප්පුල ඩි ලිවේරා , වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට අද ලිඛිතව දැනුම් දි තිබෙන බව වාර්ථාවේ. එම අපරාධ සම්බන්ධයෙන් නඩු පැවැරීම කඩිනම් කිරීම වෙනුවෙන් මෙලෙස එම විමර්ශන වාර්ථා ඉල්ලා ඇත.

මේ අනුව ලසන්ත වික්‍රමතුංග , වසීම් තාජුඩීන් ඝාතන, කීත් නොයාර්ට පහර දීම, ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරදී යේදී ශිෂ්‍යන් 5 දෙනෙකු ඇතුලු පුද්ගලයන් 11 දෙනෙකු ඝාතනය කිරීම සහ මුත්තූර් හී සහන සේවා සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීමට අදාල විමර්ශන වාර්ථා නීතිපතිවරයා විසින් මෙලෙස ඉල්ලා ඇත.

ඒ කෙසේ නමුත් වත්මන් නීතිපති දප්පුල ලිවේරා එම තනතුරට පත් වීමෙන් පසුව වර්ශ කිහිපයක් තිස්සෙ විමර්ශනය කෙරෙමින් පැවැති අපරාධ කිහිපයක් ගැනම නඩු පැවැරීමට ඉක්මන් වී තිබිණි. ඒ අතර ඇවන්ගාඩ් සිදුවීම මහ බැංකු බැඳුම්කර සිදුවීම විශේෂය. එහෙත් කිසි වග විභාගයකින් තොරව පවරනු ලැබූ නඩු කිහිපයක්ද එම චෝදනා ගොනු කිරීමෙහි ඇති අඩුපාඩු නිසා විත්තියට වාසිදායක ලෙස අධිකරණ තීන්දු ලැබිණි. හදිස්සි කාරයකු ලෙස ප්‍රකට නීතිපතිවරයා ගේ විචක්ෂණ භාවයෙන් තොර කටයුතු නිසා බරපතල අපරාධ කළ චූදිතයන්ට පහසුවෙන් නීතියෙන් ගැලවී යාමට හැකි අවස්ථා නිර්මාණය කර දී ඇති බවට නීතික්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් චෝදනා එල්ල වෙමින්ද තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us