රනිල් එජාපයට ද්‍රෝහී වෙයි.. පක්ෂයේ තීන්දු ගැනීමේ බලය පිටස්තරයන්ට..හෙට ගිවිසුම අනුමතයි ! Featured

Published in පුවත්
Wednesday, 31 July 2019 18:46

එක්සත් ජාතික පක්ෂයේ සිය ඉතිහාසයේ මුහුණ දෙන දරුණුම හෝදාපාළුවට හෙට උදෑසන මුහුණ දීමට නියමිතය. එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තොරා ගැනීමේ සිට එජාප සියළුම දේශපාලනය තීන්දු තීරණ ගැනීමේ වගකීම හෙට උදෑසන එජාප නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී රැස්වන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී පිටස්තර පාර්ශ්වයකට පැවැරීමේ තීන්දුව ගනු ඇත.

රනිල් වික්‍රමසිංහ මේ වෙනුවෙන් කුඩා දේශපාලන කණ්ඩායම් එක් කර ගත් පුළුල් පෙරමුණක් සූදානම් කරගෙන තිබේ ' ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ' (democratic National Front) නමින් මෙම පෙරමුණ ගොඩනැගීමට මේ වන විට සියල්ල සූදනම්ය. මේ පෙරමුණේ ව්‍යුහය එහි බලතල ආදිය ගැනද මේවන විට තීන්දු කර අවසන්ය. පහතින් දැක්වෙන්නෙ එම ලේඛනයන්ය.

එජාපය නොමැතිව එජාපයේ තීදු ගැනීමේ බලයත්

ඒ අනුව එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද යන්න තීන්දු කිරීමෙ බලය එම පෙරමුණට හිමිවනු ඇත. එපමණක් නොවේ අනාගත අගමැතිවරයා කවුද මැති ඇමැතිවරුන් කවුද ඒ සියල්ල්ලම මෙම නව පෙරමුණේ නායකත්වය විසින් තීරණය කරණු ඇත.

මෙම පෙරමුණේ සංයුතිය අනුව එජාපයට බහුතරය හිමි වන්නේ එක් නියොජිතයකු මඟින් පමණය එනම් මෙම පෙරමුණට සම්බන්ධ වන අනෙක් පාර්ශ්වයන් සමඟ එකඟ වී ඇති ගිවිසුම අනුව එහි නායකත්ව මණ්ඩලයේ සියයට 50 ක් සහ එක් මන්ත්‍රීවරයකු ලෙස එජාපයට හිමි කොටස තීරණය වී ඇත. ඒ අනුව එජාපයේ එක් නියෝජිතයකු නොමැති අවස්ථාවක එජාපයට වඩා බහුතරක් අනෙක් පක්ෂ වලට හිමිවනු ඇත. නායකත්ව මණ්ඩලයේ අවසන් තීන්දු ගැනෙන්නේ සියයට 70ක බහුතරයකින් නිසා එජාප නියොජිතයකුගේ සහභාගිත්වය අත් හි‍ටුවා අවශ්‍ය ඕනැම තීන්දුවක් ගැනීමේ හැකියාව මෙම පෙරමුණට හිමිව තිබේ.

කාර්යාලය රාජිතගේ

එපමණක් නොවේ. මෙම නව පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ලෙස එජාප මුලස්ථානය යොදා ගැනීමද රනිල් වික්‍රමසිංහ විසින් වලක්වා ඇත. මෙම ගිවිසුමෙ මුල් කෙ‍ටුම් පතෙහි මුලස්ථනය ලෙස 'සිරිකොත' නම් කර තිබුණද එය ඉවත් කර දැන් ' අංක 146, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත කොළම 05 ලිපිනයක් ලබා දී ඇත. අප කළ සොයා බැලීමේදී හෙළි වූයේ එම ගොඩනැගිල්ල ඇමැති රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමෙන්තු මන්ත්‍රී චතුර සේනාරත්නට අයත් ගොඩනැගිල්ලක් බවය.

එජාප මන්ත්‍රීලා සුන්නත් කරයි

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එජාපයේ තීන්දු තීරණ ගැනිමේ බලය එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයෙනුත් , එජාප පාර්ලිමේන්තු කණ්ඩායමෙනුත් ඉවත් කර එය තමන් අතට ගැනීම සඳහ රාජිත සෙනාරත්න , රවී කරුණානායක, චම්පික රණවක ආදි පිරිසක් මුල සිටම කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළ අතර මෙම අලුත් පෙරමුණ ගොඩ නැගුවේ ඒ අනුව බව පැහැදිලිය.

පෙරමුණේ නායකයා ‍තෝරා පත්කර ගැනීම, ලාංඡ්නය තීරණය කිරීම, එළඹෙන මැතිවරණ සියල්ලේ අපේක්ෂකයන් තෝරා ගැනිම, පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීන් සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීම ආදියද මෙම නායකත්ව මණ්ඩලයට හිමි බලතල අතර වෙයි.

කෘත්‍යාධිකාරි මණ්ඩලය ෂුවර් නෑ

මේ වන විට කෘත්‍යධිකාරී මණ්ඩලයේ බහුතරයද රනිල් වික්‍රමසිංහට නොමැති බව පෙනී යාම නිසා රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික දේශපාලන අපේක්ෂාවන් ඉ‍ටුකර ගැනීමට බධාවක් ඇතිව තිබිණි. වෙනදා එජාපයේ අවසන් තීන්දු ගැනුනේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මඟිනි. එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ අති බහුතරය එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කළ යුතු යැයි කියන ස්ථාවරයේ සිටීමත් ඒ අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලයේද බහුතරයක් ඒ පි‍ටුපසින් පෙළ ගැසීමද නිසා එජාපයේ තීන්දු ගැනීමේ බලය එජාපයෙන් පිටස්තර කණ්ඩායමකට ලබා දිම රනිල්ගේද අවශ්‍යතාවය ඉ‍ටුකරන්නකි.

එජාප රනිල් කල්ලිය

කොහොම නමුත් මෙම අනුව පෙරමුණේ නයකත්ව මණ්ඩලය අවසන් තීදුවක් ගන්නේ නම් එහි සංයුතියෙන් සියයට 70ක් එකඟ විය යුතුව තිබේ. එජාපය වෙනුවෙන් මෙම නායකත්ව මණ්ඩලය නියෝජනය කරන්නේ රනිල්ගේ සහ රවී රාජිත චම්පික කණ්ඩායමේ සාමාජිකයන් වන අතර සෙසු පක්ෂ නියොජිතයන්ද එම කණ්ඩායම විසින් එකතු කර ගත් පිරිස වෙයි. මේ නිසා ඉතා පහසුවෙන් රනිල් රාජිත රවී චම්පික කණ්ඩායමට අවශ්‍ය තීන්දු ගැනීමේ හැකියාව ලැබී තිබේ. නිදසුන් ලෙස මෙම නායකත්ත්ව මණ්ඩලයට රාජිත සහ ඔහුගේ පුත් චතුර, චම්පික සහ ඔහුගේ මිතුරු කරුණාරත්න පරන විතා ඇතුලත්ව සිටී. පෙරමුණේ නිර්මාතෘවරුන් ලෙස රාජිත සහ අර්ජුන රණතුංග නිත්‍ය සාමාජිකයන් ලෙස නායකත්ව මණ්ඩලයට ඇතුලත් කර ද තිබේ.

රිෂාඩ් හකීම් දැන් විරුද්ධයි

කොහොම නමුත් මෙම අලුත් පෙරමුණ සම්බන්ධයෙන් එජාපයට මෙතරම් කාලයක් විශාල සවියක් වූ රිෂාඩ් බදුර්දීන් සහ රාවුෆ් හකිම් යන ප්‍රබලයන්ගෙ එකඟතාවය මුල සිටම තිබූ නමුත් මෙවන විට ඔවුන්ගේ විරෝධයට ලක්වී තිබේ. මන්ද මෙය රනිල් කල්ලියේ දේශපාලන කුමන්ත්‍රණයක් බවට ඉතා පැහැදිලි බැවිනි. මෙම තත්වය හමුවේ එජාපය ශක්තිමත් කරන්න යැයි කියමින් නව පෙරමුණක් ගොඩ නැගුවද එය එජාපයේ දෙදෙරීමකට හෙතු වනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයද මෙයට එරෙහිව සිටින නිසා අලුත් පෙරමුණ නියත වශයෙන්ම එජාපය විනාශ කරන්නක් වී නොවැලැක්විය හැකිය.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මීට පෙර රනිල් හිතවාදී බහුතරයක් ලෙස පැවතිය ද එය පසුගිය වසර කිහිපයේදී ඔහුට අහිමි වූයේ ඔහුගේ දෙපිට කා‍ට්ටු වැඩ පිළිවෙල නිසාය. පක්ෂය ශක්තිමත් කිරීම වෙනුවට ඔහුගේ සහ අලුත් කල්ලියේ වුවමනාවන් වෙනුවෙන් ඔහු කටයුතු කිරීමය .රනිල් වික්‍රමසිංහ 2015 න් පසුව එජාප කෘත්‍යාධිකරි මණ්ඩල රැස්වීම් වාර්තා කිසිවක් හෝ පවත්වාගෙන ගොස් නොමැත. එහි ගන්නා තීන්දු තීරණ වෙනුවට රනිල් විසින් ගන්නා තීන්දු තීරණ ක්‍රියාවට නංවා තිබිණි. අවම වශයෙන් එජාපය මෙවර ජනාධිපතිවරණයට පුළුල් පෙරමුණක් ලෙස අනෙකුත් පක්ෂ සමඟ සන්ධානයකින් තරග කළ යුතු බවට කෘත්‍යධිකාරී මණ්ඩලයේ සාක්ච්ඡාවකට මෙතෙක් අරගෙන තිබුණේද නැත. එහෙත් හෙට උදෑසන හදිස්සියේම පැවැත්වෙන රැස්වීමේදි මෙම පුළුල් පෙරමුණ අනුමත කරවා ගැනීමට සැලසුම් කර ඇත්තේ ඒ සම්බන්ධයෙ වාද විවාද විරෝධතා ආදිය දුර දිග යෑම වලක්වා මෙම අලුත් පෙරමුණ අනුමත කර ගැනීම වෙනුවෙනි.මෙම ‍රැස්වීම සිරිකොත පරිශ්‍රයේදී නොපවත්වා අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට තීරණය කර ඇත්තේ බාධාවකින් තොරව රහසිගතව මෙම තීන්දුව ගැනීම වෙනුවෙනි.

එජාපයේ අවසානය රනිල් තීන්දු කරයි

එක්සත් ජාතික පක්ෂය සිය ඉතිහාසයේ මෙතරම් බාල්දු වූ යුගයක් ඇත්තේ නැත. පක්ෂයට අදාලව තීන්දු තීරණ ගැනීමේ බලය පවා පිටස්තර පාර්ශ්වයකට පැවරීමට තරම් පක්ෂය බංකොලොත් වී ඇත.
මේ රනිල් වික්ර්මසිංහගේ නායකත්වයේ තරමය පක්ෂය තුල සිය නායකත්වය තහවුරු කර ගැනීමට නොහැකි තැන පක්ෂයේ බලය අභිමානය සහ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දමා පක්ෂයට පිටස්තර පුද්ගලයන් ලවා තමන්ගේ පෞද්ගලික දේශපාලන පැවැත්ම වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා තැනට ඔහු පත්ව තිබේ. අවසානයේදී එජාපය මුලුමනින්ම නිවට නියාලු පක්ෂයක් බවට පත් වී එහි ගමනක අවසානය සනි‍ටුහන් කිරීමට එහි දීර්ගතම කාලයක් නායකත්වය දැරූ රනිල් වික්‍රමසිංහ කටයුතු කරනව ඇත.

unp front doc 1unp front doc 2

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us