ගෝඨාගේ අමරිකානු පුරවැසිභාවය අහෝසි කර නැත. ඉල්ලීමක් පමණක් කර තිබේ. එයත් බොරුවක් ? Featured

Published in පුවත්
Thursday, 01 August 2019 14:05

ගෝඨාභය රාජපක්ෂ සිය අමරිකානු පුරවැසිබාවය අහෝසි කර ගත්තාය..., යනුවෙන් අද දින් ද ඊට අදාල තහවුරුවක් ලෙස සත්‍ය එකක් යැයි කියන ලියවිල්ලක් ප්‍රසිද්ධ කර තිබේ. එහෙත් එම ලියවිල්ල අමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බවට සහතිකයක් නොවේ.

එය පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම්කර ලබා දුන් ලියකියවිලි බාරගත් බවට වන රිසිට් පතක් පමණය.මෙම අලුත් ලේඛනය අනුව පසුගිය අප්‍රේල් 17 වන දින මෙම ලියවිලි භාර දී ඇත. එම ඉල්ලුම් පත්‍රය පිළිගෙන ඇත්තේ මැයි මස 5 වන දිනය.

ගොඨාභය මෙම කටයුත්ත වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී අමරිකාවට ගොස් තිබූ අතර අප්‍රේල් 12 වන දින නැවත මෙරටට පැමිණියේය.

කෙසේ නමුත් විදේශ පුරවැසියකු අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් එරට පවතින නීත්‍යැනුකූල ක්‍රම වේදය එරට 1940 දී සම්මත කර ගත් ජාතිකත්වය සම්බන්ධ පනතෙහි (the Nationality Act of 1940.) 501 වගන්තියෙහි පැහැදිලිව දැක්වේ. අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඔහු සාධාරණ විශ්වාස කටයුතු හේතු ඉදිරිපත් කළ යුතුය,ඒ අනුව මෙසේ ලියකියවිලි බාර දීමෙන් පසුව එම බාරගැනීම රාජ්‍ය ලේකම්වරයා විසින් අනුමත කළ විගස පුරවැසිභාවය් අහොසි නොවේ. අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුව එම ලියකියවිලි අමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට භාර දීම සිදුවන අතර එය අධිකරණමය කටයුතක් ලෙස ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරේ. අමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ඉල්ලුම් කිරීමෙහි අර්ථය අමරිකානු රාජ්‍යයෙන් එම පුද්ගලයාට යම් අසාධාරණයක් අකටයුත්තක් සිදුව ඇති බවය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදු කරනු ලබයි.

එසේම අමරිකානු නීතිය අනුව එරට සිටියදී බදු ගෙවීම ආදී නීත්‍යානුකූල කටයුතු සිදුකර තිබේද ? එම පුද්ගලයාට එරෙහිව අමරිකාවේත් සිය මව් රටෙහි යම් චෝදනා විමර්ශනය වෙනවාද ආදි සියල්ල සොයා බැලීමක් සිදු කරනු ලබයි. ඒ අනුව පුරවැසිභාවය අහොසි කරනවැද නැද්ද යන්න අධිකරණ දෙපාර්තමේන්තුව තීරණය කරයි. මෙම කටයුතට වසරක පමණ කාලයක් සාමාන්‍යයෙන් ගත වන බව තතුදත් අය පවසයි.

ඒ කෙසේ නමුත් ගොඨාභය අමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා අදාල ලියකියවිලි බාර දී ඇති නිසා ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නීතිමය බාධාවක් නැති බවට තර්කයක්ද මේ වන විට ගොඩ නැගී තිබේ. එය පිළිගැනිමට ලක් කරන ලෙස ගොඨාභය අගමැති රනිල් වික්‍රමසිංහගෙන් සහ රාජ්‍ය පරිපාලන ඇමැති වජිර අබේවර්ධනගෙන්ද පෞද්ගලිකවම ඉල්ලීමක් සිදු කර ඇති බවත් පසුගියදා වාර්තා වී තිබිනි. මේ අතර මැතිවරණ කොමිසමෙන්ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් වාර්තා විය.

ඒ කෙසේ වූවත් යම් හෙයකින් ගොඨාභයට ජනාධිපති අපේක්ෂක ධුරය ලැබී ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කිරීමෙන් පසුව අමරිකාව එම පුරවැසිබාවය ඉවත් නොකිරීමට වුව තීරණය කළ හැක. ගොඨාබය අමරිකානු පුරවසිභාවය ඉවත් කර ගැනිම සඳහා සාධාරණ හා විශ්වාස කටයුතු තොරතුරු සපයා නැත්නම් එය එසේ සිදුවනු ඇත. මේ නිසා දැන් ගොඨාභය කළ යුතු වන්නේ තමාගේ ඇති අවංකභාවය පෙන්වීමට නම් පුරවැසිභාවයෙ ඉවත්කර ගැනීමට දැක්වූ කරුණු කාරණා මෙරට ජනතාව හමුවේ පෙන්වා දීමය. එහෙත් ඒවාද පෙර මෙන් ව්‍යාජ ලේඛන නොවිය යුතුය. පුරවැසිබාවය ඉවත් නොකිරීමට ගෝඨා ඉදිරිපත්කර තිබෙන හේතු ව්‍යාජයන් නම් ඔහු මේ කරන්නේ තම සොහොයුරාවත් රටත් ජනතාවත් ‍රැවැටවීමකි.

පසුගියදා ගෝඨාභය විසින් ඉදිරිපත් කර තිබූ පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම් කළ බවට වන ලේඛනය ව්‍යාජ  බව තහවුරු වීම නිසා අද සත්‍ය ලේඛනය යැයි ලේඛනයක් ප්‍රසිද්ධ කර තිබේ. පෙර දින ව්‍යාජ ලේඛනයක් සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂ වෙතද ලබා දී එය ප්‍රසිද්ධ කිරීමට කටයුතු යෙදුවේ කවර හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත. මෙරට ජනතාවගෙන් වසන් කළ යුතු යමක් සත්‍ය ලේඛනයේ තිබු නිසාද විය හැකිය. සම්හර විට අමරිකාවේ සිය පදිංචි නිවස වසන් කර ගැනීමට ද විය හැකිය. අද නිකුත් කර ලේඛනයෙහි ඇති ලිපිනයෙහි ඇති අමරිකාවේ නිවස මේ සමඟ දැක්වේ.

සැබැඳි පුවත් :

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

ගෝඨා, අමරිකානු පුරවැසිකම ඉවත්කර ගත්තලු.. රට අන්දවන හොර ලියවිල්ල මෙන්න !

ගෝඨා එන එක වලක්වන්න මහින්ද බැහැලම වැඩ. ජොන්ස්ටන් කරළියට

gota real

gota house usa

SECTION 1. This Act may be cited as the Nationality Act of 1940.

SEC. 401.

A person who is a national of the United States, whether by birth or naturalization, shall lose his nationality by: (a) .......

(f) Making a formal renunciation of nationality before a diplomatic or consular officer of the United States in a foreign state, in such form as may be prescribed by the Secretary of State; .....

SEC. 501. Whenever a diplomatic or consular officer of the United States has reason to believe that a person while in a foreign state has lost his American nationality under any provision of chapter IV of this Act, he shall certify the facts upon which such belief is based to the Department of State, in writing, under regulations to be prescribed by the Secretary of State. If the report of the diplomatic or consular officer is approved by the Secretary of State, a copy of the certificate shall be forwarded to the Department of Justice, for its information, and the diplomatic or consular office in which the report was made shall be directed to forward a copy of the certificate to the person to whom it relates.

Last modified on Thursday, 01 August 2019 14:07

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us