රනිල් අමරිකන් විරෝධියෙක් ! හම්බන්තොට වරාය චීනෙට දුන්නෙ ඒකයි - විජේදාසගේ අලුත් මතය

Published in පුවත්
Wednesday, 31 July 2019 13:33

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ හම්බන්තොට වරාය චීන සමාගමකට පවරා දුන් නිසා බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ එයට අගමැති රනිල් වික්‍රමසිංහ වගකිවයුතු බවත් පවසයි.

මෙම වරාය පවරා දීමට සූදානම් වෙද්දී ඇමරිකාව සහ යුරෝපය මෙය චීන රජයට හෝ සමාගමකට නොදෙන ලෙස බලපෑම් කළ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය ඊට කන් නොදුන් බව විජේදාස අවධාරණය කරයි..එනම් මෙහිදී රනිල් කටයුතු කර ඇත්තේ අමරිකන් විරෝධි බටහිර විරෝධී ප්‍රතිපත්තියක පිහිටාය.

ඒ නිසා ඇමරිකාව ත්‍රස්තවාදී කණ්ඩායමක් භාවිතා කරමින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ඇති කළ බව පැවසූ ඒ මහතා ඒ අනුව හම්බන්තොට වරාය ගිවිසුම ජාතික ආරක්ෂාවට බාධාවක් හෙයින් එය වහාම අහෝසි කළ යුතු බව සඳහන් කළේය. එනම් විජේදාස ජාතික ආරක්ෂාව වෙනුවෙන් යෝජනා කර සිටින්නේ හම්බන්තොට වරාය අමරිකාවේ පාලනයට ලබ දිය යුතු බවය, නැතිනම් ඉදිරියේදී තවත් බෝම්බ ප්‍රහාරයන්ට ලක්විය හැකි බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us