තමන්ගේ අපේක්ෂකයා ලෙස ගෝඨාභයව, ශ්‍රීලනීපය බාරගනී ! දැනටමත් දිනුම්. 60% ක ප්‍රතිශතයක් Featured

Published in පුවත්
Tuesday, 06 August 2019 20:33

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඊයේ සවස් සිදුවු සාකඡාවේ ප්‍රතිපලයක් ලෙස පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තම පක්ෂයේද ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගැනීමට ජනාධිපති සිරිසේන එකඟ වී ඇත

.මේ අනුව 2015 ජනධිපතිවරණයේ සිට දෙපැත්ත බේදී ගහ මරා ගත් ශ්‍රී ලනීප පාක්ෂිකයාට මෙවර එකතු වී තමන්ගේ ජනාධිපතිවරයකු පත් කර ගැනීමේ අවස්ථාව හිමිව තිබේ.

රාජපක්ෂ පවුල් පාලනය සම්බන්ධයෙන් එදා සිට සිරිසේන පාර්ශ්වය ගෙන ගිය විවේචන සියල්ල මේ අනුව පුස්සක් බවට පත්වනු ඇත. ජනාධිපති සිරිසේන ඇතුළු එම කණ්ඩායම ජනාධිපතිවරණ වේදිකාවට නැගී දැන් රාජපක්ෂලාගෙ ගුණ ගයනු දකින්නට ලැබෙණු ඇත.

හෙට අනිද්දාම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ කරුණු කාරණා සම්බන්ධ සිය ස්ථාවරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැහැදිළි කිරීමට ද නියමිතය.

කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ මෙම තීරණය, රාජපක්ෂවරුන් සමඟ දේශපාල ආරෝවක සිටි දුමින්ද දිසානායක වැනි පක්ෂයේ ප්‍රබලයන් සහ පොදු ජන පෙරමුණේ සාමාජිකයන් වෙතින් ගුටි කකා හිටපු ප්‍රාදේශීය දේශපාලකයන් කෙසේ බාර ගනු ඇති දැයි නුදුරේම දකින්නටද ලැබෙනු ඇත.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට එරෙහිව ඇති වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු වලටද ඉදිරියේදී අමුතු සහනයන් හිමි වනු ඇති බවට දැන් සැකයක් නැත. නීතිපති දෙපාර්තමේන්තුව මඟින් පවරා ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති සිරිසේනගේ දේශපාලන වුවමනාවන් මත කටයුතු කරන ආයතනයක් බවට දැන් පත්ව තිබේ. එමෙන්ම වත්මන් නීතිපති පසුගිය කාලයේ රාජපක්ෂවරුන්ට පක්ෂපාත ලෙස නඩු කටයුතු මෙහෙයවූවෙක් බවට එකලම විවේචන ඉදිරිපත්ව තිබිණි. විශේෂයෙන්ම තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරදී ඝාතනය කිරීම සම්බන්ධ රහස් පොලිස් විමර්ශන අවස්ථාවදී ඔහු නාවික හමුදාවට පක්ෂපාතව කටයුතු කළ බවට රහස් පොලීසිය විසින්ම චෝදනා ඉදිරිපත් කර තිබිණි.

මේ අනුව ගෝඨාබය අධිකරණය ඉදිරියේදී නිදොස්වී නිදහස් වී සුද්ධ වන්තයකු ලෙස සමාජය ඉදිරියට ඒමේ පහසු ඉඩකඩක් පවතින බව සාධාරණ ලෙස කල්පනා කළ හැක.

කෙසේ නමුත් පසුගිය පළාත් පාලන මැතිවරයේදී පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ගනනය කිරීමේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් දැනටමත් සිය ජයග්‍රහණය සනි‍ටුහන් කර අවසන්ය.

එහිදී පොදුජන පෙරමුණ ඡන්ද 4,941,952 ක් (44.65%) පොහොට්‍ටුව ලකුණෙන් පමණක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රීලනීපය එජනිස ලෙස ඡන්ද 989,821 (8.94%)සහ ශ්‍රීලනිපය ලෙස 491,835 (4.44%) ලබා ගැනිමට සමත් විය. මේ අනුව සියයට 60 කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් මෙම පක්ෂ දෙකෙහි එකතුවෙහි වෙයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us