ගෝඨා එන එක වලක්වන්න මහින්ද බැහැලම වැඩ. ජොන්ස්ටන් කරළියට Featured

Published in පුවත්
Sunday, 28 July 2019 00:14

එළඹෙන ජොධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගොඨාභය රාජපක්ෂව ඉදිරිපත් කිරීම සඳහා එම පක්ෂයේ බහුතරයේ කැමැත්ත හිමිව තිබුණත් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඊට එරෙහිව ගෙන ගිය සීතල යුද්ධය දැන් අතින් පයින් ගහ ගන්නා තැනට පත්ව තිබේ.

කුමාර වෙල්ගම, වාසුදේව නානායක්කාර ආදින් පාවිච්චි කර ගොඨට එරෙහිව මතවාදී ව්‍යාපාරය සැලසුම් කළේ මහින්ද සහ බැසිල්ගේ අනුමැතිය සහිතව යන්න දැන් ප්‍රසිද්ධ කරුණකි. මේ වන විට ගොඨාබය ඉදිරිපත් කරන්නෙ නම් තමන් පොදු ජන පෙරමුණෙන් ඉවත් වන බව කියන කණ්ඩායමක්ද පොදුජන පෙරමුණේ සිටිති. කුමාර වෙල්ගම දැන්ටමත් මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය පිළිගෙන ශ්‍රී ලනිපයේ වැඩසටහන් වලට සහභාගි වෙමින් තිබේ. පොදු ජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරයකුද මාධ්‍ය සාකච්ඡා වලදී පොදු ජන පෙරමුනේ කිහිප දෙනෙකු ශ්‍රිලනිපයට සහ එජාපයට එක්වීමේ හැකියාවක් තිබෙන බවත් මේ වන විට පිළිගෙන තිබේ.

මෙම සිතල යුද්ධය අද දින ගැ‍ටුම්කාරී තැනකට රැගෙන යාමට කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළේය. ඊයේ (27) දින කුරුණැගල පවත්වන්නට කටයුතු යොදා තිබූ ගෝඨාබයගේ දේශපාලන සංවිධානය වන වියත් මගෙහි සම්මන්ත්‍රණය කඩාකප්පල කිරීමට ජොන්ස්ටන් විසින් කටයුතු කර තිබිණි. ඔහුගේ ලේකම් වරයා වන ලක්ෂිත ලංකාතිලක විසින් සහ අනෙකුත් කණ්ඩයම් විසින් ඊයේ දිනයේ සිටම වියත් මඟ සංවිධානයට එරෙහිව ප්‍රකාශ කිහිපයක් ෆේස්බුක් සමාජ ජාලය හරහා ප්‍රකාශයට පත් කර තිබිණි. එක් ප්‍රකාශයක අද වියත් මඟ සම්මන්ත්‍රණය නොපැවැත්වෙන බවටද දන්වා තිබිණි. එමෙන්ම වියත් මඟ සම්මන්ත්‍රණය පැවැත්වෙන අතරතුරෙදී විශ්‍රාමික මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා දේශනයක් පවත් වමින් සිටියදී ඒ අතරට කඩා පැන ගැ‍ටුමක් ඇති කිරීමටද ජොන්ස්ටන්ගේ ගෝලබාලයකු කටයුතු කර තිබේ.

viyath 1viyath 2

ජොන්ස්ටන් යනු මහින්ද රජපක්ෂගේ අතිශය සමීපතමයකු වේ. පසුගිය මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ ප්‍රචාරක මෙහෙයුමද මුළුමනින්ම ජොන්ස්ටන් විසින් සිදු කරනු ලැබුවේය.

කොහොම වෙතත් මේ වන විට ගෝඨාබයගේ දේශපාලන ආගමනය වැලැක්වීම සඳහ මහින්ද රාජපක්ෂ එළිපිටම වැඩ කරන තත්වයට පත්ව තිබේ. මීට දින කිහිපයකට පෙර ගෝඨාබයව ජනාධිපති අපෙක්ෂකයා කරන බවක් තමන් මෙතෙක් පවසා නැති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමටද ඔහු ඉදිරිපත්ව තිබිණි.
මේ අනුව ලබන 11 වෙනිදා පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණේ සම්මේලනයේදී ජනාධිපති අපෙක්ෂයා ලෙස ගෝඨාබයව නම් කිරීමක් සිදුවීමේ ඉඩක් පැහැදිලිවම නැති බව පෙනී යයි.

ඒ කවරක් වූවත් ගොඨාභයට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන්නැයි ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන්ද බලපෑම් එන්න එන්නම වැඩි වෙමින් තිබෙන බව එම පවුලේ සමීපතමයන් පෙන්වා දෙයි. මහින්ද සහ බැසිල් සිය සහොදරයන් වූවත් දේශපාලනයේදී එම සහෝදරකම් බලනොපාන බවත් තමුන්ට කවර හෝ බාධාවකට මුහුණ දිය හැකි බවත් ඔවුන් අනතුරු හඟවා ඇත්තේ මහින්ද රාජපක්ෂගේ අතීත ක්‍රියාදාමයන්ද මතක් කරමිනි.

ගෝඨා නිවාස අඩස්සියේ.. පවුලගේ අවසර නැතුව දොට්ට බැසීමත් තහනම්.

Last modified on Sunday, 28 July 2019 00:26

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us