ශිරාල්ගේ ගජ මිතුරන් ආණ්ඩුකාර ධුර වලින් ඉවතට

Published in පුවත්
Saturday, 03 August 2019 11:39

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට හා දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන්ට වහාම එම තනතුරුවලින් ඉල්ලා අස්වැන්නයි ජනාධිපතිවරයා ඊයේ (02) රාත්‍රී දැනුම්දීමක් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එසේම, ලබන අඟහරුවාදා කාම්බෝජයේ නිල සංචාරයක නිරතවීමට සිටින ජනාධිපතිවරයා, සඳුදා උදෑසනම තමා හමුවන්නැයි ඔවුන් දෙදෙනාට දැනුම් දී ඇතැයි ද එම ආරංචිමාර්ග කියා සිටියි.

ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලකගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු වන මොවුන් එම තනතුරු වලට පත් කිරීම් කෙරෙහි මෙම මිත්‍රත්වයට වඩා දෙයක් තිබුණේ නැති බව ප්‍රකට කාරණාවකි.

මෙසේ මොවුන් දෙදෙනා හදිසියේම ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ ඔවුන් දෙදෙනාගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් ගෙන් එල්ලවී ඇති චෝදනා බව පැවසේ.

මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් හා අදාල පළාත්වල ශ්‍රීලනිප ආසන සංවිධායකයින් නොසලකා හරිමින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට පමණක් කටයුතු කරමින් සිටින බවට පසුගියදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ද චෝදනා එල්ලවී තිබිණ.

මෙසේ මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන ලෙස දැඩි බලපෑමක් එල්ල කර ඇත්තේ මාතලේ දිස්ත්‍රීක්කයේ ශ්‍රීලනිප ප්‍රධානියෙකි. ඒ, මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරයා මෑතකදී කිතුල් රා ව්‍යාපාරයට බලපත් ලබාදීමෙන් අදාල මන්ත්‍රීවරයාගේ අරක්කු ව්‍යාපාරයට බලවත් පහරක් වැදී ඇති නිසා බව පැවසේ.

එසේම, එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා හා නුවරඑළිය ශ්‍රීලනිප සංවිධායක රොෂාන් ද මෛත්‍රී ගුණරත්නට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබේ.

ඒ අතර කිර්ති තෙන්නකෝන් ආණ්ඩුකාරවරයා 'පොහොට්ටු' පක්ෂයේ සංවිධායකයින්ට වාසිසහගත ලෙස කටයුතු කරන බවට සන්ධාන මහ ලේකම්, මහින්ද අමරවීර මන්ත්‍රීවරයා හා දකුණේ ශ්‍රීලනිප ආසන සංවිධායකින් කිහිප දෙනෙකුම ජනාධිපති හමුවේ ප්‍රකාශකර ඇත.

මේ අතර, ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පොහොට්ටු පක්ෂයේ ප්‍රචාරකයකු වෙමින් සිදුකරන දේශපාලනය සම්බන්ධයෙන් ද ශ්‍රීලනිප නායකයින්ගෙන් විවේචනයක් එලවෙමින් තිබු අතර ඒ අනුව ඔහුගේ පියා වන මාෂල් පෙරේරා ද පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විය.

දකුණේ ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා දැනුම්දීමක් කර ඇද්දැයි කළ විමසීමකදී කිර්ති තෙන්නකෝන් පවසා ඇත්තේ, ජනාධිපතිවරයා මෙතෙක් එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.

එහෙත්, තමාව ඌව ආණ්ඩුකාර ධුරයට පත්කර මෛත්‍රී ගුණරත්න දකුණේ ආණ්ඩුකාරවරයා කිරීමේ සැලැස්මක් ඇතිබවට වාර්තා වී ඇතැයි ඔහු කියා සිටියි.

කෙසේවුවද මෛත්‍රී ගුණරත්න ජනාධිපතිවරයාගේ උපදේශකවරයකුට දැනුම් දී ඇත්තේ, තමාට ඉවත්වන ලෙස දැනුම්දීමක් ලැබුනහොත් මින් අනතුරුව කිසිඳු තනතුරක් බාර නොගන්නා බවයි.

 

the leader ඇසුරෙණි.

Last modified on Saturday, 03 August 2019 11:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us