රනිල් සජිත් අතර එකඟතා ගිවිසුමක්

Published in පුවත්
Friday, 09 August 2019 10:36

එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය, එජාප නායකත්වය සහ නව සන්ධානය පිහි‍ටුවීම සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර එකඟතා ගිවිසුමක් සඳහා දෙපාර්ශ්වයම කැමැත්ත පළකර තිබෙන බව වාර්තා වේ.

එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස දෙදෙනාම බලාපොරොත්තු වූ අතර එම හේතුව නිසාම පක්ෂය කණ්ඩායක් දෙකකට බේදී යාම පසුගිය සති කිහිපය තුලදී දකින්නට ලැබිණි. මේ නිසා සැලසුම් කළ පරිදි එජාප මුලිකත්වයෙන් අරැඹීමට යෝජනා වූ නව සන්ධානය පිහි‍ටුවීමේ කටයුතුද තාවකාලිකව කල් දැමිණි. නායක දෙපල අතර බලය සම්බන්ධයෙන් වන එකඟතා ගිවිසුමකට අත්සන් තැබීමෙන් පසුව නව සන්ධානය පිහි‍ටුවීමේ අවසන් තීරණය ගැනීමට නියමිතය. එසේම සන්ධාන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටද දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

කෙසේ නමුත් නායක දෙපලගෙ එකඟතාවය කුමක්ද යන්න ගැන තවමත් අණාවරණය වී නොමැති නමුත් වඩාත්ම ගැටලුකාරීව තිබුණේ එජාප නායකත්වය සම්බන්ධයෙනි. එජාප ආරංචි මාර්ග පවසන ලෙස එජාප නායකත්වය තව දුරටත් රනිල් වික්‍රමසිංහ අත තබා ගැනීමටත් ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස වෙත ලැබීමත් විය හැකි බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us