කුඩ්ඩොයි, බේබද්දොයි...සිරිසේනගේ මත් විරෝධී සටනට එක්වෙලා !

Published in පුවත්
Monday, 29 July 2019 18:50

මත්ද්‍රව්‍ය විරෝධී සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (29) පෙරවරුවේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව ආණ්ඩුවේ වගකිව යුතු පිරිස් පාරට බහිද්දි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ දූෂිතයන් ජය පැන් බොන්නට පටන්ගත් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ප්‍රසිද්ධියේ පැවැසූවද ඒ කටට ආවට කියපු දෙයක් යැයි පසුව විදේශ තානාපතිවරුන් ඉදිරියේ පවසා තිබිණි.

ඒ කොහොම වූවත් රටේ ජනතාවගෙන් සියයට 90ක් පමණ තමාගේ මත්ද්‍රව්‍ය විරෝධී සටනට එක්ව ඇතැයි ජනාධිපති පවසන්නේ කොහෙන් ගත් සංඛ්‍යා ලේඛන මඟින්ද යන්න ගැටලුවක් තිබේ.

මන්ද ඉතා මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ වාර්ථාවකට අනුව ලංකාවේ පිරිමි ජන ගහනයෙන් සියයට 47.8 ක් ම මත්පැන් පානයට හුරුව සිටී. ඒ අතරින් වයස අවුරුදු 15 ත් 19 ත් අතර පිරිසම සියයට 12.4 කි..එමෙන්ම දුම් වැටි පාරිභෝජනයද ජනගහනයෙන් සියයට 30 ක්කට ආසනන්ය. මීට අමතරව හෙරෝයින්, ගංජා, කොකේන්, පෙති වර්ග ආදී වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිසක්ද මේ ගනනට එකතු විය යුතුය. කාන්තා ජනගහනයෙන් යම් ප්‍රතිශතයක්ද මේ ගනනට එකතු විය යුතුව තිබේ.

ඒ අනුව රටේ ජනගහනයෙන් සියයට 90ක් තමන්ගේ මත්ද්‍රව්‍ය විරෝධී සටනට එක්වී ඇතැයි පැවසීම එක්කො කවුරු හෝ දුන් ලනුවක් ගිලීමකි. නැත්නම් හිතා නොහිතා කටට ආවාට කියුවකි. එසේත් නැත්නම් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටි පිරිසෙන් වැඩි කොටසක් ජනාධිපතිවරයාගෙ මත් විරෝධී වැඩපිළිවෙලට හදිස්සියේම එක්වී තිබේ.

Last modified on Tuesday, 30 July 2019 18:04

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us