සජිත්ගේ මල්ටි බැරල් ප්‍රහාරයෙන් රනිල්ගේ සිහිනය බිඳ වැටෙයි Featured

Published in පුවත්
Thursday, 01 August 2019 17:02

එක්සත් ජාතික පක්ෂය නායකයා සදාකාලික පක්ෂ නායකත්වයේ තබා ගැනීම වෙනුවෙනුත් එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ඒකාධිකාරය යටතේ තබා ගැනීමටත් රනිල් වික්‍රමසිංහ ඇතුලු කණ්ඩායම අද දින ගත් උත්සාහය පරාජය වී තිබේ. අද අරලිය ගහ මන්දිරයේදී යෝජිත පෙරමුණේ ව්‍යවස්ථාව අනුමත කර ගැනීම වෙනුවෙන් කැඳවා තිබු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවේදී එම ව්‍යවස්ථාවට බරපතල විරෝධයක් එල්ල විය.

ඊයේ අප විසින් මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හෙලිදරව් කිරීමක් සිදු කළ අතර එමඟින් එජාපය නිවට නියලු පක්ෂයක් බවට පත් වීමත් එජාප නායකයා තමන්ගේ නායකත්වය තව දුරටත් පවත්වාගෙන යෑම සඳහා මෙම පෙරමුණු ගැටය ගැසූ බවත් අප කරුණු කාරණා සහිතව හෙළිදරව් කළෙමු.

එම මතු කළ කාරණා සම්බන්ධයෙන් අද දින කෘත්‍යොධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් වාදයක් බවට පත්ව තිබේ.

එජාපය අනෙකුත් පක්ෂ සමඟ සන්ධානයකට යෑම බහුතරයක් දෙනා අනුමත කළ නමුත් එම සන්ධාන ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරනු ලැබීය. මෙම පෙරමුණේ ව්‍යවස්ථාව අනුමත කරමින් රනිල්ගේ පාර්ශ්වය නියෝජනය කළේ 12 දෙනකු පමණය. ඉතිරි හටකට ආසන්න ප්‍රමාණය මෙම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේපකරනු ලැබ තිබේ.

මේ අනුව එම ව්‍යවස්ථාවට නව සංශෝධන හෙට දිනයේදී සාකච්ඡාවට ගැනීමේ එකඟතාවය මත මෙම රැස්වීම අවසන් වී තිබේ.

කෙසේ නමුත් එජාපය බරපතල අනතුරකින් අද දිනයේදී බේරී තිබේ. වඩා වැදගත් වන්නේ රනිල් වික්‍රමසිංහගේ ඒකාධිපති නායකත්වය තවදුරටත් තබාගෙන එජාපය විනාශ කර ගන්නවාද නැතිනම් එජාපය ශක්තිමත් කර රටේ බලය අත්පත්කර ගන්නවාද යන කාරනා දෙක ගැන සාකච්ඡාවකි. එළඹෙන ජනධිපතිවරණය ජය ගැනිමට නම් එජාපය සෙසු පක්ෂ කණ්ඩායම් සමඟ සන්ධානයකට යෑම විය යුතුව තිබේ. එජාපයට තනිව තරගකර ලැබිය හැකි ජයග්‍රහණයක් නැති බව පැහැදිලි කාරණාවකි.

එහෙත් ඒ මුවාවෙන් රනිල් සහ කල්ලියේ පෞද්ගලික දේශපාලන අපේක්ෂාවන් වෙනුවෙන් මෙම සන්ධානය යොදා ගැනීමට කටයුතුකර තිබීම ලැජ්ජා සහගත කරුණකි. පක්ෂය ගත යුතු තීන්දු තීරණ වෙනත් පිටස්තර කණ්ඩායමක් අතට පත්කර එමඟින් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනිමට කල්පනා කරන දේශපාලන පක්ෂ නායකු වේ නම් එහි සරළම තේරුම ඔහුගේ නායකත්වය පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරන බවය.

එමෙන්ම මෙම නව පෙරමුණේ ලේකම් ධුරය එජාපයෙන් පිටස්තරයකුට යෑම වැලක්විය යුතු බවට දැඩි මතයක් ප්‍රකාශයට පත් වූ අතර මෙහිදී එම වගකීම තමා බාර ගැනීමට කැමති බව සජිත් ප්‍රේමදාස සිය කැමැත්ත ප්‍රකාශ කර තිබිණි. මේ සජිත් ප්‍රේමදාස, රනිල් ඇතුළු කල්ලිය වෙත එල්ල කරන ලද මලිටි බැරල් ප්‍රහාරයක් බව ද පැහැදිලිය.

සැබැඳි පුවත්:

රනිල් සදාකාලික නායකයා කරන අලුත් පෙරමුණ ගැන තව දුරටත්..

රනිල් එජාපයට ද්‍රෝහී වෙයි.. පක්ෂයේ තීන්දු ගැනීමේ බලය පිටස්තරයන්ට..හෙට ගිවිසුම අනුමතයි !

මටත් ජනපති වීමේ සිහිනයක් තියෙනවා..නමුත් ජනතාව ඉල්ලන්නේ සජිත්ව - මංගල

ගෝඨා නැතුවත් බෑ.. සජිත් නැතුවත් බෑ.. දෙපිළටම වෙන විකල්පත් නෑ

එජාප ජනපති අපේක්ෂකයා සජිත් ! මන්ත්‍රී කණ්ඩායම තීරණයක් ගනී !! කූජිත කල්ලිය පරාජය බාරගනී.

රනිල්ට බැරි වුණොත් රාජිත ජනාධිපතිවරණයට. ස්වර්ණවාහිණියත් ඒ පැත්තට

 

 

Last modified on Thursday, 01 August 2019 17:29

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us