ගෝඨා, දෙමළ ජාතික සන්ධානයේ සහය ඉල්ලයි. උතුරට පොලිස් බලතල දෙන්නත් එකඟයි. Featured

Published in පුවත්
Friday, 09 August 2019 12:54

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ තමන්ගේ ජයග්‍රහණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහය ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ටී සිද්ධාර්තන් හා කළ සාකච්ඡාවක් අතරතුරදීය, දෙමළ මාධ්‍ය පුවත්පත්ක් වන වීරකේසරී පුවත්පත් වාර්ථා කරන ලෙස ගෝඨාභය රාජපක්ෂගෙ නිවසේ පැවැති මෙම සාකච්ඡාවේදී ඔහු දෙමළ ජාතික සන්ධානයේ සහය ඉල්ලා ඇති නමුත් සිද්ධාර්තන් පවසා ඇත්තේ පසුගිය ජනධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට උතුරෙන් ලැබුණු හැත්ත පන්දහසක පමණ ඡන්ද ප්‍රමාණය පමණක් ඔහුට ලබා ගත හැකිවනු ඇති බවය. දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා දීමට පක්ෂ නායක සම්බන්ධන් මහතා සමඟ සාකච්ඡා කර අනෙකුත් පක්ෂ නායකයන් සමඟ එකඟත්වයකට පැමිණීමට සිදුවනු ඇති බවත් ඔහු පවසා ඇත. ගෝඨාභයගේ අදහස වී ඇත්තේ සිංහල ඡන්ද වලින් පමණක් තමන්ට ජයග්‍රහණය කළ හැකි වූවද ජාත්‍යන්තර ප්‍රජාව තමන් ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පිළිගන්නේ සමස්ත ශ්‍රිලංකාව පුරා තමන්ට ඡන්දය හිමි වේ නම් පමණක් බවය. කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද ලක්ෂ 4 කින් බවත් එම ඡන්ද ප්‍රමාණය අභිබවා යන්න සිංහල ජනතාවගෙන් තමන්ට ඡන්ද ලැබෙන බවත් ගෝඨාභය මෙහිදී පවසා ඇත.

මේ සාකච්ඡාවේදී පළාත් සභා සඳහා හිමි බලතල පැවරීම ගැනද කතා බහ කර ඇති අතර එහිදී පොලිස් බලතල යම් ප්‍රමාණක් ලබා දිය හැකි නමුත් ඉඩම් බලතල ලබා දිය නොහැකි බව ගෝඨාභය අවධාරණය කර තිබේ. කෙසේ නමුත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සමඟ සාකච්ඡාවක් තමාට ලබා දෙන ලෙස ගෝඨාභය මෙහිදී සිද්ධාර්තන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා තිබේ.

මේ අතර පසුගියදා මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර කර තිබුණේ සිංහල ඡන්ද වලින් පමණක් තමන්ගේ අපේක්ෂකයාට ජයග්‍රහණය කිරීමට නොහැකි බවත් දෙමළ හා මුස්ලිම් ප්‍රජාවගේ ඡන්ද අනිවාර්යෙන්ම අවශ්‍ය බවය. තමන්ගේ පාර්ශ්වයට සහය ලබා ගැනිම වෙනුවෙන් දෙමළ හා මුස්ලිම් පක්ෂ ගනනාවක් සමඟ මේ වන විට සාකච්ඡාකරමින් තිබෙන බවත් ඔහු පවසා තිබිණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us