ජනපතිවරණයෙන් පසුව මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවනවා. - චම්පික

Published in පුවත්
Monday, 29 July 2019 20:53

කවුරු මොන අපේක්ෂකයා ඉදිරිපත් කළත් ජනාධිපතිවරයා පත්වන්නේ ප්‍රධාන බල කඳවුරු දෙකෙන් එකකින් බවත් ජයග්‍රාහකයාට ලබන මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න හැකියාව ලැබෙන බවත් ඇමැති චම්පික රණවක පවසයි. එමෙන්ම එහි " ප‍්‍රතිඵලය ඉතා පැහැදිලියි.

ජයග‍්‍රාහී ජනාධිපතිගේ බල කඳවුර, පාර්ලිමේන්තුව තමන් සතු කර ගන්නවා. ඒ එයින් තෝරා ගන්නා අගමැති එතන පත් වෙනවා. ඒ වගේම පලාත් සභා බලයත් එම පක්ෂයට ඊ ළඟ මැතිවරණයේදී හිමිවෙනවා. " යැයිද ඔහු පවසා සිටී.

මහානගර ඇමැති පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කර සිටියේ, සමාජ ජාල ක්‍රියාකාරීන් හමුවේ අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජනාධිපතිධූරය, ඔහු තමයි රාජ්‍ය නායක ධූරය රාජ්‍ය නායකයා, විධායකයේ නායකයා, කැබිනට් මණ්ඩලය ප‍්‍රමුඛ ආණ්ඩුවේ නායකයා හා සේනාධිනායකයා. ඒ වගේම මේ සේනාධිනායකයා නමැති දෙයට අර්ථකතනයක් ‍ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙනවා. ඔහුට ආරක්‍ෂක අමාත්‍යාංශය හිමිවිය යුතුයි කියලා. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ විෂය බෙදීමේ බලය ආණ්ඩුවේ නායකයා හැටියට ඔහුට තිබෙනවා. ඔහු තමයි මූලිකයා. සමහරු කියනවා දැන් ඉන්නේ විලියම් ගොපල්ලව කියලා. විලියම් ගොපල්ලව මැතිතුමා නාමික ජනාධිපතිවරයා, ඔහු ආණ්ඩුවේ නායකයා නෙමෙයි. ආණ්ඩුවේ නායකයා උනේ එම අවස්ථාවේ අග‍්‍රාමාත්‍යවරයා. එම නිසා මේ වෙනස මෙතන තිබෙනවා.

ඒ වගේම 19 වෙනි සංශෝධනයට කලින් තිබූ තත්වයේදී පවා අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව තිබුණා නම් ජනාධිපතිවරයාගේ පක්ෂයේ නෙමෙයි ප‍්‍රති පක්ෂයේ, ඔය අද තිබෙන අර්බුධයම එනවා. උදාහරණයක් ලෙස ජයවර්ධන ජනාධිපතිතුමාට එහෙම ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ මොකද එතුමයි, එතුමාගේ පක්ෂයයි දෙකම බලයේ හිටියා. හැබැයි එතුමා 83 දී මැතිවරණයක් පවත්වලා රටේ අග‍්‍රාමාත්‍යධූරය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට ගියා නම්, ජනාධිපති ජයවර්ධන මැතිතුමා උනා නම් අනිවාර්යයෙන් මේ තත්වය ඇතිවෙනවා. මොකද ජයවර්ධන ජනාධිපතිතුමාට 19 වෙනි සංශෝධනයට පෙර තිබිච්ච බලය යටතේ ආණ්ඩුව ගෙනයන්න බැහැ සිරිමාවෝ මැතිණියගේ සහය නැතිව.

ඒ වගේම රණසිංහ ප්‍රේමදාස බලයට පත් වෙලා ඔහුට බහුතර ආණ්ඩුවක් ලැබුණා. නමුත් එක් අවස්ථාවක පක්ෂයේ කොටසක් කැඩිලා ගියා ලලිත් ඇතුළත්මුදලි මහත්මයාගේ නායකත්වයෙන්. ඒ අවස්ථාවේදී උත්සාහයක් තිබුණා ලලිත් ඇතුලත්මුදලි මහතා අග‍්‍රාමාත්‍යවරයා කරන්න. ලලිත් ඇතුළත්මුදලි මහත්මයා අග‍්‍රාමාත්‍යවරයා උනා නම් ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ අපි කාටත් හිතා ගන්න පුළුවන් ඒ ආණ්ඩුවට වෙන දේ.

මේක ප‍්‍රායෝගිකව සිදු වූනා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ දෙවෙනි ධූර කාලයේදී. රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති උනා. ඒ අවස්ථාවේදීත් මේ ප‍්‍රශ්නය පැණ නැගුණා. දැනුත් මේ ජනාධිපති - අගමැති අතර ඇතිවී තිබෙන ගස්ටනය නිසා මෙය ඇතිවී තිබෙනවා. හැබැයි ජනාධිපති පත් වෙන පාර්ශවයෙන් නම් අග‍්‍රාමාත්‍ය ඇතුළු පාර්ලිමේන්තුවත්, ඇමති මණ්ඩලයත් පත්වෙන්නේ මේ අර්බුධය ඇතිවෙන්නේ නැහැ. ඊ ළඟ ජනාධිපතිවරණයෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඇයි? ඊ ළඟ ජනාධිපතිවරණය දෙසැම්බර් 08 වෙනිදාට පෙර පැවැත්විය යුතුයි. ඒ කියන්නේ මේ වසරේ දෙසැම්බර් 08 වෙනිදා කවර හෝ පක්ෂයකින් හෝ ස්වාධිනව නව ජනාධිපතිවරයෙක් පත් වෙනවා. ස්වාධිනව පත් වෙන්න තිබෙන ඉඩකඩ අඩුයි මොන කතා කිව්වත්. බලකඳවුරු දෙකෙන් එකකින් තමයි එන්නේ.

ඊ ළඟට ඔහුට හැකියාව ලැබෙනව ලබන මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. ප‍්‍රතිඵලය ඉතා පැහැදිලියි. ජයග‍්‍රාහී ජනාධිපතිගේ බල කඳවුර, පාර්ලිමේන්තුව තමන් සතු කර ගන්නවා. ඒ එයින් තෝරා ගන්නා අගමැති එතන පත් වෙනවා. ඒ වගේම පලාත් සභා බලයත් එම පක්ෂයට ඊ ළඟ මැතිවරණයේදී හිමිවෙනවා. එම නිසා ඔය අර්බුධය, සමහරු ඔය නීති තර්ක ගෙනාවට, වර්තමාන තත්වය විග‍්‍රහා කරමින් කිව්වට මෙය කලිනුත් තිබිච්ච තත්වයක්. 19 වෙනි සංශෝධනයෙන් ජනපතිගේ අත්තනෝමතික බලතල සැලකිය යුතු අන්දමින් ඉවත් උනා. නමුත් ඔහු තවමත් රාජ්‍ය නායකයා, විධායකයේ නායකයා, ආණ්ඩුවේ නායකයා හා සේනාධි නායකයා යැයි පැවසීය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us