චම්පික, රාජිත.. සජිත් සමඟ පෙරට.. Featured

Published in පුවත්
Friday, 16 August 2019 11:13

අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් හමුවී ඇති අතර එම සාකච්ඡාව අගෝස්තු 12 වැනිදා කොළඹ ස්ථාන දෙකකදී පවත්වා ඇතැයි සතිඅන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත් වාර්තාවට අනුව, එම හමුවේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර ඇත්තේ මුලින්ම සන්ධානය බිහිකර පසුව අපේක්ෂකයා තෝරා ගැනීම තමන් දරන ස්ථාවරය බවය. එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන ගැටළු විසඳාගෙන සජිත් ප්‍රේමදාස, ඒ සඳහා ඉදිරිපත් වන්නේ නම් තමන්ට ඒ පිළිබඳව ගැටළුවක් නොමැති බවද ඔහු එහිදී සජිත් ප්‍රේමදාස වෙත ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් එජාපය ඉදිරි ජනාධිපතිවරණයට තනියෙන් ඉදිරිපත් වන්නට සැලසුම් කරන්නේ නම් ඒ පිළිබඳව ද තමන්ට ගැටළුවක් නොමැති බව චම්පික රණවක අමාත්‍යවරයා එහිදී සජිත් ප්‍රේමදාස වෙත පවසා ඇත.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා අවශ්‍ය සටන තනියෙන් කරන්නට තීරණය කර ඇතිද කියාය. ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ටීඑන්ඒ සහ ජවිපෙ සහය ලබා ගැනීම අනිවාර්ය බව ප්‍රකාශ කර ඇති රාජිත සේනාරත්න ඒ සඳහා සූදානම් දැයි විමසා ඇත.

එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මේ මොහොතේ එජාපය තුළ උද්ගතවී ඇති ගැටළු ඉක්මනින් විසඳාගත යුතු බවය.''

රාජිත, සජිත් සමග හම්බන්තොටට , මංගල සමඟ මාතරට 

රාජිත සේනාරත්න හා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවති සාකච්ජා ඉතා සුහඳශීලි ලෙස නිමාවූ බවත් අගෝස්තු 24 සෙනසුරාදා හම්බන්තොට ශේන්ග්‍රීලා හෝටලයේ පැවැත්වෙන ඖෂවේදීන්ගේ සමුළුවකට එන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ආරාධනය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පිළිගෙන ඇත් බවද වාර්ථා වේ

සජිත් ප්‍රේමදාස 23 සිකුරාදා මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජන රැළියකට සහභාගිවීමට නියමිතය. මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් එම රැලිය සංවිධානය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us